Seo Services
Results for LOCAL NEWS

කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි

January 26, 2020
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළඳින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසීය.
කොළඹ නගරයේ පොදු ස්ථාන, හෝටල් සහ ආපනශාලාවලට ඇතුළු වීමේ දී මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසත් හෝටල් කාර්ය මණ්ඩලය හා සේවකයන්ට මුඛ ආවරණ පළඳින ලෙසත් දන්වා සිටී.
කොළඹ වසංගත රෝග ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර  මහතා නිවේදනයක් නිකුත් කරමින් රෝගය වළක්වාගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සඳහන් කරයි.  එම නිවේදනයේ මෙසේද දැක්වේ.
නව කොරෝනා වෛරසය එක් පුද්ගලයකුගෙන් තවත් අයෙකුට පැතිරීමේ හැකියාව ඇත. චීනයෙන් වෙනත් රටවලට පැතිරුණු ආකාරයටම මෙම රෝගය ලංකාවටද පැතිරීමේ අවදානමක් ඇති බැවින් එවැන්නක් වළක්වාගැනීම සඳහා මජහන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ඇත.
ශ්‍රී ලංකාවට ඇතුළු වන තොටුපළවල ඒ සඳහා අවශ්‍ය පෙර සූදානම් ක්‍රියාත්මක කර ඇත. ඒ අතර:
  • ලංකාවට පැමිණෙන ගුවන් මගීන් මෙම රෝගය පිළිබඳව ගුවනේදීම දැනුවත් කරන අතර යමෙකුට රෝග ලක්ෂණ එනම්, අධික උණ, කැස්ස, සෙම් ප්‍රතිශ්‍යාව සහ හුස්ම ගැනීමේ අපහසුතාව තිබේ නම්, ගුවන් තොටුපළේ සෞඛ්‍ය අංශයට වාර්තා කරන ලෙසට උපදෙස් ලබා දෙනු ලැබේ.
  • ගුවන් තොටුපළේ සෞඛ්‍ය අංශය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.
  • ලංකාවට පැමිණෙන මගීන් අතර උණ සහිත රෝගීන් සිටීදැයි නිරීක්ෂණය කිරීම සඳහා ස්කෑනර් යන්ත්‍ර ස්ථාපනය කර ඇත.
  • ස්වසන රෝග ලක්ෂණ සහිත මගියකු ගුවන් තොටුපළ සෞඛ්‍ය අංශයට වාර්තා වුවහොත් ඔවුන්ට නව කොරෝනා වෛරස රෝගය තිබේදැයි සැක කළ හැකිද යන්න පරීක්ෂා කරනු ඇත.
  • එවැනි අවධානමක් තිබේ නම් ඔවුන් රෝහල් ගතකර අවශ්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාදෙනු ඇත.
ගත යුතු ක්‍රියාමාර්ග -
  • ජනාකීර්ණ තැන්වල ගැවසීමෙන් වළකින්න.
  • අත් නිතර සබන් යොදා සේදීම සහ ඇල්කොහොල් සහිත පිරිසිදු කාරක යොදා පිරිසිදු කරන්න.
  • කහින විට හෝ කිවිසුම් යනවිට අතේ වැළමිට ප්‍ර දේශය පාවිච්චි කර මුඛය හා නාසය ආවරණය කරගන්න. නැතිනම් ටිෂූ පාවිච්චි කර ඒවා ආරක්ෂිතව අපහරණය කරන්න.
  • උණ සහ කැස්ස සහිත අය සමීපව ආශ්‍රය කිරීමෙන් වළකින්න.
  • ඔබ නව කොරෝනා වෛරස් රෝගය සහිත පළාතක සිට පැමිණි පසු උණ සහ කැස්ස වැළඳේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න.
 උපුටා ගැනීම -  http://www.lankadeepa.lk
කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි Reviewed by CHAA MEDIA on January 26, 2020 Rating: 5

වසර විස්සකට පෙර ගෝනගල සමූල ඝාතනය ගමට අදත් සරණක් නෑ

August 03, 2019


 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif
ගෝනගල ජනපදයට යන පාර

රාත්‍රීයේ ත්‍රස්තවාදීන් ගමට පැමිණියේ මෙම වෙල් යාය ඔස්සේයි



ගෝනගල බන්ට් එකට හැරෙන තැන වංගුවේ තිබුණ පහන්කණුවේ දැල්වෙන විදුලි ලාම්පුව වටා දහස් ගණනක් මෙරු රංචු බමමින් සිටියහ. 

පිනි පොද වැටෙමින් තිබුණ එදින මධ්‍යම රාත්‍රියද එළැඹෙමින් තිබිණ.

හැත්තෑ හතේ බණ ගෙදරට පැමිණි අසල්වාසීන් පසුවදා පැවැත්වෙන සාංඝික දානය වෙනුවෙන් විවිධ කටයුතුවල නිරත වෙමින් සිටියහ.

කාන්තාවන් බොහෝ දෙනෙක් පසුවදා සාංඝික දානයට අවශ්‍ය කැවිලි පෙවිලි සූදානම් කරමින් සිටියහ. මේ කියන්නේ 1999 සැප්තැම්බරයේ දිනයක් ගැනය. ගෝනගල ගමේ මැද බන්ට් එකේ පිහිටි 77 නිවසේ පදිංචිවී සිටි එච්.එම්. රන්හාමි මහතා කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්ව මියගියේ 1999 ජූලි මාසයේදීය. ඔහුගේ තුන් මාසයේ බණ සහ දානය යෙදී තිබුණේ 1999 සැප්තැම්බර් 17 සහ 18 දින වලදීය. 

මෙදින රාත්‍රී 77 නිවස ඉදිරිපිට ඇති වෙල් යාය ඔස්සේ පූච්චිකුඩි වනගත ප්‍රදේශයේ සිට කොටි ත්‍රස්තවාදීන් හතළිහකට ආසන්න පිරිසක් ආයුධ සන්නද්ධව ළඟා වෙමින් සිටි බව කිසිවෙකු හෝ දැන සිටියේ නැත.  මේ අතර ඔවුන් මුලින්ම ‘කුරුණෑගල බන්ට්’ එකට මධ්‍යම රාත්‍රියේ පැමිණ ඇති අතර එහි කාන්තාවක බිය ගන්වා පොලිසිය හා සිවිල් ආරක්ෂක භටයින් ස්ථානගතව සිටින තැන් ගැන තොරතුරු විමසා තිබිණ. 

පසුව මැද බන්ට් එකට පැමිණි කොටි ත්‍රස්තයෝ එම නිවාස පේළියේ පදිංචි මුතුකුමාරණ නමැති ගොවි මහතෙකු අල්ලාගෙන ඔහුගේ දෑත් පිටුපසට තබා බැඳ නිවෙස් කීපයකට ගොස් ඇති බව එදින කළ පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය විය.

නිවැසියන්ගේ නම කියා ඔහු ලවා කතා කොට ඔවුන් අවදි කරවාගෙන නිවෙස්වලින් පිටතට පැමිණි විට ඝාතනය කර පසුව එම ගොවි මහතාද හිත් පිත් නැති ත්‍රස්තවාදීන් විසින් මරා දමා තිබිණ. 

ඉන්පසුව ත්‍රස්තවාදීන් 77 නිවසට පැන විලාප නගමින් අභයදානය ඉල්ලා සිටි පිරිස එකා පිට එකා වැටෙන ලෙස තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබිණ. 31/86, 31/92, 31/86 සහ 31/80 යන නිවෙස්වලින් නැගුණ විලාපවල දෝංකාරය හැටේ හන්දිය දෙසටද පැතිර ගියේ සමස්ත ජන ජීවිතය බියෙන් හා ත්‍රාසයෙන් මුසපත් කරමිනි. 
කේ.එච්. රත්නසේන මහතා ඒ භීම රාත්‍රිය ගැන මෙසේ පැවසීය. 

පාන්දර 2.30 ත් 3.00ත් අතර කාලයේදී කොටි කපනවෝ....! මෙන්න කොටි ඇවිල්ලා....! අපව මරනවෝ....!! කවුරුත් නැද්දෝ... යන විලාප හඬ ඈතින් ඇසුණා. ටික වෙලාවක් යනකොට මගේ ගේ ළඟ පාරෙන් වාහන ගමන් කළා. ලොකු සිද්ධියක් වෙලා තියෙන බව වාහන වලින් ගිය අයගේ කතාවෙන් තේරුණා. 

බයෙන් බයෙන් මම අහස් එළියෙන් බන්ට් එකට ගිහින් බලනකොට 76 ගේ ළඟ ඉඳලා තෝමස් අයියලාගේ ගේ දක්වා කොටසේ මිනිස්සු පිරිලා හිටියා. සමහරු විලාප නගනවා. හතර වටේම එකම ගාලගෝට්ටිය... තුවාල ලබා සිටි අය ආරක්ෂක අංශවල නිලධාරීන් රෝහලට අරන් ගියා. 

ඒත් එක්කම පොලිසිය ග්‍රාමාරක්ෂක කණ්ඩායම් එක්ක හමුදා ඇඳුම් ඇඳ සිටි රජයේ ආරක්ෂක අංශ ඇවිත් වෙල් යාය හරහා පලායමින් සිටි කොටින්ට වෙඩි තබමින් පලවා හැරියා. කොටි පහේ කෑල්ල හරියේ රාණමඩුව එරකෙටිවට්ටේයි වෙල් යාය දෙසට පසු බැස්සා. 77 ගෙදරට ගිහින් බලනකොට එක කාමරයක මුල්ලේ 14 දෙනෙක් එක ගොඩේ කපා දමා තිබුණා. 



රංහාමි මහතාගේ වඩුමඩුව තවමත් එලෙසම පවතින අයුරු.

බොහෝ දෙනෙකු අවසන් සුසුම් හෙළුෑ 77 බණ ගෙදර

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනපද වැසියන්ගේ නාමාවලිය සහිත ස්මාරකය



මෙම ප්‍රහාරයෙන් වැඩිහිටියන් සහ ළමයින් ඇතුළු 44 දෙනෙකු ඝාතනයට ලක්ව තිබුණ බව නිල වාර්තාවල සඳහන් විය. 14 දෙනෙක්ම වයස 12ට අඩු බාල වයස්කරුවෝ වූහ. මියගිය පිරිස අතර ඔවුන්ගේම දූදරුවන් සැමියන් බිරියන් මව්පියන් හා හිතවත්හුද වූහ. මෙම ප්‍රහාරයෙන් මිය ගොස් සිටි පිරිස අතර ගැබිනි කාන්තාවන් දෙදෙනෙකු සිටි බවත් ඔවුන්ගේ උදර පෙදෙස කිසියම් තියුණු ආයුධවලින් කපා දමා තිබුණ බවත් නොරහසක් විය. 

අම්පාර මඩකළපුව දිස්ත්‍රික් මායිමෙහි ඇති මෙම ගොවි ජනපදය අම්පාර නගරයේ සිට කිලෝමීටර් 20ක් දුරින් පිහිටා ඇත. එදා මෙම සිද්ධිය පැතිරයාමත් සමග නන්දෙසින් පැමිණි දහස් ගණනක් ජනතාව උදෑසන ගෝනගල 31 ජනපදය වෙත ඇදී එන්නට වූහ. 

‘අනේ අපිට ඇයි මෙහෙම වුණේ? මේවා හෙන ගහන අපරාධ. මේ කාලකන්නින්ට හිතක් පපුවක් නැද්ද දෙයියනේ?’ කියමින් කාන්තාවක් බිම පෙරළීගෙන සිය දුක කියන්නට වූවාය. 
එදා ගෙයින් ගෙට ගිය අපට දැකගන්නට ලැබුණේ ත්‍රස්තවාදීන් සෑම නිවසකම තිබුණ කැබිනට් සහ පෙට්ටගම් හැර මුදල් සහ රන්බඩු කොල්ලකා ඇති අයුරුය. වී වගා කන්නය සඳහා තම රන්බඩු බැංකුවලට උකස් කොට ගොවිතැන් කළ ගෝනගල ගමේ ගොවීන් එම උකස් බඩු නිදහස් කරගෙන තිබුණ අවදියකි ඒ. 

එසේම මුදල් හදල් නිවෙස්වල තිබිණි. 

එම දේපල සොයා අල්මාරි, ලී කැබිනට් අවුස්සා ඒවායේ තිබුණ මුදල් සහ රන්බඩු ත්‍රස්තවාදීන් මෙසේ කොල්ලකා තිබෙන බව ගම්වාසීහු පැවසූහ. 

මේ අතර මහරෑ මැද බන්ට් එකේ කෙළවර පිහිටි ග්‍රාමාරක්ෂකයෙකුගේ නිවසට පැමිණ එහි පදිංචි තෝමස් සිංඤ්ඤෝ කපු මහතා ඇතුළු නව දෙනෙකු කපා කොටා මරාදමා තිබුණි. මෙම තොරතුරු සොයා ඉකුත්දා අප එහි යනවිට දක්නට ලැබුණේ එම නිවසේ අත්තිවාරම පමණක් ඉතිරි වූ පාළු ඉඩමකි. 

