අගරදගුරු හිමිපාණන්ගේ වෙසක් දින පණිවුඩය

Seo Services
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවෙන යන තෙමඟුල සමරන පූජනීය වෙසක් උත්සවයට බොදුනු ජනතාව වෙත ඉමහත් සෙනෙහසින් සුභාශිංසන පල කර සිටින බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සිය වෙසක් දින පණිවුඩයෙන් ප්‍රකාශ කර ඇත.
මානව වර්ගයා කෙරෙහි පමණක් නොව සියලු සතුන්ට මෛත්‍රිය පෑමට කියාදෙන උතුම් බෞද්ධ දර්ශනයට තමන් පෞද්ගලිකවම විශේෂ ගෞරවයක් දක්වන බව එතුමන් ප්‍රකාශ කරයි.
වසර 2500කට වැඩි කලක් මෙරට ජන විඥාණය පෝෂණය වන්නේ බෞද්ධ චින්තනයෙන් බවත් අදහන ආගම කුමක් වුවද ඒ හැම ආගමකටම බුදු දහම සරු පසක් බව කාදිනල් හිමි කියා සිටියි.
එසේ වන්නේ කිතු දහම ඇතුළු ලොව ප්‍රධාන ආගම් සියල්ලේම පදනම ප්‍රේමය වීම බව උන් වහන්සේ කියා සිටියි.
වෙනදාට වඩා අපේ ආගමික පැවැත්ම පරීක්ෂාවට ලක්වන සමයක වෛරය ආගම කරගත් ත්‍රස්තවාදය අද ආගම් සියල්ලටම බලවත් අභියෝගයක් බව එතුමන් සඳහන් කරයි.
එහෙත් වෛරය පරාජය කළ හැක්කේ මෛත්‍රියට පමණක් බවත් එබැවින් එය අධ්‍යාත්මික පැවැත්මේ කේන්ද්‍රය කර ගත යුතු බවත් උන් වහන්සේ පෙන්වා දෙයි.
වෛරයේ ගිනි නිවා සියල්ලන් සුවපත් කර උතුම් වු දැහැමියාවකට පිය නගමුයැයි කාදිනල් හිමියන් ප්‍රකාශ කර සිටියි.
අගරදගුරු හිමිපාණන්ගේ වෙසක් දින පණිවුඩය අගරදගුරු හිමිපාණන්ගේ වෙසක් දින පණිවුඩය Reviewed by CHAA MEDIA on May 17, 2019 Rating: 5

No comments:

Powered by Blogger.