උණ ගස් කැපීමට ගිය සිසුවා විදුලිසරට බිලි

Seo Services
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
වෙසක් පහන් කූඩූ සෑදීමට උණ ගස් කැපීමට ගිය මරදන්කඩවල මාවතවැව ප‍්‍රදේශයේ දහසය හැවිරිදි පාසල් සිසුවෙකු 12 දා සවස පහට පමණ විදුලිය සැර වැදීමෙන් මියගොස් ඇතැයි කැකිරාව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අ/වලගම්බාහුව මහ විද්‍යාලයේ 13 වසර ඉගෙනුම ලබමින් සිටි මාවතවැව පේ‍්‍රමශාන්ත ඕෂධ නැමති දහසය හැවිරිදි පිරිමි දරුවෙකි. 12දා සවස සිය නිවස අසල ගෙවත්තකින් උණ ගසක් කපමින් සිට්යදී උණ ගස අධි බලැති විදුලි රැහැනේ වැදී විදුලි සැර වැදී අනුරාධපුර රෝහල වෙත රැගෙන යමීන් සිටියදී මරණයට පත් වී ඇත.

එළඹෙන වෙසක් පෝයට වෙසක් පහන් කූඩූ සැදිම සදහා උන පතුරු ලබාගැනිමට උණගසක් කපා ගැනීමට තමන්ගෙන්අවසර ලබාගත් බව උණපදුර හිමි ගෙවත්තේ කාන්තාව සදහන්  කළා ය.

මියගිය පේ‍්‍රමශාන්ත ඕෂධ ශිෂ්‍යා එලෙබෙන 15වෙනිදා වලගම්බාහුව මහ විද්‍යාලයේ ශිෂ්‍ය නායකයකු ලෙස පදක්කම් පැලදීමට සිටි බව ද විද්‍යාලයීය ගුරුවරයකු ස`දහන් කළේය. තිරිප්පනේ සමන් පෙරේරා 

උපුටා ගත්තේ - දිවයින
උණ ගස් කැපීමට ගිය සිසුවා විදුලිසරට බිලි උණ ගස් කැපීමට ගිය සිසුවා විදුලිසරට බිලි Reviewed by CHAA MEDIA on May 14, 2019 Rating: 5

No comments:

Powered by Blogger.