77 නිවස ඒ ආකාරයෙන්ම තිබුණ අතර එහි වෙනසකට වූයේ වෙනත් තීන්න ආලේප කර තිබීම පමණකි. එහි වෙනත් පවුලක් අලුතින් පදිංවී සිටියහ. ඒ අසල තිබුණ රංහාමි මහතාගේ වඩු මඩුවද පාළුවට ගොස් තිබිණ. 

අසල් වාසීන් පැවසුවේ එදා කොටි ප්‍රහාරයට ලක්වූ අවස්ථාවේ කාමරකට දමා වසාසිටි එම නිවසේ ඉතිරිවූ එකම තරුණයා පසුව එම නිවස වෙනත් අයෙකුට විකුණා දමා ගමෙන්ද පිටවී ගොස් ඇති බවය. වෙනසකට තිබුණේ විසි වසරක් ගතව ගොස් තිබීම පමණකි. අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මඩකළපුව මායිමෙහි පිහිටි ගෝනගල ගමට සංවර්ධනයේ හිරු කිරණ වැටී නැත. එහිදී මුණ ගැසුණ ආර්. මාගරට් මෙසේද කීවාය. 

මහත්තයෝ එදා තිබුණ ගෙවල් දොරවල් පවා තවමත් ඒ විදියටම තියෙනවා. තෝමස් මාමාගේ ගෙය තිබුණු තැන දැන් තියෙන්නේ අත්තිවාරම විතරයි. ඒ ගෙය ගරා වැටුණා. එදා මෙම ප්‍රහාරයට සම්මාදම් වුණ එවුන් දැන් බැටළු හම් පොරවගෙන තවමත් ඉන්න පුළුවන්. උන්ට කවදා හරි මේ අපරාධවලට සොබා දහමෙන් හරි වන්දි ගෙවන්න වෙනවා යැයි ඇය කී කතාව සනාථ කරන්නට මෙන් ඒ අවට එදා දකින්නට තිබුණ පුවක් අරඹ තවමත් එලෙසම තිබෙනු මම දුටුවෙමි. ගම පාළුවට ගොස් තිබිණ.

බණ ගෙදරට කොටි ඇවිත් මිනිස්සු කපා කොටා දමනකොට මගේ මහත්තයාත් එතන ඉඳලා මැරුම් කෑවා. කාටද මේ අපරාධය කියන්නේ? යැයිද ඇය දුක්මුසු සරින් පැවසුවාය. 
ඔවුන් වෙනුවෙන් මෙම සටහන තබන්නේ එදා දිවි ගලවා ගත් දෙවැනි පරපුරේ දරුවන්ටද දැන් විසි වයස් සපිරෙමින් පවතින බැවිණි. 

ඔවුන් මෙම ප්‍රහාරය ගැන හරිහමන් තොරතුරු නොදනිති. ගෝනගල ශෝකාන්තයේ උච්චතම අවස්ථාවටද අපි සහභාගි වූයෙමු. 

ඒ 19 දින මළ හිරු බැසයන හැන්දෑවේ පොදු සුසාන භූමියේ සමූහ මිනී වළක එම මළසිරුරු එකට මිහිදන් කිරීමේ සෝචනීය හෝරාවය. එවැනි දසුනක් දකින්ට අපේ දෑස් පාපතර විය. 

එදා සිරුරු මිහිදන් කළ අවස්ථාවේ රැස්ව සිටි ජනපදවාසීන් නැඟූ විලාප හඬ විනාඩි කීපයක් එක දිගට පැවතිණ. ගෝනගල ශ්‍රී සුමංගලාරාමාධිපති රන්සෑගොඩ මිත්තසිරි හිමියෝ අතිවිශාල ජනකාය පංසිල්හි පිහිටුවන ලදී. පසුව පිං අනුමෝදන් කොට ආගමික කටයුතු සිදුකෙරිණි.

ප්‍රියන්ගල ආරණ්‍ය සේනාසනාධිපති තල්ගමුවේ ශ්‍රී සුභූති හිමි වීරගොඩ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ විහාරාධිපති රූපහ විමලානන්ද හිමි බුද්ධංගල ආරණ්‍ය සේනාසනාධිපති කළුතර ධම්මානන්ද හිමි ඇතුළු හිමිවරු අනුශාසනා පැවැත්වූහ. ගෝනගලට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව එවකට සිටි වරාය පුනරුත්තාපන අමාත්‍ය එම්.එච්.එම්. අෂ්රොෆ් මහතා අලාභ, හානිවූ සෑම නිවසකටම රුපියල් 25000/- බැගින් හා මියගිය අය වෙනුවෙන් රුපියල් 50000/- වන්දි ගෙවීමට පුනරුත්තාපන අමාත්‍යංශයට නියෝග කර තිබිණ. 

මෙම ගමට යන ප්‍රධාන පාරද එදා මෙන්ම අදත් ගමන්කළ නොහැකි තත්ත්වයේ පවතී. ඒ ගැන අදහස් දැක්වූ ආර්.ඇම්. ඩිංගිරිබණ්ඩා මහතා අප සමග මෙසේ කීය. 

එදා මේ ගමේ සිදුවුණ ඛේදවාචකය දැකගන්න මැති ඇමතිවරුන් විශාල පිරිසක් මේ පාරේ ආවා ගියා. ඒත් පාර හැදුවේ නෑ. 1977 අවුරුද්දේ තමයි පාර හැදුවේ. ඒ ආණ්ඩුව පෙරළුනා. 28 හන්දිය දක්වා පාර නැවත තාර දාලා පාර හදන්න කෙනෙක් නැතිව ගියා. බලයට ආපු ආණ්ඩුවෙනුත් පාර ටිකක් හැදුවා. ඒත් සාර්ථක වුණේ නැහැ. දැන් පාරේ යන්න බැහැ. කොටි ගහලා අනාථ වුණ පවුල් ඇතුළු අනෙකුත් පවුල් අදත් කොටින්ට ශාප කරනවා. 

මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය ජනපද වැසියන් වෙනුවෙන් විහාරාධිපති රන්සෑගොඩ මිත්තසිරි හිමියන්ගේ අනුශාසනාව පරිදි ප්‍රදේශවාසීන්ගේ සහය මත ඉදිකළ ස්මාරකයක් ගෝනගල ගමේ ඇත. මෙම ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාාතීන් ඇතුළු එගම් වැසියන්ගේ අනාගත දියුණුවට රජයේ හෝ වත්මන් දේශපාලන අධිකාරියේ අවධානය යොමුකොට කිසියම් වැඩපිළිවෙළක් ඇති කළයුතු බව එගම්වාසීහු වැඩිදුරටත් යෝජනා කරති.
 
(මුද්‍රිත මාධ්‍ය වාර්තා ඇසුරිනි)



සංචාරක සටහන සහ සේයාරූ :
හිඟුරානේ නවරත්න සමරතුංග


උපුටා ගැනීම -  http://www.lankadeepa.lk
වසර විස්සකට පෙර ගෝනගල සමූල ඝාතනය ගමට අදත් සරණක් නෑ වසර විස්සකට පෙර ගෝනගල සමූල ඝාතනය ගමට අදත් සරණක් නෑ Reviewed by CHAA MEDIA on August 03, 2019 Rating: 5

අගරදගුරු හිමිපාණන්ගේ වෙසක් දින පණිවුඩය

May 17, 2019
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවෙන යන තෙමඟුල සමරන පූජනීය වෙසක් උත්සවයට බොදුනු ජනතාව වෙත ඉමහත් සෙනෙහසින් සුභාශිංසන පල කර සිටින බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සිය වෙසක් දින පණිවුඩයෙන් ප්‍රකාශ කර ඇත.
මානව වර්ගයා කෙරෙහි පමණක් නොව සියලු සතුන්ට මෛත්‍රිය පෑමට කියාදෙන උතුම් බෞද්ධ දර්ශනයට තමන් පෞද්ගලිකවම විශේෂ ගෞරවයක් දක්වන බව එතුමන් ප්‍රකාශ කරයි.
වසර 2500කට වැඩි කලක් මෙරට ජන විඥාණය පෝෂණය වන්නේ බෞද්ධ චින්තනයෙන් බවත් අදහන ආගම කුමක් වුවද ඒ හැම ආගමකටම බුදු දහම සරු පසක් බව කාදිනල් හිමි කියා සිටියි.
එසේ වන්නේ කිතු දහම ඇතුළු ලොව ප්‍රධාන ආගම් සියල්ලේම පදනම ප්‍රේමය වීම බව උන් වහන්සේ කියා සිටියි.
වෙනදාට වඩා අපේ ආගමික පැවැත්ම පරීක්ෂාවට ලක්වන සමයක වෛරය ආගම කරගත් ත්‍රස්තවාදය අද ආගම් සියල්ලටම බලවත් අභියෝගයක් බව එතුමන් සඳහන් කරයි.
එහෙත් වෛරය පරාජය කළ හැක්කේ මෛත්‍රියට පමණක් බවත් එබැවින් එය අධ්‍යාත්මික පැවැත්මේ කේන්ද්‍රය කර ගත යුතු බවත් උන් වහන්සේ පෙන්වා දෙයි.
වෛරයේ ගිනි නිවා සියල්ලන් සුවපත් කර උතුම් වු දැහැමියාවකට පිය නගමුයැයි කාදිනල් හිමියන් ප්‍රකාශ කර සිටියි.
අගරදගුරු හිමිපාණන්ගේ වෙසක් දින පණිවුඩය අගරදගුරු හිමිපාණන්ගේ වෙසක් දින පණිවුඩය Reviewed by CHAA MEDIA on May 17, 2019 Rating: 5

උණ ගස් කැපීමට ගිය සිසුවා විදුලිසරට බිලි

May 14, 2019
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
වෙසක් පහන් කූඩූ සෑදීමට උණ ගස් කැපීමට ගිය මරදන්කඩවල මාවතවැව ප‍්‍රදේශයේ දහසය හැවිරිදි පාසල් සිසුවෙකු 12 දා සවස පහට පමණ විදුලිය සැර වැදීමෙන් මියගොස් ඇතැයි කැකිරාව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අ/වලගම්බාහුව මහ විද්‍යාලයේ 13 වසර ඉගෙනුම ලබමින් සිටි මාවතවැව පේ‍්‍රමශාන්ත ඕෂධ නැමති දහසය හැවිරිදි පිරිමි දරුවෙකි. 12දා සවස සිය නිවස අසල ගෙවත්තකින් උණ ගසක් කපමින් සිට්යදී උණ ගස අධි බලැති විදුලි රැහැනේ වැදී විදුලි සැර වැදී අනුරාධපුර රෝහල වෙත රැගෙන යමීන් සිටියදී මරණයට පත් වී ඇත.

එළඹෙන වෙසක් පෝයට වෙසක් පහන් කූඩූ සැදිම සදහා උන පතුරු ලබාගැනිමට උණගසක් කපා ගැනීමට තමන්ගෙන්අවසර ලබාගත් බව උණපදුර හිමි ගෙවත්තේ කාන්තාව සදහන්  කළා ය.

මියගිය පේ‍්‍රමශාන්ත ඕෂධ ශිෂ්‍යා එලෙබෙන 15වෙනිදා වලගම්බාහුව මහ විද්‍යාලයේ ශිෂ්‍ය නායකයකු ලෙස පදක්කම් පැලදීමට සිටි බව ද විද්‍යාලයීය ගුරුවරයකු ස`දහන් කළේය. තිරිප්පනේ සමන් පෙරේරා 

උපුටා ගත්තේ - දිවයින
උණ ගස් කැපීමට ගිය සිසුවා විදුලිසරට බිලි උණ ගස් කැපීමට ගිය සිසුවා විදුලිසරට බිලි Reviewed by CHAA MEDIA on May 14, 2019 Rating: 5

අපටත් වෙසක්...

May 14, 2019
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අන්තවාදී ක්‍රියා හමුවේ සිත් ඔද්දල් වුව මේ මුසල්මානු අම්මා සිය දරු දෙදෙනා ඊයේ පාසල් කැඳවා ගෙන ආයේ ළඟ එන වෙසක් උලෙළට අපත් සුදානම් ය යන මහඟු පණිවිඩයත් රැගෙන ය. සෑම ආගමකින් ම ඉගැන්වෙන සාමයේ, සංහිඳියාවේ, ආදරයේ, පාඩමත් එය නොවේ ද?
ඡායාරූපය-ගාල්ල උතුර සමූහ දික්වැල්ලේ තිලකරත්න

උපුටා ගත්තේ -http://www.dinamina.lk/
අපටත් වෙසක්... අපටත් වෙසක්... Reviewed by CHAA MEDIA on May 14, 2019 Rating: 5

මිනිස් සිරුරේ රෝග නසන රාවණාගේ වෙද පොත හමුවෙයි

April 27, 2019
වසර පන්දහසක් පැරණියි

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif
අනාදිමත් ඉතිහාසයකට නෑකම් කියන ලග්ගල වෙද පරපුරේ පැරණි පුස්කොළ පොත් 



ලෝක උරුමයක් බවට පත්වූ නකල්ස් රක්ෂිත කලාපයට අයත් ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා විහිදී ගිය අතීත සිදුවීම් හා වත්මනේ දක්නට හා අසන්නට ලැබෙන බොහෝ දෑ සැබැවින්ම ඇස් අදහා ගත නොහැකි දේය. 

