Seo Services

සිතේ-ගතේ සියලු රෝග නසන යෝග!

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
මේ දිනවල කොවිඩ් 19 වසංගතය නිසා එළිමහනට යන්න නොහැකිව සිටින පිරිසට ගෙදර ඉඳන්ම පහසුවෙන් කළ හැකි සෞඛ්‍ය සම්පන්නම ව්‍යායාම පද්ධතියක් හැටියට යෝග හඳුන්වන්න පුළුවනි. සිතේ - ගතේ සියලු රෝග නසන යෝග ඉතා පහසුවෙන් දැඩි වෙහෙසක් නොදරා සිදුකළ හැකි ව්‍යායාම ක්‍රමයකි. යෝග සිදුකිරීමෙන් ලැබෙන වාසි ගැනයි මේ.
1. යෝගාසන මඟින් අපගේ දේහයේ ප්‍රතිශක්තිය වර්ධනය කරනු ලැබේ. විෂබීජ හෝ වෙනයම් රෝගකාරක ද්‍රව්‍යවලට ඔරොත්තු දීමේ ශක්තිය ශරීරයේ ඇති කරන අතරම ශරීරය තුළ ඇති අපද්‍රව්‍ය එක් රුස්වීමට ඉඩනොදේ. මේ නිසාම කොවිඩ් වසංගත කාලේට ගැලපෙනම තාලේ ව්‍යායාම පද්ධතිය ලෙස යෝග හඳුන්වා දෙන්නට හැකියි.
2. යෝගාසනයන් තුළින් අපගේ සංවේදක ඉන්ද්‍රියන් මනා පාලනයකට ලක් කෙරෙන අතර, අපගේ මානසික ශක්තිය උපරිම මට්ටමකට වර්ධනය කෙරේ.
3. යෝගී ව්‍යායාම තුළින් ශරීරයේ බාහිර ඉන්ද්‍රියන් කෙරෙහි මෙන්ම අභ්‍යන්තර ඉන්ද්‍රිය හා පද්ධති කෙරෙහිද බලපෑම් කරනු ලැබේ. රුධිර සංසරණය පද්ධතිය, ස්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, ස්නායු පද්ධතිය හා ග්‍රන්ථීන්හි ක්‍රියාකාරීත්වය යෝග මගින්  විධිමත් කරයි.
4. යෝගාසන මඟින් අප ශරීරයේ නම්‍යශීලීභාවය වැඩිදියුණු කරන අතරම ක්‍රියාශීලී බව වැඩි දියුණු කරයි.
5. යෝගාසන ප්‍රගුණ කිරීමෙන් රුධිර සංසරණ පද්ධතිය ඇතුළු අභ්‍යන්තර ඉන්ද්‍රියන් සියල්ල විධිමත් ලෙස ක්‍රියාත්මක වීමෙන් ශරීරයේ දුර්වර්ණ වීම්, හැකිලීම්, දුබලවීම්, මේ කිසිවක් ඇති නොවේ.
6. යෝගාසන හා ප්‍රාණයාමා තුළින් පෙනහළු ප්‍රසාරණය වීමෙහි සංකෝචනය වීමේ ක්‍රියාව වැඩි දියුණු කෙරේ.
7. ආහාර ජීර්ණ පද්ධතියේ විවිධ සංකූලතාවයන් යෝගාසන අභ්‍යාස මඟින් මඟහරවා ගත හැකිය.
8. කොඳු ඇට පෙළ නම්‍යශීලීව පවත්වා ගැනීමට යෝග ව්‍යායාමයන් ඉතා ඉවහල් වේ.
9. වෙනත් ව්‍යායාම වලදී ශරීරය දැඩි ලෙසින් වෙහෙසට පත්වන නමුදු, යෝගාසන වලදී ශරීරය විඩාවට පත් නොවී ප්‍රාණවත් බවක් ඇති වේ.
10. යෝගාසන හා යෝගී ව්‍යායාම වලදී පුද්ගලයාගේ ශාරීරික සෞඛ්‍ය පමණක් නොව මානසික සෞඛ්‍යද සංවර්ධනය කරන බැවින් චරිතවත්, ගුණවත් හා නැණවත් පුද්ගලයෙකු බවට පත්වේ.
11. යෝගාසන ප්‍රගුණ කිරීමෙන් ශරීරයේ ඇති ග්‍රන්ථී නිසි පරිදි ක්‍රියාත්මක වන අතරම, ඒවායින් නිපදවෙන හෝමෝන නිසි පරිදි පමණට නිපදවේ.
12. යෝගාභ්‍යාස කායික, මානසික, ආධ්‍යාත්මික යන මේ සියලු අංශයන්ගෙන් පුද්ගලයාගේ සංවර්ධනය ඇති කරමින් ආධ්‍යාත්මික සහනදායී නැඹුරුවක් කෙරෙහි යොමු කරවයි.
මේ නිසාම කොවිඩ් - 19 කාලේ අලුතෙන් පුහුණුව ආරම්කළ යුතු අර්ථාන්විත සෞඛ්‍යමය පුරුද්දක් හැටියට යෝග හැඳින්විය හැකියි.
-  pathnajaliExnew

උපුටා ගැනීම -http://www.deshaya.lk
සිතේ-ගතේ සියලු රෝග නසන යෝග! සිතේ-ගතේ සියලු රෝග නසන යෝග! Reviewed by CHAA MEDIA on May 22, 2020 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.