ලෑලි මඩුවක දිවි ගෙවු අසරණ පවුලකට නව නිවෙසක්

Seo Services
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනහිතගම ප්‍රදේශයේ අවම පහසුකම් සහිත පොල් අතු සෙවිලි කළ නිවෙසක ජීවත් වූ දිළිඳු පවුලක් සඳහා නව නිවෙසක් ඉදි කර බාරදීම පසුගියදා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නාත්තන්ඩිය ශාඛාවේ කළමනාකරු බන්දුල සිසිර කුමාර මහතාගේ හා නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. එම්.සිසිර කුමාර සහ සින්නාච්චි ශිවරංජනී නැමැති යන අයගේ පවුලට මේ නිවෙස භාර දීම සිදු කෙරුණි. එම පවුලේ අවුරුදු 10,12,16 වයසේ පසුවන පාසල් යන දරුවන් තිදෙනෙකි. දරුවන්ගේ මව වන ශිවරංජනී පවුලේ පවතින අග හිගකම් හා නිවසක් තනා ගැනීමේ අරමුණින් විදෙස්ගත වීමට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනි රනීෂා කුමාරි මහත්මිය මුණගැසී ඊට අවශ්‍ය ලියකියවිලි සාදා ගැනීමට ගිය විට දරුවන් තනිකර දමා එවැනි ගමනක් යෑම නුසුදුසු බව ග්‍රාම නිලධාරිනිය ඇයට කියා ඇත. නමුත් නිවෙසක අවශ්‍යතාව ගැන කී විට ඒ වෙනුවෙන් තමා මැදිහත් වී කටයුතු කරන බවට ග්‍රාම නිලධාරිනිය පොරොන්දු වී තිබේ. ඒ අනුව නාත්තන්ඩිය ලංකා බැංකුවේ කළමනාකරු බන්දුල සිසිර කුමාර මහතාට මේ ගැන දැන්වීමෙන් පසු නිවෙස ඉදිකිරීමේ කටයුතු ඇරැඹිණි. නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී සුජීව විජේසිංහ මහතා මාරවිල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උ.පො.පා. අයිරංගනී මහත්මිය සහ නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි විදේශ කටයුතු සංවර්ධන නිලධාරී රුවන් ගීත් කුමාර මහතා යන අය ෙම් අවස්ථාවට සහ සහභාගි වූහ.
මිහිර විජේසේකර- මාරවිල සමූහ
ලෑලි මඩුවක දිවි ගෙවු අසරණ පවුලකට නව නිවෙසක් ලෑලි මඩුවක දිවි ගෙවු අසරණ පවුලකට නව නිවෙසක් Reviewed by CHAA MEDIA on April 26, 2019 Rating: 5

No comments:

Powered by Blogger.