ඉපැරණි සිංහල වෙදකම පරම්පරාවෙන් පරම්පරාවට පවත්වා ගෙන යමින් අදටත් සිංහල වෙදකමේ විස්මිත හාස්කම් පාන ලග්ගල වෙද පරපුරේ තවත් අනගි කටයුත්තක් ඉරිදා ලංකාදීප පාඨක ඔබ වෙත තිළිණ කරන්නට ලැබීම භාග්‍යයක් සේ සලකමි.

දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව මිනිස් සිරුරේ සුව කළ නොහැකි රෝගයක් නොමැති තරම්ය.

 වසර පන්දහසකට වැඩි ඉතිහාසයකට නෑකම් කියන පරපුරක පුරුක් යැයි හඳුන්වන ලග්ගල පැරැන්නන් අතර හෙළ වෙදකමේ දක්ෂකම් දක්වන දේශීය වෛද්‍යවරුන් පිරිසක් තවමත් ලග්ගල ප්‍රදේශයේ නිහඬ සේවාවක නිරතව සිටිති.

ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන ලග්ගල ආයුර්වේද සංරක්ෂණ සභාව නියෝජනය කරමින් කටයුතු කරන පනහකට වැඩි වෛද්‍යවරුන් පිරිසක් ලග්ගල අදටත් වෙසෙති.

ඔවුනොවුන් අතරින් විවිධ ප්‍රතිකාර ක්‍රම සඳහා විවිධ දක්ෂකම් දක්වන පිරිස් බොහෝය. එහෙත් ඔවුනට සිය වෛද්‍ය විද්‍යාව තුළ ඖෂධ නිෂ්පාදනය කෙරෙහි බලපා ඇති ගැටලු රැසකි.

මෙම තත්ත්වය හොඳින් වටහාගත් දුම්බර මිතුරෝ පරිසර සංවිධානය ලග්ගල දේශීය වෛද්‍යවරුන්ගේ ආයුර්වේද නිෂ්පාදන ඉහළ නැංවීමේ අරමුණින් පසුගියදා වැඩසටහනක් සංවිධාන කර තිබිණි.

ඖෂධ නිෂ්පාදනයේ දී බලපාන ගැටලු විසඳා ඔවුන් නගාසිටුවීමේ අරමුණින් මෙම වැඩටහන සංවිධනය කර තිබිණි.

දින ගණනක් තිස්සේ විවිධ පූජෝපහාර පවත්වමින් මහ වන මැද ගමන් කර අවශ්‍ය ඖෂධ රැගෙනවිත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හෝ නොමැති “ලග්ගල නීල්‍යාදි තෛල්‍ය” සිඳීමේ කටයුතු සුභ නැකතින් පසුගියදා ආරම්භ විය.

සිය ගණනක් වූ දේශීය ඖෂධ වර්ග වෙන්කර නිසි පිළිවෙත් පුරා නීල්‍යාදි තෛල්‍ය ළිප මත තබන්නට ආයුර්වේද වෛද්‍ය (විශේෂ) ඩබ්ලිව්.එම්.කේ.එම්.ජී. කිරිබණ්ඩා වෙද මහතා අප ඉදිරියේ කටයුතු කළේය.

දින හතරක් මදගින්නේ කැකෑරෙන මේ අතිශ්‍ය වැදගත් තෛලය සිඳෙන්නේ අඳුරෙන් වටවූ ස්ථානයක දීය.

අනාදිමත් පරපුරක පස්වැනි පුරුක වන ආයුරේද වෛද්‍ය කිරිබණ්ඩා මහතා භක්තියෙන් සිය වෙද පරම්පරාවේ තතු අප හා හෙළි කළේ මහත් අභිමානයෙනි.
“ මේ තෙල හිඳිද්දි ගින්දර වැඩියේ දාන්නේ නැහැ. දින ගණනක් යන කටයුත්තක් පසුව තමයි ක්‍රම ක්‍රමයෙන් ගින්දර වැඩිකරන්නේ.

 දින හතරක් විතර යනවා මේ තෙල හිඳගන්න. මේ තෙලට කියන්නේ නීල්‍යාදි තෛලය කියලයි.

 නීල්‍යාදි කියන්නේ නිල් ඇවරිය ප්‍රධාන කරගත්තු ඖෂධ වට්ටෝරුවක් තමයි මේකේ තියෙන්නේ.

 නිල් ඇවරියවල තියෙන විශේෂ ගුණය තමයි හිස කෙස්වලට තියෙන ගුණය. හිස කෙස් කළු කිරීම, වැටීම, පෑසීම වගේ දෙවල් මේ තෙලෙන් නවත්වන්න පුළුවන්. ඒ වගේම මේ තෙලට එක්කරන අනෙක් ඖෂධවලින් හිසේ සෙසු රෝග මෙන්ම වාත රෝගවලටත් ප්‍රතිකාර ලැබෙනවා. සෙම, පිත වාගේ අවස්ථාවන් වලදී පවා මේ තෙලට එක්කර තිබෙන ඖෂධ වලින් ගුණ ලැබෙනවා.


අඳුරේ සැකසෙන ලග්ගලට පමණක් ආවේණික නීල්‍යාදී තෛලය සැකසෙන අයුරු



 ඒ වගේම ඇදුම රෝගයට පිටතින් ගාන්න පුළුවන් තෙලක් මේක. වාත රෝග පවතින පුද්ගලයින්ටත් මේ තෙල භාවිත කරන්න පුළුවන්.

 ඒ වගේම තමයි කැඩුම් බිඳුම් අංශයට අදාළ ඖෂධත් මේ තෙලට එකතු වෙනවා.

 ඒ නිසා තමයි යම් කෙනෙකුගේ හිසට පහරක් වැදුණහම මේ තෙල් ටිකක් ගාපුවහම අඩුවෙලා යන්නේ.

 සිරුරේ තැළීම් සීරීම් මෙන්ම කුඩා කෘමි සතුන්ගෙන් සිරුරට සිදුවන හානිවලටත් මේ තෙල භාවිත කරනවා.

 විශේෂයෙන් පිලිස්සුම් ආදී තත්ත්වයන්වල දී පවා මේ තෙල භාවිත කරනවා.

 අපේ වෙද පරම්පරාවේ පසු වැනියා තමයි මම. මේ කියපු සේරම ප්‍රතිකාර විධි වගේම බෙහෙත් වට්ටෝරු අදටත් පුස්කොළ පොත්වල ලියලා අප සතුව තියෙනවා. වෙන කවුරුත් ගාව මේවා නැහැ.

 ආයුර්වේද දෙපාර්තමේන්තුව පවා මේ තෙල අපෙන් ඉල්ලනවා.

 නමුත් වානිජ මට්ටමෙන්ම මේ තෙල හිඳින්න පහසුකම් අපිට නැහැ. එහෙම බලාපොරොත්තුවකුත් නැහැ.

 මොකද මේ තෙල්වලින් සුවය ලබන්නේ අවට ජීවත්වන පිරිස්. ඔවුන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් තමයි මේ තෙල හිඳින්නේ.

 අපේ මුත්තලා තමයි මේ පිළිබඳ වසර 200 ක පමණ ඈත අතීතයේ පර් යේෂණ කරලා මේ ලග්ගලටම ආවේණික නීල්‍යාදි තෛලය සොයා ගෙන තියෙන්නේ. ඒ පුස්කොළ පොත්වල අපේ මුත්තලාගේ නම් පවා ලියවිලා තියෙනවා.

 වනාන්තරවල තියෙන අමු ඖෂධ වර්ග ගෙනැල්ලා කොටලා ඒවගේ යුෂ වෙනම වෙන්කරලා සරක්කු වර්ග ඉතා සියුම් විදිහට කුඩු කරලා අරගෙන අඹරන්න තියෙන ඖෂධ වර්ග අඹරලා අරන් තමයි මේ තෙල සැකසෙන්නේ.

 මගේ පියතුමත් වෛද්‍යවරයෙක්. එතුමා නැතිවෙලා දැනට වසර 35 ක් පමණ වෙනවා. මමත් මේ කටයුතු කරන්න අරන් වසර 30ක් පමණ වෙනවා.”

 පාරම්පරිකව අනාදිමත් කාලයක සිට පැවත එන ලග්ගල වෙද පරපුර වෙනුවෙන් ඔවුන්ගේ නිෂ්පාදන නැවත පණ ගැන්වීම වෙනුවෙන් අත හිත ලබාදුන් දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති ආනන්ද කනහැරආරච්චි මහතා කියා සිටියේ සිය සංවිධානයේ අරමුණ වී ඇත්තේ වැනසී යන දේශීය වෛද්‍ය විද්‍යාවට නැවත ජීවයක් ලබාදීම බවයි.
“ඇත්තටම ලග්ගල කියන්නේ “ජන කෝෂ්ඨාගාරයක්” සිංහල වෙදකමේ අක්මුල් තිබුණු ස්ථානයක්.

මේ ප්‍රදේශයේ ඉතාම පැරණි මෙන්ම අත්දුටු ඖෂධ වර්ග ගණනාවක් අදටත් ඉතිරිවෙලා තියෙනවා. අපි කනගාටු වෙන්න ඕනේ ඒවගේ ඉතාමත් රහස්‍ය බෙහෙත් හා ඖෂධ වර්ග පිළිබඳ දැනන් හිටපු බොහෝ වෛද්‍යවරුන් පිරිසක් මේ වෙනකොට ජීවතුන් අතර නෑ මේ පරිසරයේ.

මේ කටයුතුවල නිරතවෙලා ඉන්න මේ වෙදමහත්වරු ඇත්තටම ජාතික සම්පතක් වගේම ලෝකයටම සම්පතක්.

ඒ නිසාම තමයි අපි උත්සාහ කළේ ලෝකේ මිනිසුන්ට සෙත ශාන්තිය සලසන්න පුළුවන් මේ ප්‍රතිකාර ක්‍රම ඉදිරියට ගෙනියන්න.

හිසේ රෝග සුව කරනවා කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතේම ගොඩදැමීමක්නේ. ඒ නිසා තමයි දුම්බර මිතුරෝ පරිසර සංවිධානය විදිහට අපි උත්සාහ කළේ මේ තෙල් වර්ග නිෂ්පාදනය කරන්න.

මෙතන දී එක කාරණයක් කියන්න ඕනෑ. මේ උත්සාහය මේ නිෂ්පාදන රට පුරා බෙදන්න හෝ ලාභ උපයන්න නෙවෙයි. මේ අයගෙන්ම බෙහෙත් ගන්න එන අයට ප්‍රතිකාර කරන්නයි මේ වෑයම.

තවත් කාරණයක් තමයි මේ වෙදමහත්වරු සමග එකතුවෙලා අතීතයේ භාවිතයට ගැනුණු ප්‍රතිකාර ක්‍රමවලට ජීවයක් ලබාදෙන එකත් අපේ අරමුණක්.

මේ කටයුතු සාර්ථක කරන්න අපට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ JEP පරිසර වැඩසටහන තමයි උදව් උපකාර කරන්නේ.

අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා මේ වෙද මහත්වරුන්ගේ තවත් වට්ටෝරු කිහිපයක් අත්හදා බලන්න වගේම ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදෙන්න.”

ආනන්ද කනහැරආරච්චි මහතා සිය අදහස් එලෙස ප්‍රකාශ කරද්දී කිරිබණ්ඩා වෙද මහතා විසින් ආරක්ෂා
කරගෙන එනු ලබන සිය පරම්පරාවේ පුස්කොළ පොත් සියල්ල අප ඉදිරියේ දිගහැරියේ මහා අතීතයක සිය උරුමය නිර්ලෝභීව තවකෙකුට පෙන්වන විලාශයෙනි.
ඇසේ කටුවක් ඇනුණු කල ඇසට හානියක් නොමැතිව ඉවත් කරන විස්මිත වෛද්‍ය ක්‍රම මෙන්ම මිනිස් සිරුරේ සිදුවන සියලු ලෙඩ රෝගවලට ප්‍රත්‍යක්ෂ මෙන්ම අත්දුටු බව සඳහන් කළ වටිනා පුස්කොළ පොත් රැසක් තවමත් මේ වෙද මහතා සුරැකිව තබාගෙන සිටියි.

