Seo Services

උදේට වැඩිවෙන හවසට අඩුවෙන ලෙඩේ...

 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
වයසට යන විට සිරුරේ දැනෙන, විවිධ වේදනා බොහෝමයි. තුනටිය කැක්කුම ඒ අතර ප්‍රධානයි. ඒ සඳහා විවිධ හේතු තිබිය හැකියි. නමුත් බහුලවම දක්නට ලැබෙන උදේට දරන්න බැරි වේදනාවක් හටගෙන ටිකෙන් ටික අඩුවෙන තුනටියේ කැක්කුම වෛද්‍යවරු හඳුන්වන්නේ ‘’ස්පොන්ඩිලෝසිස්’ (Lumbar spondylosis), නැතිනම් කටී ප්‍රදේශයේ ස්පොන්ඩිලෝසිස් රෝගය හැටියටයි. අද අපි සොයා බලමු ඒ ගැන. 
මොකක්ද මේ Lumber Spondylosis රෝග තත්ත්වය?
මෙය තුනටිය කියලා සාමාන්‍යයෙන් හඳුන්වන කටී කශේරුකාවේ ඇති ස්පොන්ජි වැනි  අන්තර් කශේරුක මඬල සහ ඒ ආශ්‍රිත සන්ධි පරිහානියට පත්වීම සහ ඒ අතරින් නව අස්ථී කොටස් ඇතිවීම නිසා ඇතිවන රෝග තත්ත්වයකි.
මෙම රෝග තත්ත්වයේදී කටී කශේරුකාවල සහ අන්තර් කශේරැක මඬල්වල ඇතිවන වෙනස්කම් මොනවාද?
මෙහිදී වයස්ගත වීමත් සමඟ මෙම වෙනස්කම් ඇතිවේ. කශේරුකා වලින් පිටතට Osteophytes ලෙස හඳුන්වන කූරු වැනි අස්ථි කොටස් වර්ධනය වේ. මේවා බහුලවම වර්ධනය වන්නේ කශේරුකාවල ඉදිරිපස සහ දෙපසයි. වයසට යන විට අන්තර් කශේරුක මඬලවල පිටත තන්තුමය කොටස ඝන වන අතර ඒවායේ ප්‍රත්‍යස්ථභාවය අඩු වේ. එම නිසා මැද ඇති ජෙලිමය ද්‍රව්‍ය පිටතට නෙරා ඒම සිදුවේ.
කශේරුකා අතර අස්ථි වර්ධනය නිසා කශේරුකාවල චලන අඩු වී කොන්දේ නම්‍යශීලීභාවය නැති වී යයි. (bamboo spine)
රෝග ලක්ෂණ මොනවාද?
මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය තුනටිය ප්‍රදේශයේ ඇතිවන වේදනාවයි. මෙම වේදනාව උදෑසනදී වැඩියි. දෛනික ක්‍රියාකාරකම් සමඟ අඩු වේ. දැඩි වෙහෙසක් ගෙන දෙන ක්‍රියාකාරකම් නිසා මෙම වේදනාව වැඩි වේ. කොන්දේ තද ගතිය (stiffness) ඇතිවෙන අතරම එහිදි කශේරුකාවල ඇතිවන අස්ථිමය වර්ධනයන් නිසා සුෂුම්නාව හෝ ස්නායුමුල තෙරපෙන විට මෙම කොන්දේ වේදනාව තට්ටම ප්‍රදේශය හෝ පාදය දක්වා විහිදී යයි.
මෙම රෝගය  නිසා ඇතිවිය හැකි සංකූලතා :
Lumber radiculopathy තත්ත්වය
Spondylolysis හෙවත් අස්ථි එකිනෙක මත ලිස්සා යාම
පාදවල මාංශපේශි දුර්වල වීම. (myelopathy)
Lumber Spinal stenosis හෙවත් සුෂුම්නාව ගමන් කරන අස්ථිමය නාලයේ වපසරිය අඩු වේ.
  
මෙහිදී රෝග විනිශ්චය කරන්නේ කෙසේද?
රෝගියා විසින් පවසන රෝග ඉතිහාසයට අනුව සහ ශාරීරික පරීක්ෂාවෙන් සොයාගන්නා තොරතුරු අනුව මෙම රෝග තත්ත්වය සායනිකව රෝග විනිශ්චය සිදු කළ හැක. රෝග තත්ත්වය තහවුරු කිරීම සඳහා කොන්දේ එක්ස්-රේ පරීක්ෂණ සහ MRI පරීක්ෂණ උපයෝගී කර ගනී.
මෙම රෝග තත්ත්වය සදහා හේතුවන කරුණු මොනවාද?
මෙම රෝග තත්ත්වය ඇතිවීම සඳහා හේතුවන බවට තහවුරු වී ඇති එකම කරුණ වන්නේ වයස්ගත වීමයි.
මෙම රෝග තත්ත්වයට සිදුකරන ප්‍රතිකාර මොනවාද?
මේ සඳහා ඖෂධීය නොවන ව්‍යායාම ප්‍රතිකාර ක්‍රම, මෙන්ම ඖෂධ සහ සැත්කම් ද තිබේ.
ඖෂධීය නොවන ප්‍රතිකාර :
කොන්දේ මාංශපේශි ශක්තිමත් කිරීම සඳහා ව්‍යායාම
භෞත චිකිත්සක ප්‍රතිකාර
තුනටියට Lumber corset එකක් පැළඳීම
කොන්දේ වේදනාව ඇති කරන ක්‍රියාකාරකම් සීමා කිරීම
ඖෂධීය ප්‍රතිකාර:
කොන්දේ ඇතිවන දැඩි වේදනාව පාලනය සඳහා වේදනා නාශක භාවිතය සහ කොන්දේ තද භාවය අඩු කරන ඖෂධ භාවිතය.
කොන්දේ සිදුකරන සැත්කම්:
මෙය රෝග තත්ත්වය උග්‍රවී සුෂුම්නාව හෝ ස්නායු මුල තෙරපීමකට ලක්වූ විට කොන්දේ සිදු කරන ශල්‍යකර්ම මගින් ප්‍රතිකාර සිදු කරනු ලබයි.
Neurogen@sugath

උපුටා ගැනීම -  http://www.deshaya.lk

උදේට වැඩිවෙන හවසට අඩුවෙන ලෙඩේ... උදේට වැඩිවෙන හවසට අඩුවෙන ලෙඩේ... Reviewed by CHAA MEDIA on July 03, 2020 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.