Seo Services

ඉඳහිට ඇවිත් ජීවිතෙත් එපා කරවන අතේ පේශි වේදනාව

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අතේ ඇති වන මාංශ පේශී වේදනාව විවිධ හේතු නිසා ඇති විය හැකිය. මෙයට බහුලවම හේතු වන්නේ අතේ මාංශ පේශීවලට දැඩි ආතතියක් ගෙන දෙන මාංශ පේශී ප්‍රමාණයට වඩා ඇදීම හෝ භෞතික හානියක් සිදු  වීමයි. මෙහිදී මාංශ පේශී පටකයන්ට සිදුවන හානිය නිසා වේදනාව ඇති වේ.
මෙහි රෝග ලක්ෂණ මොනවාද?
රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ හානියේ ප්‍රමාණය අනුව වෙනස් වේ.
අතේ වේදනාව, ඉදිමීම, රතු වීම සහ හමේ තැලීම් ලකුණු දක්නට ලැබීම. (සිදු වූ හානිය නිසා)
විඩාව
නින්දට බාධා ඇති වීම.
මෙයට ඇති ප්‍රතිකාර මොනවාද?
මෙහිදී ඇතැම් විට ඖෂධීය වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන අතර මූලික ප්‍රථමාධාර නිවසේදීම ලබා දිය හැකිය.
පළමුව මාංශ පේශීයේ වේදනාව අඩු කර ගැනීම සඳහා,
අත විවේකීව තැබිය යුතුය.
වේදනාව සහ ප්‍රදාහ තත්ත්වය සමනය සඳහා අයිස් තබන්න.
අතේ ඉදිමීම අඩු කිරීමට කොට්ට තබා අත ඔසවා තබන්න.
ඉදිමීම අඩු කිරීම සඳහා බැන්ඩේජ් එකක් අතේ අදාළ වේදනාව සහිත ස්ථානය වටා එතිය හැකිය. නමුත් මතක තබා ගත යුත්තේ අතේ ලේ ගමනාගමනයට බලපාන අයුරින් කිසිසේත් තදට බැන්ඩේජය එතීමෙන් වැළකිය යුතු බවයි. නැතහොත් රුධිර සැපයුම නතර වී අත මිය ගොස් අත අහිමි විය හැකිය.
අනතුරුව වේදනාව අඩු වීම, මාංශ පේශීන් සෙමින් දිග ඇදීම සිදු කරන්න.
සම්පූර්ණයෙන් වේදනාව පහව යන තෙක් මාංශ පේශීවලට දැඩි ආතතියක් ගෙන දෙන බර එසවීම ඇතුළු ක්‍රියාකාරකම් සීමා කරන්න.
භාවනාව යෝග ව්‍යායාම වැනි ක්‍රියාකාරකම් මගින් සහනයක් ලබා දෙයි.
වෛද්‍ය ප්‍රතිකාර මොනවාද?
මාංශ පේශී වේදනාව ඇති වීමට හේතු වූ කාරණය මත ප්‍රතිකාර වෙනස් වේ. වේදනාව සමනය සඳහා වේදනා නාශක ලබා දේ.
උදා - පැරසිටමෝල්, බ්ලූෆන්, ඩික්ලොෆිනැක් සෝඩියම්
 මෙම රෝග තත්ත්වයේදී වෛද්‍යවරයකු හමු වීමට අවශ්‍ය වන්නේ කුමන අවස්ථාවකදීද?
දවස් කිහිපයකට වඩා පවතින වේදනාව
ඉවසිය නොහැකි දැඩි මාංශ පේශී වේදනාව
කිනිතුල්ලන් කෑමෙන් පසුව ඇති වන මාංශ පේශී වේදනාව
සමේ ඇතිවන වෙනස්කම් සමග ඇති වන මාංශ පේශී වේදනාව
උදා - සම රතු වීම, පැහැය වෙනස් වීම, දද ඇති වීම, අත ඉදිමීම.
අතෙහි උෂ්ණත්වය ඉහළ යාම සහ උණ සමඟ ඇති වන අතේ වේදනාව.
NEUROweb
උපුටා ගැනීම -http://www.deshaya.lk
ඉඳහිට ඇවිත් ජීවිතෙත් එපා කරවන අතේ පේශි වේදනාව  ඉඳහිට ඇවිත් ජීවිතෙත් එපා කරවන අතේ පේශි වේදනාව Reviewed by CHAA MEDIA on May 30, 2020 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.