සිංහල භාෂාවේ අපූරු දියුණු යුගයක (පුස්කොළ පොත්වල සටහන් වී ඇති ආකාරයට 1904 වර්ෂයේ පමණ මේවා ලියා තිබේ) සිංහල ආකාරාදී පිළිවෙළට මෙම පුස්කොළ පොත් ලියා ඇත.

මෙහි අංකනය කිරීම් මෙන්ම වැරදුණු ස්ථානයක් වේ නම් පුස්කොළ පොතේ අවසානයේ එවා නිවැරදි කර නැවත ලියා ඇති ආකාරය විස්මය දනවනසුලුය.

එපමණක්ද නොව කිරිබණ්ඩා මහතාගේ පරම්පරාවේ අතීත මුත්තන් විසින් මෙම බෙහෙත් අත්හදා බලා සාර්ථක වූ කල පුස්කොළ පොත්වල විවිධ ක්‍රම ඔස්සේ සලකුණු තබා ඇති බව අපට පෙන්නා දුන්නේ කිරිබණ්ඩා වෙද මහතාය.

ලග්ගල පුරාණය පිළිබඳ ගවේෂකයෙකුට හමුවන ලිඛිත මෙන්ම ප්‍රවාද ඔස්සේ ගමන් කළ විට අතීත රාවණ යුගය පිළිබඳ බොහෝ දේ සොයාගත හැකිය.

රාවණාගේ ඖෂධ උයනක් ලකේගල සමීපයේ පැවතීම හා ඒ ආශ්‍රිතව ජීවත්වූ අතීත පිරිස් මේ උයනේ ඖෂධ විවිධ ප්‍රතිකාර ක්‍රම සඳහා යොදා ගැනීම සිදුකර ඇති බවට සාක්ෂි මේ පරිසරයේ කොතෙකුත් හමුවේ.

විශේෂයෙන් ළිං හැරීමේ දී ලග්ගල වැසියන්ට හමුවී ඇති විවිධ ආයුධ කොටස් (මේවා ආචාර්ය සූරිය ගුණසේකරයන්ට අනුව ‘ශර’ ලෙස හැඳින්වෙයි) මේ පිළිබඳව විමර්ශනය කිරීමේ දී එවා පාර්ලිමේන්තුවේ සෙංකෝලයේ අගකොටසට සමාන බව ලග්ගල වැසියන් පවසා ඇතැයි පෘතුගීසි ජාතික ක්වේරෝස් පියතුමන් පවසා ඇතැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ආචාර්ය සූර්ය ගුණසේකර මහතා කියා සිටියේය.




මෙවැනි දෑ රාවන යුගයේ අවි ආයුධවල කොටස් බව පවසන සූරිය ගුණසේකරයන් කියා සිටියේ එවැනි අවි පැවති සමාජයක ඒවායින් සිදුවන තුවාල සඳහා ප්‍රතිකාර විධික්‍රම ද ලග්ගල පරිසරය තුළ පැවති බවයි.

ලග්ගල, රූමස්සල, සීතාඑළිය හා හග්ගල පවතින පැරණි ඔසු උයන් ද රාවණ යුගය දක්වා දිවයන බවත් ලග්ගල නොහොත් ඉලක්කගල රාවණාගේ ජ්‍යෙතිෂ්‍ය විද්‍යාවේ අංශක බිංදුවේ අංශකය වූ බවත් ලග්ගල වැසියන් සඳහන් කරන බවත් සූරිය ගුණසේකර මහතා කියා සිටියේය.

බුදුන්වහන්සේ ලංකාවට වැඩම කළ සමකාලීන අවදියේ එනම් ක්‍රි.පූ. 6 සියවසේ දී මධ්‍යම කඳුකරයේ විශාල ඔසු උයනක් පැවති බවට සැක සිතිය හැකිය.

සූරිය ගුණසේකරයන්ට අනුව පුලින්ද, ව්‍යාධ, සබර, මලක්ක, මනුස්ස, උපචරක, වන චරක යනාදී විවිධ නම්වලින් හැඳින්වූ ආදීවාසී ජන කොටස් මෙම ඔසු උයන්වල සේවයේ යෙදී ඇති බවට සාක්ෂි පවතියි.

ශ්‍රී පාද වන්දනාවේ ගිය බොහෝ බැතිමතුන් අතරින් අතරමං වූ ඇතැමෙක් අවස්ථා ගණනාවක දී පලතුරු බහුල වූ වනාන්තරවල දින දෙක තුනක් ඇවිද අවසානයේ මාර්ගවලට පැමිණි අවස්ථා විස්තර කරන මහලු උපාසක උපාසිකාවන් පිළිබඳ පුවත් අදටත් සාක්ෂි දරන්නේ අතීතයේ පැවති උයන් විශේෂ පිළිබඳව වත්මනට සාක්ෂි සපයමිනි.

එනිසාම ලග්ගල දී හමුවන රාවණාගේ මල් උයන මෙන්ම එම පරිසරයේ පමණක් හමුවන විවිධ පැළෑටි වර්ග අදටත් මහා අබිරහසක් ඉතිරි කර තිබේ.

මේ පැළෑටි වලින් අතීතයේ ලබාගත් මහඟු ප්‍රතිඑල වර්තමානයේ තාක්ෂණය විසින් උදුරාගෙන තිබේ.


සටහන හා ඡායාරූප
නාඋල ඉන්දික අරුණ කුමාර


උපුටා ගත්තේ ලංකාදීප වෙබ් පුවතින්
මිනිස් සිරුරේ රෝග නසන රාවණාගේ වෙද පොත හමුවෙයි මිනිස් සිරුරේ රෝග නසන රාවණාගේ වෙද පොත හමුවෙයි Reviewed by CHAA MEDIA on April 27, 2019 Rating: 5

මේ දරුවන් කොහින්දෝ... පල්ලි ළඟින් ඇහින්දෝ...

April 27, 2019
   
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif
ලොවම මවිත කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් තැතිගත් මුළු රටම පසුගිය ඉරිදා උදෑසන සිට රූපවාහිනිය වෙත දෑස් දල්වාගෙන සිටියේ ඊළඟට වාර්තා වෙන්නේ මොන විදිහේ  නස්පැත්තියක්දැයි සැකයෙනි. බියෙනි. බෝම්බ පිපිරීමෙන් ගිනිගෙන දැවෙන දේවස්ථාන හා සංචාරක හෝටල් රූපරාමු දෙස භීතියෙන් තැතිගත් සිතින් බලමින් සිටි ජනතාව ඊළඟට දුටුයේ හද කම්පා කරවන රූපරාමුවකි. 
 
රූපරාමුවේ වූයේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලයි. එහි මුලින්ම පෙනුනේ කම්පනයෙන් දැවී ගිය පුද්ගලයෙකි. ඒ අසල ඇඳක මාස තුනහතරක සිඟිත්තියකි. “මේ දරුවා කොච්චිකඩේ පල්ලිය ළඟ පාර අයිනෙ වැටිලා හිටියෙ. අම්මා තාත්තා කවුද නම් දන්නෙ නැහැ. ඒත් කාගෙ හරි දරුවෙක්නෙ. දරුව ඉස්පිරිතාලෙට ගෙනාවා. මට හදිසියක් නැහැ, දරුවගෙ අම්ම තාත්තා කවුද කියල හොයා ගන්නකම් මම දරුවාව බලා ගන්නම්” සිද්ධියෙන් කම්පිතව ගොත ගැහෙන වදනින් ඔහු කීවේය.
ඔහු කීවා සේම මේ කාගේ හෝ දරුවෙකි. රූපරාමුව දුටු සැණින්, ඒ සිඟිත්තියගේ මව්පියන්ට වූයේ කුමක්ද? බෝම්බ ප්‍රහාරයෙන් ඔවුන්ගේ ජීවිතවලට අනතුරක් වුණාද?, ඇයට ඇගේ මව්පියන් සදහටම අහිමි වූවාද? ආදී ප්‍රශ්න රැසක් එකවර අපේ සිතට ඇතුළු විණි. පසුගිය දිනෙක උදෑසන අපි රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත අප ගියේ මේ පැනයන්ට විසඳුම් සොයා ගන්නටය. 
 
අප එහි යන විට මේ සිඟිත්තියගේ පියා ඇය සොයා පැමිණ සිටියේය. සිඟිත්තිය ලක්ෂිකාය. තවමත් සිව්මස් වියැති සිඟිති ලක්ෂිකා, අප යන  විටත් සිටියේ ළමා රෝහ‍ලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමිනි. බෝම්බ ප්‍රහාරයෙන් සිඟිත්තියගේ දෑත හා දෙපයම පිළිස්සී ගොසිනි. ඈ වටකර ගත් වෛද්‍යවරු ඒ පිළිස්සුම් තුවාල වෙලමින් සිටියදී මව පියා අසලක  නොමැති සිඟිත්තිය ඒ වේදනාව දරා ගනු බැරිව රැහැයියෙකු මෙන් විලාප නගන්නීය.
“මේ දරුවා තමයි, එදා ප්‍රහාරයෙන් පස්සෙ පළමුවෙන්ම අපේ රෝහලට ඇතුළු කෙරුණෙ. දැරිය ප්‍රහාරයෙදි අම්මගෙ හෝ තාත්තාගෙ අතින් පාර අයිනට විසිවෙලා. දරුවා බිම වැටිලා ඉන්නවා  දැකපු  කෙනෙක්  තමයි  රෝහලට  ගෙනැවිත්  භාර   දුන්නෙ. ඒ වගේම අම්ම තාත්තා කවුද කියල දන්නෙ නැති තව දැරියක් ගෙනාවා, ෂැංග්‍රිලා හෝටලයේ පිපිරීමෙන් තුවාල ලබපු. ඇය ජපන් ජාතික දැරියක්. තවත් ජපන් ජාතික මවක් හා දුවල දෙන්නෙක් එක්ක තමයි මේ දැරිය ගෙනත් තිබුණෙ.”  වෛද්‍ය අජිත් දන්තනාරායන පවසන්නේ ය. ඔහු ජාතික ළමා රෝහ‍ලේ වත්මන් අධ්‍යක්ෂවරයා ය.
 
“දරුවන්ට හදිසි ප්‍රතිකාර දෙන අතරේ ඒ දරුවන්ගෙ දෙමව්පියන් සොයා ගැනීම සඳහා ‍පොලිසියටත්, ජපාන තානාපති කාර්යාලයටත් අවශ්‍ය තොරතුරුත් ලබා දුන්නා.” ඔහු කියන්නේය.
 
අප මුලදී කී සිඟිත්තිය ලක්ෂිකාගේ අම්මාත් තාත්තාත් මේ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරුණේ පියවි සිහියක් නොමැති අවස්ථාවකදී ය. ඒ නිසා ම සියතින් තම පණ වන් දැරිය අතහැරුණු වග ඔවුනට නිනව් නොවිණි. එහෙත් ජාතික රෝහ‍ලේ ඇඳක් මත සිහි ලද වහා ඔවුනට සිහිවූයේ තම ආදරණීය දියණියයි.
 
තම සිඟිත්තිය කොහිදැයි අසමින් ඔවුහු රෝහල දෙවනත් කළහ. දේවස්ථානයට ගිය තම නෑසියන්ට වූයේ කුමක්දැයි සොයා ඔවුන්ගේ ඥාතීන් ජාතික රෝහල වෙත දිව ආයේ ඒ මොහොතේය.  ලක්ෂිකා සිඟිත්තිය නොමැති වග දැනගත් වහාම ඔවුහු ළමා රෝහල වෙත දුව ආහ. තම පවු‍ලේ සියලු දෙනාගේ ආදරය සොරා ගත් පුංචි ලක්ෂිකා යළි ඔවුනට හමුවූයේ එහිදී ය.
ඇය සේම ඇගේ දෙමාපියන් ද තවමත් ජාතික රෝහ‍ලේ ප්‍රතිකාර ලබති. ඒ නිසා පුංචි ලක්ෂිකා ළමා රෝහ‍ලේ තනිවමය. එහෙත් බෝම්බයෙන් තමන් ලද තුවාලවල වේදනාවට වඩා, ලක්ෂිකාගේ මව්පියන්ට සිය දියණියගේ තුවාල වේදනාව වැඩිය. තම සිරුරේ කකියන වේදනාව දරාගනිමින් උදේ සවස ඇයගේ පියා රෝහල වෙත එන්නේ තම සිඟිත්තියගේ මුහුණ දකින්නට ය.
 
