Seo Services

මොකද්ද මේ කලන්තේ?

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
කිසියම් ශාරීරික අපහසුතාවක්, නිදන්ගත රෝගයක්, අතුරු ආබාධයක් හේතුවෙන්  තාවකාලිකව සිහිමඳ ගතියක් ඇති වීම  ක්ලාන්ත වීම නැතිනම් සාමාන්‍ය වහරෙදි ‘කලන්තේ දානවා’ (Syncope/ Faintness) යැයි හැඳින්වේ. දියවැඩියාව වැනි නිදන්ගත රෝගයකින් පෙළෙන අයට ඇති වනවිට මෙය දරුණු තත්ත්වයක් බවට පෙරුලෙන්නට ද හැකිය.
සාමාන්‍ය ක්ලාන්තයක් කුඩා කාලයක් පවතින අතර එහිදී එයට මුහුණ දෙන අයගේ සිරුරේ තානය හෙවත් දරාසිටීමේ ගුණය අඩු වී සිට ගැනීමට නොහැකිව බිම ඇද වැටිය හැක. ක්ලාන්තයට විවිධ හේතු පවතියි.
විවිධ ක්ලාන්ත   වර්ග: ක්ලාන්තය ඇති වීමට හේතු වන කරුණු අනුව එය වර්ග කළ හැක.
 හෘද රිද්මයේ අසාමාන්‍යතා නිසා ඇති වන ක්ලාන්තය
 ස්නායු ප්‍රතීක නිසා ඇති වන ක්ලාන්තය
රුධිරය ශිරාවල එකතු වීම නිසා ඇති වන ක්ලාන්තය
හෘදයේ සහ පෙනහලුවල ව්‍යුහාත්මක ගැටලු නිසා ඇති වන ක්ලාන්තය
මොළයට රුධිරය සපයන ධමනිවල ඇති වන රෝග (cerebrovascular diseases)
ඉහත කුමන හෝ හේතුවක් නිසා හෝ මොළයට ලැබෙන රුධිර සැපයුම තාවකාලිකව අඩු වීම ක්ලාන්තය ඇති වීමට හේතුවයි.
මේ සඳහා බහුලවම හේතු වන්නේ vaso-vagal ලෙස වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන  ක්ලාන්තයයි. අසාමාන්‍ය ලෙස හටගන්නා ස්නායු ප්‍රතීක මඟින් හෘද රිද්මය සහ රුධිර පීඩනය වෙනස් කිරීමෙන් මෙම තත්ත්වය ඇති වේ.
මෙහිදී ඇති වන ලක්ෂණ මොනවාද?
හිසේ බර ගතියක් හා වැටෙන්නට යන බවක් දැනීම, ද්‍රෘෂ්ඨි පථය පටු වීම, ඔක්කාරය, අත්ල හා යටිපතුල් සීතල වීම, පෙනීම බොඳ වී යාම, සුදුමැලි වීම, දහඩිය දැමීම හා සිරුරට රස්නයක් දැනීම.
මෙම ලක්ෂණ ඇති විය හැකි වෙනත් රෝග මොනවාද?
රුධිරයේ සීනී මට්ටම අඩු වීම, වලිප්පුව, තයිරොක්සින් අඩුවීම බඳු කරකැවිල්ල ඇති කරන රෝග තත්ත්වයන්
මෙම රෝග තත්ත්වයන් වෙන්ව විනිශ්චය කරන්නේ කෙසේද?
මෙම තත්ත්වය රෝග ඉතිහාසය සහ ශාරීරික පරික්ෂාවකින් පමණක් වුවද වෛද්‍යවරයා විසින් රෝග විනිශ්චය සිදු කරයි. නමුත් ක්ලාන්තය නිතර නිතර ඇති වන්නේ නම් සහ ක්ලාන්තය ඇති වීමට හෘද, ස්නායු ගැටලුවක් වෙනත් රෝග තත්ත්වයක් ඇතැයි වෛද්‍යවරයාට හැඟී යන්නේ නම් ECG පරීක්ෂණ, echo පරීක්ෂණ, රුධිර පීඩනය මැනීම, රුධිරයේ සීනී මට්ටම් පරීක්ෂා කිරීම වැනි විවිධ පරීක්ෂණ සිදු කරනු ලබයි.
මෙම තත්ත්වය සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?
සමහර විට මෙම තත්ත්වය සඳහා කිසිදු ප්‍රතිකාරයක් අවශ්‍ය නොවේ. වෛද්‍ය හමුවකින් මෙම තත්ත්වය ඇති වන අවස්ථා සහ එයට හේතූ හඳුනාගෙන එම තත්ත්වයන් මඟ හරවා ගැනීම ප්‍රමාණවත් වේ.
ක්ලාන්ත තත්ත්වය ඇති වු විට සිදු කරන්නේ කුමක්ද?
ක්ලාන්ත තත්ත්වය ඇති වන බවට හැඟී යන්නේ නම් ඉක්මනින් හාන්සි වන්න. එසේ කිරීමට නොහැකි නම් වාඩි වී කකුල් අතර හිස ඔබා ගන්න. මෙවිට මොළයට රුධිර සැපයුම වැඩි වේ.
ක්ලාන්තය සෑදී යම් පුද්ගලයකු ඇදවැටුණහොත් වහාම ඔහු බිම හාන්සි කර වම් ඇළයට හරවන්න. දෙපා හෘද මට්ටමට වඩා ඔසවා තබන්න. කෙටි වේලාවක් තුළ කල්පනාව යථාතත්වයට පත්වන්නේ නැත්නම් වහාම රෝගියා රෝහල් ගත කළ යුතුය.
- Neurofacts
උපුටා ගැනීම -http://www.deshaya.lk
මොකද්ද මේ කලන්තේ?  මොකද්ද මේ කලන්තේ? Reviewed by CHAA MEDIA on May 30, 2020 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.