“අම්මා තාත්තා නැතිව ළමා රෝහලට ආපු ජපන් දැරිය ජපන් තානාපති කාර්යාලයෙන් ගෙන්වා ගත්තා. තාත්තා ආසිරි රෝහ‍ලේ ප්‍රතිකාර ගන්න බව දැන ගන්න ලැබුණා. ඔහුට නම් ඒ තරම් තුවාල වෙලා නැහැ. ඒත් ඇයගේ අම්මා මේ ප්‍රහාරයෙන් තුවාල ලබා ප්‍රතිකාර ගනිමින් ඉද්දි, පසුගියදා මිය ගිය බව දැන ගන්න ලැබුණා.” වෛද්‍ය දන්තනාරායන 
පවසන්නේ ය.
 
ඔහු පෙන්වා දුන් පරිදි, මේ ප්‍රහාරයෙන් තුවාල ලැබ ළමා රෝහලට ආ දරුවන්ගේ ගණන විස්සකි. පිපිරුම වූ විසි එක් වෙනිදා උදෑසන නවයහමාරේ සිට ළමා රෝහලට ද නිනව්වක් නොවීය. එකදිගට නැගෙන සයිරන් නළා හඬත්, තුවාල ලැබූ දරුවන්ගේ හා නෑසියන්ගේ විලාපයෙනුත් ළමා රෝහල මොහොතකට අතුරුසිදුරු නැතිවිණි. ඉකුත් අඟහරුවාදා (23) වන විට ඉන් තිදෙනෙක් තවමත් හදිසි ප්‍රතිකාර ඒකකයේත්, තවත් පස් දෙනෙක් රෝහල් වාට්ටුවලත් ප්‍රතිකාර ගනිමින් සිටියහ.
 
ළමා රෝහ‍ලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දොරටුව අසලම ඇඳෙහි  වැතිර හිඳින්නී, තවමත් අවුරුදු පහක් වයසැති දිදුනි නිහංසා ය. ඇය උපත ලද්දේ, ඉතාලියේ ය. එහෙත් සිය මව්පියනුත්, ආදරණීය සහෝදරයාත් සමඟින් ඇය මීට දෙමසකට පෙර ලංකාවට ආයේ, මෙරට පාසලකට ඇතුළත් වීමේ සිහිනය සැබෑ කරගැන්මටය. පාස්කු ඉරිදා උදාසන ඈ මීගමුව කටුවාපිටිය දේවස්ථානයට ගියේ සිය මවත්, සහෝදරයාත්, මිත්තණියත් සමඟිනි. 
 
එහෙත් මේ වෙද්දී ඇගේ මිත්තණියත්, එකම සහෝදරයාත්  සදහටම ඇය හැර ගොසිනි. මව දැඩි සේ තුවාල ලබා කොළඹ ජාතික රෝහ‍ලේ ප්‍රතිකාර ලබන්නීය. “මේ  දැරිය මීගමුව රෝහලෙන් අපිට මාරු කරල එවද්දි ඇයගෙ නාසයෙන් හා කටෙන් ‍ලේ ගලමින් තිබුණෙ. ඇයගෙ හිසට තමයි මේ ප්‍රහාරයෙන් තුවාල සිදුවෙලා තිබුණෙ. ඊට අමතරව පෙණහැලිවලටත් තුවාල සිදුවෙලා. දැන් නම් ඇය ටිකක් යථා තත්ත්වයට පත්වෙලා”යැයි වෛද්‍ය දන්තනාරායන කියයි.
 
කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල වෙද්දී, පුංචි බිඟුනි සිටියේ සිය මිත්තණිය අසලම හිඳ පූජාවට සහභාගි වෙමිනි. ප්‍රහාරයට ලක්වීමෙන් මිත්තණියගේ දෙපා ගැලවී ගියේ බිඟුනි ඉදිරියේම ය. බෝම්බයේ කෑලි ගැලවී ඇඟමත වැටෙද්දීම ඒ අසලම සිටි බිඟුනිගේ මව බිඟුනි දෝතට ගෙන  එතැනින් දුවවිත් ඇත්තේ දෙපා ගැලවී බිම ඇද වැටුණු තම මෑණියන්ගේම සිරුර උඩිනි. තවමත් සවැනි වියේ පසුවන බිඟුනි දැන් හිඳින්නේ ළමා රෝහ‍ලේ ඇඳක් මතය. ඇගේ මෑණියන් ජාතික රෝහ‍ලේය. තුවාල වූ අම්මාත්, මියගිය මිත්තණියත් ගැන බලන්නට ගොස් ඇති නිසා ඈ ළඟ තනි රකින්නට ඇගේ පියාට ද ඉස්පාසුවක් නොහේ. ඉඳින් ඈ සිටින්නේ ඇයගේ ඥාති මිත්තණියක සමගිනි.
 
සිද්ධියෙන් තුවාල ලැබූ හංසිකා දැරිය ළඟ සිටියේ ඇගේ මිත්තණියයි. “මම මේ සිද්ධිය වෙද්දි හිටියෙ හැටන් අපේ ගමේ. මගේ ලොකු පුතාගෙ පවුල තමයි මේ සිද්ධියට මුහුණ දුන්නෙ. ඒ හැමෝටම තුවාලයි, මේ දුවගෙ කකුල පිච්චිලා, පුතාගෙ ඔළුවටයි, කකුලටයි දෙකටම තුවාල වෙලා. ඒත් එයාම තමයි දුවව අරගෙන ළමා රෝහලට ඇවිත් තියෙන්නෙ. මම පහුවදා මේ රෝහලට එනකම්ම එයා දුව ළඟට වෙලා හිටියා තුවාලෙ පිටින්ම” හංසිකාගේ මිත්තණිය එන්. අන්තෝනි අම්මා පවසන්නේ දෑසින් බේරෙන කඳුළු වාවාගත නොහැකිවය.
 
ඇගේ මිණිපිරිය හංසිකාය. හංසිකාගේ වයස තවමත් අවුරුදු අටකි. ඇගේ අම්මාත්, තාත්තාත්, මාමා සහ නැන්දාත් මේ අනතුරට මුහුණ පෑහ. දැන් ඇයගේ නැන්දණිය මේ ලෝකයේ නැත.
 
ළමා රෝහල පුරාම ඇත්තේ, එවැනි කඳුළු කතා ය. එහෙත් ඒ කඳුළු කතා අසා, අනේ අ‍පොයි කියා සුසුමක් හෙළනවාට වඩා වැඩි වගකීමක් අප සියලු දෙනාට ඇත. ඒ යළි මෙවැන්නක් අප  දෑස් ඉදිරියේ නොවන්නට වග බලා ගැන්මය. “අපි පසුගිය යුද සමයේදි මේ වගේ ඛිෙදවාචක ගණනාවකට මුහුණ දුන්නා. 
 
සුනාමියෙදිත් අපිට මේ වගේ ඛිෙදජනක අවස්ථාවන්ට මුහුණ දෙන්න සිදුවුණා. මේ හැම අවස්ථාවකදිම අපි කටයුතු කරන්නෙ කිසිදු ජාති ආගම් භේදයක් නොසලකමිනුයි. ප්‍රතිකාර ලබා ගැනීමට මෙතැනට එන හැමෝම අපිට එකයි. ඒත් අපි කියන්නේ  යළි මෙවැනි ඛිෙදජනක දේ නොවන්නට අපි සියලු දෙනා එක් විය යුතු බවයි” රෝහල් අධ්‍යක්ෂ අජිත් දන්තනාරායන පවසන්නේ ය.
 
 
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන
 
ගයාත්‍රි ගීගනආරච්චි
 
 
 
බෝම්බවලට බියවූ දරුවන්ගේ හිත් ගැනත් හිතමු
 
- අඬනවා නම් ඇති තරම් අඬන්න දෙන්න
 
- රූපවාහිනියෙන් ඈත් කර තබන්න
 
- බොරු නොකියා ඇත්තම කියන්න
 
එදින නිරෝමිත් සැමියාත් පුංචි පුතුත් පවු‍ලේ සහෝදර සහෝදරියනුත් ඔවුන්ගේ දරුවනුත් සිටියේ චාරිකාවකට එක්වීය. පාසල් නිවාඩු බැවින් හඟුරන්කෙත නිරෝමිලාගේ මහගෙදර දින කිහිපයක් සතුටින් ගත කිරීම ඔවුන්ගේ අරමුණ විය. 
 
එහෙත් ඒ සති අන්තයේ ඉරිදාව එළැඹුණේ විවේකයෙන් විනෝදයෙන් ගත කළ සාමකාමී ජන ජීවිතය දෙදරා යන ඛිෙදවාචක පෙළක් සමගිනි. නිරෝමිගේ සැමියා ආරක්ෂක අංශයේ රැකියාවක නිරත වූ බැවින් පිරිසට චාරිකාව අතරමැද නවතා නැවත කොළඹ ඒමට සිදුවිය. 
 
කලබල අස්සේ ඇඳිරි නීතියද පැනවිණි. ඔවුන්ට කොළඹට පැමිණීමට සිදුවූයේ විශාල වෙහෙසක් දරමිනි. ඒ සියලු දෙනාගේ හිත්වල බෝම්බ ප්‍රහාර ගැන කම්පාවක් විය. එහෙත් ඒ කම්පනය වැඩිපුරම දැනුණේ පිරිස අතර සිටි කුඩා දරුවන්ටය. 
අම්මේ අපිත් මැරෙයිද පාරෙ යද්දී? එක් දියණියක සිය මවගෙන් විමසුවේ බියපත් දෙනතෛහි කඳුළු පුරවාගෙනය. වාහනයේ ගුවන් විදුලියෙන් නිරතුරුව සිදුව ඇති ඛිෙදවාචක හා මරණ පිළිබඳව වාර්තා කෙරිණි. 
 
 
බෝම්බයක් ගැහුවම අපි පිච්චිලා යනවද අම්මේ නිරෝමිගේ සිඟිති පුතු විමසුවේය. ඒ පවු‍ලේ පමණක් නොව, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මුළු රටේම නොදරුවන් සිටින දෙමාපියන්ට මුහුණ දෙන්නට වූයේ මෙවැනි අත්දැකීම්වලටය. 2009 වසරෙන් පසු ඉපදුණු පරම්පරාවට යුද්ධය එතරම් හුරුපුරුදු වචනයක් වූවේ නැත. බෝම්බ ප්‍රහාර, මරණ, තුවාල ආදිය ගැන ඔවුන්ට අත්දැකීම් අඩුවූයේ ලංකාවේ පැවැති තිස් අවුරුදු යුද්ධය ඔවුන්ට තේරෙන වයස වන විට නිමා වී තිබූ නිසාය. 
 
කිරිබත්ගොඩ මූලික රෝහ‍ලේ ළමා මානසික විශේෂඥ වෛද්‍ය එන්. කුමානායක පෙන්වා දෙනුයේ ලංකාවේ මතුනොව ලොව බොහෝ රටවල උද්ගත වූ යුද ගැටුම් හා ත්‍රස්ත ප්‍රහාර හමුවේ ළමා පරපුර බරපතළ කායික මානසික ගැටලුවලට මුහුණ දී ඇති බවය. 
 
ඇමෙරිකාවට එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පස්සේ එහි දරුවන් විශාල සංකූලතාවලට ගොදුරු වුණා. නරක හීන පේන්න ගත්තා. තනියම එළියට යන්න බය වුණා. නිතරම අම්මලා එක්ක ඉන්න ඕන වුණා. මේ තත්ත්වය තමයි ලංකාවේත් දැන් ඇතිව තිබෙන්නේ. දෙවැනි කාරණය රටේ ප්‍රධාන ධාරාවේ බහුතරයක් මාධ්‍ය පිපිරීම් සිදුවන අයුරු, එහි හානිය, මෘත දේහ, ඒ අයගේ පෙර ඡායාරූප, අඬන වැළපෙන ළතෝනි දෙන ඥාතීන් දිගින් දිගටම පෙන්වීම තුළ ඇතිකරන බලපෑම. නමුත් ඇමෙරිකාවේ 9-11 ප්‍රහාරයේ 2000කට අධික පිරිසක් මියගියා.
 
එහි එක මළ සිරුරක්වත් අපි මාධ්‍යයෙන් දැක්කේ නෑ. ඒ පවුල්වල පෞද්ගලිකත්වය හෙළි කරනවා දැක්කේ නෑ. නමුත් අපේ මාධ්‍ය දිගින් දිගටම - දිගින් දිගටම මේවා උද්වේගකාරී ලෙස ප්‍රචාරය කළා. මේ හැසිරීම කුඩා දරුවන්ගේ මනසට දැඩිව බලපෑම් කර තිබෙනවා. එහි අරුත සිද්ධිය වසන් කිරීම නොවෙයි ආචාරධර්මීයව පෙන්නුම් කිරීමයි. මේ දිනවල දරුවන් හැකිතාක් මාධ්‍යයෙන් ඈත් කර තැබිම උචිත බව පෙනෙන තරමට මාධ්‍යයේ හැසිරීම නින්දිතයි. විශේෂඥ වෛද්‍ය එන්. කුමානායක පෙන්වා දෙන්නේය.
 
ඇතැම් ළමයින්ගේ අම්මා නැතිවෙලා, නැත්නම් තාත්තා නැතිවෙලා. සමහර තැන්වල දෙන්නාම නැතිවෙලා. සමහරවිට යාළුවා නැතිවෙලා. මාධ්‍ය ඔස්සේ නැවත නැවතත්  මේ සිදුවීම් දකිද්දී කුඩා දරුවන් විශාල සංකූලතාවන්ට ගොදුරු වෙනවා. මැරෙයි කියන බය ඇතිවීම, හිස කැක්කුම්, තමන්ට කිසිවකු නැත යන හැඟීම, පාසල් යාමට ඇතිවන බිය ඔවුන් පෙළෙන මූලික ලක්ෂණ විය හැකියි. මේක මාධ්‍ය ඔස්සේ මේ සිදුවීම් නරඹන, දෙමාපියන්ගෙන් අහන සෙසු දරුවන්ටත් ඇතිවිය හැකි තත්ත්වයක්.
 
ඊට යෙදිය හැකි ප්‍රතිකර්මය වෛද්‍යවරයා මෙසේ යෝජනා කරයි. දරුවන් සමග ඒ පිළිබඳව විවෘතව කතා කිරීම, තමන්ගේ කිසිවකු නැති වුණා නම් ඒ ගැන තේරුම් කරමින් අවබෝධ කිරීම, තවත් විශාල පිරිසකට අහිමි වීම් වී ඇති බව තේරුම් කිරීම ආදී වශයෙන් යථා ස්වභාවය පෙන්නුම් කිරීම ඉතා වැදගත්. විවිධ බොරු කියා දරුවන් රැවටීමට ලක්කිරීම නොකළ යුතුමයි. මියගිය කෙනාගේ හොඳ ගතිගුණ, ආදරයෙන් හිටිහැටි කතා කිරීමේ වරදක් නෑ. දරුවා අඬනවා නම් එය කිසිසේත් නොවැළැක්විය යුතුයි. දරුවාට රැකවරණය දෙමින් රිසි සේ හඬන්නට ඉඩ දීම ඉතා වැදගත් හෙතෙම පෙන්වා දෙයි.
 
ඒ වගේම දරුවා කම්පනය හේතුවෙන් ඇතිවන දුක, තරහව ආදී හැඟීම්, හුදකලා වීමට තැත් දැරීම, අධ්‍යාපන කටයුතු මගහැරීම ආදී දුකෙහි කල් පවතින ලක්ෂණවලට ගොදුරුවීමට ඉඩ තිබෙනවා. මේක කාලයක් ගතවීමේදී විශාදය දක්වා යා හැකියි. එසේම දරුවන් තරුණ වයසට ආසන්න නම් මත්පැන්, මත්ද්‍රව්‍ය ආදිය වෙත පවා යොමු විය හැකියි. ඒ නිසා දුක නැති කිරීමේ මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහන් ඇති කිරීම සඳහා රජය පියවර ගත යුතුයි. 9-11 ප්‍රහාරයෙන් අනතුරුව ඇමෙරිකාව මානසික සෞඛ්‍ය උදෙසා අයවැයෙන් විශාල මුදලක් වෙන් කළේ මේ නිසයි. අපේ පාලකයන් එහෙම පියවර ගනීවි යැයි විශ්වාසයක් නෑ. නමුත් අපි පෙන්වා දිය යුතුයි එය සිදුවිය යුතු බව. වෛද්‍යවරයා අවධාරණය කරයි.
 
එසේම ඒ ඇති වූ භීතිය නොපවසමින් දරුවා කාලයක් පීඩිතව සිටිය හැකිය. ඒ බව හඳුනාගෙන මනෝ වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කිරීමද අත්‍යවශ්‍ය කරුණක් බව හෙතෙම පෙන්වා දෙයි.
 
විශේෂඥ ළමා මනෝ වෛද්‍ය එන්. කුමානායක
 
 මිහිරාන් කරුණාරත්න
 
 උපුටා ගත්තේ ලක්බිම වෙබ් පුවතින්
 
 
මේ දරුවන් කොහින්දෝ... පල්ලි ළඟින් ඇහින්දෝ... මේ දරුවන් කොහින්දෝ... පල්ලි ළඟින් ඇහින්දෝ... Reviewed by CHAA MEDIA on April 27, 2019 Rating: 5

ෆොනී සුළි කුණාටුව අද දිවයින ආසන්නයට-පළාත් කිහිපයකට තද වැසි

April 27, 2019
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින ෆොනී සුළි කුණාටුව අද (28) දින වන විට පොතුවිල් සිට නැගෙනහිර දෙසින් කි.මී 670 පමණ දුරින් උතුරු අක්ෂාංශ 6.9 ත් නැගෙනහිර දේශාංශ 87.9 ත් ආසන්නව ස්ථානගතව පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුලදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඊළඟ පැය 24 තුල ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වේ යැයි අනුමාන කෙරේ.
මෙම පද්ධතිය අප්‍රේල් මස 30 වන දින දක්වා නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වයඹ දෙසට ගමන් කර ඉන්පසුව ක්‍රමයෙන් නැවත හැරී ඊසාන දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කෙරෙයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇත.
බස්නාහිර, දකුණු, සබරගමුව,වයඹ සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
අද (28) දකුණු, බස්නාහිර සහ සබරගමුව පළාත් වල ඇතැම් ස්ථාන වල මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැකිය.
සෙසු පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
ෆොනී සුළි කුණාටුව අද දිවයින ආසන්නයට-පළාත් කිහිපයකට තද වැසි ෆොනී සුළි කුණාටුව අද දිවයින ආසන්නයට-පළාත් කිහිපයකට තද වැසි Reviewed by CHAA MEDIA on April 27, 2019 Rating: 5

මනුස්සයෙක්ට මෙච්චර නපුරු සිතුවිල්ලක් ඇතිවෙන්නේ කොහොමද

April 27, 2019
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 

මරියසෙල් ගුණතිලක


ඔය සිදුවීම මුලින්ම ආරංචි වුණු වෙලාවේ මම නාරාහේන්පිට අපි යන පල්ලියට යන ගමනුයි හිටියේ. ඒ ආරංචිය ලැබුණ වෙලාවෙම මම හිතුවේ මගේ හදවත නැවතුණා කියලයි. ඒ තරමටම ලොකු ෂොක් එකක් මට දැනුණා. මම නම් හිතන්නේ මේක පැහැදිලිවම සැලසුම් කරලා කරපු දෙයක් කියලා. ඒක අද කාටත් තේරෙනවනේ. එහෙම සැලසුමක් කරන්න තරම් මනුස්සයෙක්ට පුළුවන්ද? ඒ තරමටම මනුස්සයා පහත වැටිලද කියලයි මට නම් හිතෙන්නේ. ඒක කොච්චර නපුරු කෘෘර ක්‍රියාවක්ද? මනුස්සයෙක්ට මෙච්චර නපුරු සිතුවිල්ලක් ඇතිවෙන්නේ කොහොමද..? ඇත්තටම ඒක මට නම් හිතාගන්නවත් බැහැ. දේවස්ථානයකට ඇතුළුවෙලා මෙහෙම දෙයක් කරන්න මනුස්සයෙක්ට නම් බැහැ. මට නම් හිතෙන්නේ මේක මනස විකෘති වුණු යක්ෂ බලවේගයකින් කරපු දෙයක් කියලයි. මනුස්සයෙකුට මෙහෙම දෙයක් කරන්න බැහැ. මනුස්සයෙක් කියන්නේ තව කෙනෙක්ගේ කරදරයකට හිත උණුවෙන ජාතියක්නේ. තරහකාරයෙක්ගේ විපතකදී වුණත් ඒ හිත උණුවෙනවනේ.
අද වෙනකොට පොඩි දරුවා පවා ඉන්නේ ලොකු තැතිගැන්මකින් බයකින්. ඇත්තටම ඒක කොච්චර පවක්ද? දෙවියන් වහන්සේ ජීවමානයි කියලා කිතුණු බැතිමතුන් වන අපි කවුරුත් විශ්වාස කරන දෙයක්. ඒ කාරණාව අපි අත්විඳලා තියෙනවා. ඒ නිසා ජීවමාන දෙවියන්ගේ මරණයෙන් නැගිටුණු දා කියලා විශ්වාස කරන පාස්කු ඉරිදා වැනි දිනයක මේ වගේ දෙයක් වේවි කියලා අපි කවුරුත් විශ්වාස කළේ නැහැ. ඒත්... දෙවියන් වහන්සේගේ කරුණාව එතැන තිබෙනවා. විශේෂයෙන් කුඩා දරුවන් ගැන ලොකු කරුණාවක් දෙවියන් වහන්සේට තියෙනවා. මේ නිසා ඒ මියගිය හැමෝම දෙවියන් වහන්සේ බලාගනීවි. අපිට දැන් කරන්න තියෙන්නේ නිශ්ශබ්දව, නිහඬව, සාමකාමීව, ඉවසීමෙන් කටයුතු කරන එකයි. මේ වෙලාවේ කාටවත් දොස් පවරන්නේවත්,  කරන්නේවත් නැතිව කිසිම කෙනෙක් දිහා අවිශ්වාසයෙන්, සැකෙන් බලන්නේ නැතිව, හොඳ සෙවිල්ලෙන් ඉන්න ඕනේ. ඒක අපේ වගකීමයි. පාලකයින්ට බැනලා වැඩක් නැහැ. එයාලා ඉන්නේ වෙනම තැනක. අපි ඉන්නේ වෙනම තැනක. ඒ නිසා අපි අපි ගැන සෙවිල්ලෙන්, කල්පනාවෙන් ඉන්න ඕනේ.

නපුරක් කරපු අයට කවදාවත් හොඳක් වෙන්නේ නැහැ


දිනක්ෂි ප්‍රියසාද්


මේ ආරංචිය ලැබුණ වෙලාවේ මගේ හිතට ලොකු දුකක් දැනුණා. තාමත් ඒ ෂොක් එක මගේ හිතේ තියෙනවා. ශාන්ත අන්තෝනි මුණිතුමන් තමයි කොච්චිකඩේ පල්ලියේ ඉන්නේ. ශාන්ත අන්තෝනි මුණිඳුන්ගේ දිනය තමයි අඟහරැවාදා. සාමාන්‍යයෙන් හැම මාසේම පළවෙනි අඟහරුවාදකම අපි ශාන්ත අන්තෝනි දෙව් මැදුරට යනවා. ඊට අමතරව යන්න පුළුවන් හැම අඟහරුවාදාකම අපි ඒ පල්ලියට යනවා. එතැනට කතෝලික බැතිමතුන් විතරක් නෙමේ. හැම ආගමකම අය එනවා. ආගම් භේදයකින් තොරව ශාන්ත අන්තෝනි දෙව්මැදුරට හැමෝම එනවා. ඒක හරියට කතෝලික බැතිමතුන් දළදා මාලිගාවටත් යනව වගේ තමයි. ශාන්ත අන්තෝනි දෙව්මැඳුර අපේ පවුලම විශ්වාස කරන තැනක්. අපිට මොන ප්‍රශ්න තිබුණත් අපි එතැනට ගිහින් බාරහාර වෙනවා. අපි කරන කියන හැමදෙයක්ම හරි ගිහිල්ල තියෙන්නෙත් ඒ දෙව්මැදුරෙන් ලැබෙන ආශීර්වාදයෙන්.
මේ සිදුවීමෙන් අපේ මොකක්දෝ වටිනාම දෙයක් නැතිවුණා වගේ තමයි මට නම් හිතෙන්නේ. හැබැයි එතන ගොඩක් හාස්කම් වෙන තැනක්. ඔතනින් නැතිවුණ මිනිස්සු හැමෝම දැන් මේ වෙද්දී දෙවියන් වහන්සේ ළඟයි ඉන්නේ. ඒ අයට යන්න නරක තැනක් නැහැ. ඒ අය යන්න තියෙන හොඳම තැනට දැන් ගිහිල්ලායි තිබෙන්නේ. ඒ දෙවියන් වහන්සේ ළඟයි. එතන හාස්කම් තිබෙන තැනක්. ඒ තැනට මොනවා හරි නපුරක් කරපු අයට කවදාවත් හොඳක් වෙන්නේ නැහැ.
ඒ ආරංචිය ලැබෙන වෙලාවේ අපි හිටියෙ හෝමාගම අපි යන පල්ලියකයි. ඒ පාස්කු ඉරිදා දේව මෙහෙය පවත්වපු පියතුමා අපේ රටටම ආශීර්වාද කළා. යාඥා කළා. ඒ වෙද්දිත් මේ සිදුවීම වෙලා තිබුණේ නැහැ. කතෝලික බැතිමතුන්ට තිබෙන ලොකුම මංගල්‍යය තමයි පාස්කු මංගල්‍යය. අපේ ආගමේ ඉහළින්ම සමරන්නේ මේ තතාරිය කාලය ඉවරවෙලා පාස්කුව සමරනවා. ජේසු මරණින් උත්ථාන වෙලා සමරන මේ දේ තමයි අපි සමරන ලොකුම දේ වුණේ. ඒක මිනිස්සු දවස් හතළිහ තිස්සේ කැපවුණා. නිරාහාරව ඉඳලා තමයි මේ පාස්කු ඉරිදා සමරන්නේ. අපි දේව පූජාව ඉවරවෙලා එළියට ආපු ගමන් තමයි මේ ආරංචිය අපිට ආවේ. ඒක ඇත්තටම මට දරාගන්න හරි අමාරුයි.

මොන ආගමක වුණත්, මේ නැතිවුණේ අහිංසක මිනිස්සු


නිරංජලා සරෝජිනී


ඇත්තටම මේ සිද්ධිය ආරංචි වුණාම මට පුදුම දුකක් දැනුණා. පක්ෂ පාට, ආගම් භේදවලින් තොරව මේ නැතිවුණේ අහිංසක මිනිස්සු. අපි ආගම අදහන වෙලාවේදී මේ දේ සිද්ධ වුණේ. ඇත්තටම ඒක හරිම පව්කාර වැඩක්. ම්ලේච්ඡ වැඩක්. මනුෂ්‍ය ජීවිතවල වටිනාකම නොදන්නා එවුන් තමයි ඔය දේවල් ඔය විදිහට කරන්නේ. මරාගෙන මැරෙන අයට ජීවිත ගැන වටිනාකමක් නැහැ.
අපිට ජීවිතයක් ලැබෙන්නේ පෙර කරපු පින් අනුවයි. ඒ පින පව් පැත්තට හරවාගෙන මරාගෙන මැරෙන අයට ආයේ ජීවිතයක් නැහැ. මේ සිදුවීම මම හෙළා දකිනවා. මේක ඉතාම කනගාටුදායකයි. මොන ආගමක වුණත්,මේ නැතිවුණේ අහිංසක මිනිස්සු. ජේසුස් වහන්සේ උත්ථාන වුණ දවස ගැන හිතලා සතුටු වෙන්න බැතිමතුන්ට ඉඩ දුන්නේ නැහැ. ඒක ගැන ලොකු කනගාටුවක් තිබෙනවා. මේක ලොකු පව්කාරකමක්.

මැරෙන්න ඕන අය නෙමෙයි මැරෙන්නේ


රොෂාන් රණවන


මේ සිදුවීම වෙද්දී අපි හිටියේ ගෙදරයි. කුශ්ලානි කතෝලික ආගමේ නිසා අපිත් සාමාන්‍යයෙන් පාස්කු ඉරිදාට වගේම සමහර දිනවලදීත් ශාන්ත අන්තෝනි දෙව් මැඳුරට යනවා. කොච්චිකඩේ පල්ලිය කියන්නේ කතෝලික අය විතරක් යන පල්ලියක් නෙමෙයි. බෞද්ධ අය පවා නිතරම කොච්චිකඩේ පල්ලියට යනවා. ජාති ආගම් භේදයක් නැතිව හැමෝම ගෞරව කරන තැනක් තමයි ඒක. ඒ සිදුවීම ආරංචි වුණාම මට නම් අදහාගන්නත් බැරිවුණා.
පාස්කු දවසකට හැම බැතිමතකුම හරිම විශ්වාසයෙන් භක්තියෙන් තමයි පල්ලියට යන්නේ. මේ නැතිවුණේ අහිංසක මිනිසුනුයි. එක එක්කෙනාගේ පටු අරමුණ ඉෂ්ඨ කරගන්න ගිහින් අහිංසක මිනිස්සුන්ගෙත් ජීවිත නැතිවුණා. කිහිපදෙනෙකුගේ අන්තවාදී අදහස් නිසා අහිංසක මිනිස්සු සෑහෙන ගාණක් ජීවිතවලින් වන්දි ගෙව්වා.
මම නම් කියන්නේ මේක කවුරු හරි නවත්තන්න ඕනේ. දැන් සමහරු මේ ගැන එක එක කතා කියනවා. තමන් නිදහස් වෙන්න එක එක්කෙනාට වැරැද්ද පටවනවා. හැබැයි අවසානයේදී මේ හැමදේකින්ම තැලෙන්නේ අහිංසක මිනිස්සු. මැරෙන්න ඕන අය නෙමෙයි මැරෙන්නේ. ඒ නිසා මේ ගැන දිගින් දිගටම කතා කරලා තේරුමක් නැහැ. අද මිනිස්සු ඉන්නේ වෛරයෙන්. හැබැයි ඒ වෛරයෙන් අපි යමක් කළොත් ඒකෙන් වෙන්නේ තවත් අහිංසක මිනිස්සු නැතිවෙන එකයි. ඒ නිසා අදාළ බලධාරීන් මේකෙත් වගකීම් අරගෙන නිවැරදි තීරණ ගන්න ඕනේ. ඇත්තටම මේ හැමදේකින්ම අපි හැමෝම ඉන්නේ පුදුම කලකිරීමකින්.

යක්ෂයා පරද්දන්න නම් අපි ඔක්කොම සමාදානයෙන් වැඩකරමු


වීණා ජයකොඩි


දෙව්මැඳුරට යන හැමෝම දෙවියන් වහන්සේ අදහන, දෙවියන්ට ආදරේ කරන, මනුස්සකමින් පිරුණු දේව දරුවෝයි. දවස් හතළිහක් නිරාහාරව ඉඳලා යාඥා කරලා දෙවියන් වහන්සේගේ ආශීර්වාදය බලාපොරොත්තුවෙන් තමයි මේ බැතිමතුන් දේවස්ථානවලට ගියේ.
මේ වෙච්චි සිද්ධිය දෙවියන්ගෙන් වෙච්චි සිද්ධියක් නෙමේ. ඒක යක්ෂ පරීක්ෂාවක්. යක්ෂයා විසින් මිනිසුන්ගේ මනසට දරුණු ආකල්ප ඇති කරලා මනුස්ස වර්ගයාට තරහ ඇතිකරන, වෛරය ඇති කරන්න කරපු දේවල්. මේ නැතිවෙච්ච ආත්මවලට දෙවියන් වහන්සේගේ ආශීර්වාද කරාවි. මට දැනෙන විදිහට ඒ අහිංසක හැමෝම දෙවියන් වහන්සේ ළඟම ඉන්නවා. පූජාවත් ඉවරවෙලා, ජේසුව ලබලා, ඒ වෙලාවේ දෙවියන් වහන්සේට ස්තූති කරන වෙලාවේදී ජීවිතය හැර යනවා කියන්නේ ඒක දෙවියන් වහන්සේ ළඟට යාමක් කියලයි මට නම් හිතෙන්නේ. මට හරිම දුකයි.
ජේසුස් වහන්සේ අපිට කිව්වේ නොදැන කරන අයට සමාව දෙන්න කියලයි. ඒ නිසා අපි දැන් ඉවසන්න ඕනේ. එක එක්කෙනා කා කොටා ගන්නේ නැතිව, වෛර කරන්නේ නැතිව සමාදානයෙන් ඉන්න ඕනේ. හැමකෙනෙකුටම දුකයි. මේ සිදුවීම හරිම කැතැයි. මම නම් මේ දේවල් දකින්නේ මේ මනුස්සයන් කරන දේවල් නෙමේ. දෙවියන් වහන්සේගේ ආශීර්වාදයකුත් එක්ක නැතිවෙනවා කියන්නේ ඒ අය හොඳින් ඉන්නවා කියලයි. ස්වර්ග රාජ්‍යයේ සතුටු ලබාගන්න ඇති කියලයි මම විශ්වාස කරන්නේ.
මේ සිද්ධිය වෙන වෙලාවේදී මම හිටියේ ගෙදර. අපි එදා රෑ තමයි පල්ලි ගියේ. ජීවිතේ අලුත් කරගන්න තමයි අපි දවස් හතළිහක් නිරාහාරව ඉඳලා, යාඥා කරලා, පසුතැවිලි වෙලා, පාපොච්චාරණය කරලා අපි ඒ හැමදේකින්ම අළුත්වෙලා හැදෙනවා. ඒකෙදි මේ වගේ දෙයක් සිදුවුණා කියන්නේ මේක මනුෂ්‍යයන් විසින් කරපු දෙයක් නෙමේ. මේක යක්ෂ පරීක්ෂාවක්. මේ වගේ දෙයක් කරපු අයට, කවදාවත් සුගතියක් නැහැ. මේ අවස්ථාව අපිට හොඳ පාඩමක්. වෛරය ඇති කරගත්තේ නැතිව, කුලප්පු වෙන්නේ නැතිව, අපිත් ඒ තත්ත්වයට වැටෙන්නේ නැතිව, යක්ෂයා පරද්දන්න නම් අපි ඔක්කොම සමාදානයෙන් එකතුවෙලා වැඩකරමු කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ.

► Text - Dishani  /   Pic -  Sumudu &  Internet
මනුස්සයෙක්ට මෙච්චර නපුරු සිතුවිල්ලක් ඇතිවෙන්නේ කොහොමද මනුස්සයෙක්ට මෙච්චර නපුරු සිතුවිල්ලක් ඇතිවෙන්නේ කොහොමද Reviewed by CHAA MEDIA on April 27, 2019 Rating: 5

නොසිතූ නොපැතූ මොහොතක ජීවන ගමනට සමුදුන් ශාන්තා මායාදුන්නේ සහ අගේ දියණිය...

April 27, 2019
 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif


නොසිතූ නොපැතූ මොහොතක ජීවන ගමනට සමුදුන් ශාන්තා මායාදුන්නේ සහ අගේ දියණිය... නොසිතූ නොපැතූ මොහොතක ජීවන ගමනට සමුදුන් ශාන්තා මායාදුන්නේ සහ අගේ දියණිය... Reviewed by CHAA MEDIA on April 27, 2019 Rating: 5

ලෑලි මඩුවක දිවි ගෙවු අසරණ පවුලකට නව නිවෙසක්

April 26, 2019
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනහිතගම ප්‍රදේශයේ අවම පහසුකම් සහිත පොල් අතු සෙවිලි කළ නිවෙසක ජීවත් වූ දිළිඳු පවුලක් සඳහා නව නිවෙසක් ඉදි කර බාරදීම පසුගියදා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නාත්තන්ඩිය ශාඛාවේ කළමනාකරු බන්දුල සිසිර කුමාර මහතාගේ හා නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. එම්.සිසිර කුමාර සහ සින්නාච්චි ශිවරංජනී නැමැති යන අයගේ පවුලට මේ නිවෙස භාර දීම සිදු කෙරුණි. එම පවුලේ අවුරුදු 10,12,16 වයසේ පසුවන පාසල් යන දරුවන් තිදෙනෙකි. දරුවන්ගේ මව වන ශිවරංජනී පවුලේ පවතින අග හිගකම් හා නිවසක් තනා ගැනීමේ අරමුණින් විදෙස්ගත වීමට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනි රනීෂා කුමාරි මහත්මිය මුණගැසී ඊට අවශ්‍ය ලියකියවිලි සාදා ගැනීමට ගිය විට දරුවන් තනිකර දමා එවැනි ගමනක් යෑම නුසුදුසු බව ග්‍රාම නිලධාරිනිය ඇයට කියා ඇත. නමුත් නිවෙසක අවශ්‍යතාව ගැන කී විට ඒ වෙනුවෙන් තමා මැදිහත් වී කටයුතු කරන බවට ග්‍රාම නිලධාරිනිය පොරොන්දු වී තිබේ. ඒ අනුව නාත්තන්ඩිය ලංකා බැංකුවේ කළමනාකරු බන්දුල සිසිර කුමාර මහතාට මේ ගැන දැන්වීමෙන් පසු නිවෙස ඉදිකිරීමේ කටයුතු ඇරැඹිණි. නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී සුජීව විජේසිංහ මහතා මාරවිල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උ.පො.පා. අයිරංගනී මහත්මිය සහ නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි විදේශ කටයුතු සංවර්ධන නිලධාරී රුවන් ගීත් කුමාර මහතා යන අය ෙම් අවස්ථාවට සහ සහභාගි වූහ.
මිහිර විජේසේකර- මාරවිල සමූහ
ලෑලි මඩුවක දිවි ගෙවු අසරණ පවුලකට නව නිවෙසක් ලෑලි මඩුවක දිවි ගෙවු අසරණ පවුලකට නව නිවෙසක් Reviewed by CHAA MEDIA on April 26, 2019 Rating: 5

කල්මුණේ වෙඩි හුවමාරුවක් - වීඩියෝ දර්ශනයේ ඇඳ සිටි ඇඳුම් හමුවේ

April 26, 2019

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif
9.00pm
 කලබලකාරී තත්වයන් මතුවූ කල්මුණේ / සමන්තුරේ/චවලකඩේ යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදී නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
---------
 8.20pm
කල්මුණේ, සායින්ද මර්දූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී සැකකටයුතු පිරිසක් සහ ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් සිදු ව තිබේ.එම ස්ථානයේ ත්‍රස්තවාදීන් 3ත් 6ත් අතර පිරිසක් සිටිය හැකි බවට විශ්වාස කරන බවට වාර්තාවී ඇත.
යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු
ආරක්ෂක අංශ


මෙම මෙහෙයුම යෙදී සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, මරාගෙන මැරෙන බෝම්බ කට්ටල නිෂ්පාදනාගාරයක් බවට සැක කෙරෙන ස්ථානයක් වැටලීමට ගිය අවස්ථාවේදී මෙම ගැටුම සිදුවූ බවයි.මෙම ස්ථානයේ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සකසන්නට ඇති බවට සාධකද හමුව ඇත.
සයින්දමාරු ප්‍රදේශයේදී සැක සහිත වෑන් රථයක් පුපුරුවා ගෙන ඇතැයි ද වාර්තා වෙනවා.
එම ප්‍රදේශයේ සැකසහිත වෑන් රථයක් පිළිබඳව පොලිස් බුද්ධි අංශයට ලැබුණ තොරතුරක් අනුව පරීක්ෂා කරන්නට පෙර මෙය සිදු කරගෙන ඇත.

ජීවිත හානි පිළිබඳව තවමත් තොරතුරු වාර්තා නොවෙයි.

රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අම්පාර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් වෙත දැනුම් දීමෙන් අනතුරුව සිදුකරන ලද මෙම මෙහෙයුමේදී සමන්තුරය ප්‍රදේශයේදී නිවසක් තුළ තිබී සැකකටයුතු දේපල රැසක් සොයා ගෙන ඇති බව පොලිසිය දැනුම් දෙන ලදි.
පසුගිය දින සිදුවූ බෝම්බ ප්‍රහාරවල මරාගෙන මැරෙන බෝම්බකරුවන් යැයි සැකකරන පිරිසක් නිකුත් කළ බවට සැකකරන වීඩියෝ දර්ශනයේ දක්නට ලැබෙන එම පුද්ගලයන් ඇඳ සිටින ඇඳුම් වලට සමාන ඇඳුම් කට්ටලයකුත්,
එමෙන්ම එම වීඩියෝ දර්ශනයේ පිටුපස තිරය බවට සැකකරන තිරයකුත්, ජෙලයිට් කූරු 150කට අධික ප්‍රමාණයකුත්, කුඩා යකඩ බෝල ලක්ෂයක් පමණ ප්‍රමාණයක්, සැකකටයුතු වෑන් රථයක්, ඩෝන කැමරාවක්, ලැප්ටොප් පරිඝණක 01ක් ඇතුළු දේපල රැසක් සොයා ගෙන ඇති බව පොලිසිය දන්වයි.

කල්මුණේ වෙඩි හුවමාරුවක් - වීඩියෝ දර්ශනයේ ඇඳ සිටි ඇඳුම් හමුවේ කල්මුණේ වෙඩි හුවමාරුවක් - වීඩියෝ දර්ශනයේ ඇඳ සිටි ඇඳුම් හමුවේ Reviewed by CHAA MEDIA on April 26, 2019 Rating: 5

පොලිසිය සොයමින් සිටි සැකසහිත ලොරිය වත්තලින් හමුවෙයි

April 25, 2019
(ඉන්දිකා රාමනායක)
ප‍්‍රහාරයක් එල්ල කිරීමට සුදානම්ක් ඇති බවට පොලිසිය සොයමින් සිටි WP DAE - 4197 දරන සැකකටයුතු ලොරි රථය අද (25) වත්තල නායක්කන්ද ප‍්‍රදේශයේ  දී කොටහේන පොලිසිය අත්අඩංගුවටගනු ලැබීය.
මෙම හිමිකරු බව කියන වැල්ලම්පිටිය නවගම්පුර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ෂැංග්‍රිලා හෝටලයේ දී  ඉකුත් 21 දා බෝම්බයක් පුපුරාගෙන  මියගිය මොහොමඞ් ආසාම් මොහොමඞ් මුබාරක් නැමැත්තාගේ නමින් මෙම ලොරිය ලියාපදිංචි කර ඇති අතර  ඉකුත් 22 දින කොච්චිකඬේ පල්ලිය  ආසන්නයේ දී  විශේෂ කාර්ය බලකාය  විසින් ආරක්ෂිතව පුපුරවා හරින  ලද වෑන් රථයද ලියා පදිංචිකර ඇත්තේ ද මෙම  බෝම්බකරුගේ  නමින්  බවද උසස් පොලිස් නිලධාරියෙක්  සඳහන් කළේය.
බෝම්බකරු  මෙම ලොරිය ලියාපදිංචිකර ඇත්තේ   කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පිහිටි ඔහුගේ බිරිදගේ නිවසේ ලිපිනයට බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
ලොරියේ අයිතිකරු වශයෙන් දැනට සිටින පුද්ගලයා මෙම ලොරිය මීට වසර දෙකකට පෙර   මොහොමඞ් අසාම් මොහොමඞ් මුබාරක් නැමැත්තාගෙන් කල්බදු  ක‍්‍රමයට ලබාගෙන ඇති අතර  වාරික රැසක් ගෙවීමට ඇති නිසා ඔහු  ලොරිය සිය නමට  ලියා පදිංචි නොකර මොහොමඞ් අසාම් මොහොමඞ් මුබාරක් නැමැත්තාගේ නමින්ම  කල්බදු ගෙවා ඇති බවට  ප‍්‍රශ්න කිරීම් වලදී හෙළි කරගෙන ඇත.
මෙම ලොරි රථය  කොටහේන පොලිසිය  බාරයේ තබාගෙන  පරීක්ෂණ පවත්වමින් සිටියි.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි





පොලිසිය සොයමින් සිටි සැකසහිත ලොරිය වත්තලින් හමුවෙයි පොලිසිය සොයමින් සිටි සැකසහිත ලොරිය වත්තලින් හමුවෙයි Reviewed by CHAA MEDIA on April 25, 2019 Rating: 5

බුහාරි මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ල කිරීමට ගිය 2 ක් අත් අඩංගුවට

April 25, 2019
(බන්දු තඹවිට)
බේරුවල බුහාරි මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ලකිරීමට සැලසුම් කළ බවට සැකපිට සිංහල නමකින් පෙනී සිටි දිගන ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් පුද්ගලයන් දෙදෙනෙකු කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය අද (25) අත් අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දිගන ප්‍රදේශයේ අබ්දුල්ලා නමින් පදිංචිව සිටි මේ වනවිට කොඩිතුවක්කු ආරච්චිලාගේ රුවන් වීරසිංහ නමින් පෙනී සිටින 30 හැවිරිදි අඹන්වත්ත ,රජවැල්ල ලිපිනයේ පදිංචි අයෙකු සහ පන්විලහේන ,වේයන්ගල්ල ,අගලවත්ත ලිපිනයේ පදිංචි අබ්දුල් රහීම් මොහොමඩ් ෆයිසර් නමැති 39 හැවිරිදි අයෙකි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කිසියම් මුස්ලිම් අන්තවාදී කණ්ඩායමකට අයත් බවට පොලිසිය සැකකරන අතර මොවුන් විසින් බේරුවල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ මුස්ලිම් පල්ලියක් වන බුහාරි පල්ලියට ප්‍රහාරයක් එල්ලකිරීමට සැලසුමක් තිබෙන බවට මොවුන් විසින් කරන ලද ප්‍රකාශයක් අනුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
සිංහල නමින් පෙනීසිටින පුද්ගලයා තමා සිංහල නමින් පෙනී සිටීමට සාධාරණ හේතුවක් ඉදිරිපත්කිරීමට අපොහොසත්වී ඇති අතර ඔහු දිගන ප්‍රදේශයෙන් පැමිණ වේයන්ගල්ල ප්‍රදේශයේ පදිංචි අනෙක් සැකකරුගේ නිවසේ නැවතී සිට ඇත.
උපුටා ගැනීම -ලංකාදීප වෙබ් අඩවියෙන්
බුහාරි මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ල කිරීමට ගිය 2 ක් අත් අඩංගුවට බුහාරි මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ල කිරීමට ගිය 2 ක් අත් අඩංගුවට Reviewed by CHAA MEDIA on April 25, 2019 Rating: 5

අයිඑස්අයිඑස් ත්‍රස්ත නායකයින්ගේ ඡායාරූප දුරකථනයේ තිබූ අයෙක් රිමාන්ඩ්

April 25, 2019

(සිරිනිහාල් ගමගේ)
වඳුරඹ මැද කිබිය ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල සැරි සැරූ අයිඑස්අයිඑස් ත්‍රස්ත කණ්ඩායමේ නායකයින්ගේ ඡායාරූප දුරකතනයේ සටහන්ව තිබු සැකකටයුතු පුද්ගලයකු වඳුරඹ පොලිසිය අත්අඩංගුවට ගෙන අද (25) බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 05 දින දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.
මෙම පුද්ගලයා සතුව කිසිදු අනන්‍යතාවයක් සහතික කිරීමට හැදුනුම්පතක් හෝ වෙනත් කිසිදු ලේඛනයක් තිබී නැත.
ඔහු පවසන පරිදි කොලබවැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් කැනඩාවේ සේවය කර ලංකාවට නිවාඩුවකට පැමිණි බවත් නම සුරේෂ් ශ්‍රී කාන් බවටත් පොලිසියට පවසා ඇත.
පසුව ඔහු සන්තකයේ වූ භාණ්ඩ පරීක්ෂා කිරීමේදී කැනඩාවේ ආයතනයක සේවක හැඳුනුම්පතක් තිබී එහි නම ලෙස ශ්‍රී කාන් කාන් ලෙස සඳහන්ව තිබී ඇත.
මෙම පුද්ගලයා කුමක් සඳහා මෙම ප්‍රදේශයට පැමිණියේද යන්න විමසීමේදී එම ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේනමක් සමඟ මුහුණු පොතෙන් මිතුරුවී එම ස්වාමීන් වහන්සේව හමුවීමට පැමිණි බව පවසා ඇත.
ඔහු සතුව තිබු ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් වන අයිඑස්අයිඑස් සංවිධානයේ නායකයන්ගේ ඡායාරූප හා ගාල්ල නගරයේ විවිධ ස්ථාන වල ඡායාරුප එම දුරකතනයේ සටහන්ව තිබී හමුවී ඇත.
 
 උපුටා ගැනීම -ලංකාදීප වෙබ් අඩවියෙන්
අයිඑස්අයිඑස් ත්‍රස්ත නායකයින්ගේ ඡායාරූප දුරකථනයේ තිබූ අයෙක් රිමාන්ඩ් අයිඑස්අයිඑස් ත්‍රස්ත නායකයින්ගේ ඡායාරූප දුරකථනයේ තිබූ අයෙක් රිමාන්ඩ් Reviewed by CHAA MEDIA on April 25, 2019 Rating: 5

බැල්ලියකගෙන් කිරි බිවූ දරුවකු රෝහල් ගත කෙරේ

April 25, 2019
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif
නිවසේ ඇති කරන බැල්ලියකගෙන් කිරි උරා බීම නිසා වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත රැගෙන ආ අවුරුදු තුන හමාරක් වයසැති පිරිමි දරුවකු පිළිබඳ පුවතක් මාතර ප්‍රදේශයෙන් වාර්තා වේ.
එම බැල්ලියගේ පැටවුන් කිරි උරා බොන ආකාරයට එම දරුවාද කිරි උරා බී ඇත.
එම අවස්ථාවලදී නිවසේ සුරතලයට ඇති කරන බැල්ලියගෙන් දරුවාට කිසිඳු කරදරයක් සිදු වී නොමැති අතර ඌ ද තම පැටවුන් කිරි උරා බොන ආකාරයට දරුවාට කිරි උරා බීමට ඉඩ ලබා දී තිබෙන බව දැන ගන්නට ඇත.
කෙසේ වෙතත් ඒ ආකාරයට තම දරුවා බැල්ලියගේ කිරි උරා බොන අයුරු මව විසින් දැක දරුවා මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
එම දරුවාට ජල භීතිකා එන්නත ලබා දුන් බවත් දරුවාගේ සෞඛ්‍ය තත්වය යහපත් බවත් මාතර මහ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
 
උපුටා ගැනීම -ලංකාදීප වෙබ් අඩවියෙන්
බැල්ලියකගෙන් කිරි බිවූ දරුවකු රෝහල් ගත කෙරේ බැල්ලියකගෙන් කිරි බිවූ දරුවකු රෝහල් ගත කෙරේ Reviewed by CHAA MEDIA on April 25, 2019 Rating: 5
ads 728x90 B
Powered by Blogger.