Seo Services

ලෙඩ වළක්වන සෞඛ්‍ය පුරුදු!

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපට වැදගත් වෙනවා. එය නිරෝගීව තබාගෙන ශක්තිමත්ව දිවිගෙවන්න. මේ සරල පුරැදු කිහිපයෙන් ඔබටත් හැකියාව ලැබෙනවා. එමගින් නිරෝගී ප්‍රබෝධයෙන් පිරුණු ජීවන රටාවක් හිමිකර ගන්න පුළුවන්.

1. කැෆේන් අඩංගු පාන වර්ග නැවැත්වීම

කැෆේන් අඩංගු පාන වෙනුවට ඉඟුරැ, කොත්තමල්ලි, ඉරමුසු, බෙලිමල් ආදියෙන් සෑදූ පාන දිනපතා ගන්නේ නම් එම ඖෂධීය ගුණය ඔබේ මුළු සිරුරම පිරිසුදු කර ප්‍රබෝධයක් ගෙන දෙයි.

2. වතුර වැඩිපුර පානය කිරීම

වතුර නිතර පානය කිරීමෙන් සම හා ශරීර අභ්‍යන්තර අවයව වන වකුගඩුවලද විසහරණය කරමින් පිරිසුදු කරවයි. ව්‍යායාම් කිරීමේදී දහදිය පිටකරමින් සිරැරට අවශ්‍ය ශක්තියද මින් ලබාදෙයි.

3. කෘත්‍රිම රසකාරක ඉවත් කරන්න

හොඳින් පිරිසුදු කළ සුදු සීනි පිටි හා ධාන්‍යවල ඇති සීනි මඟින් බැක්ටීරියා ඇති කරවන නිසා ස්වාභාවික රසකාරකම තෝරාගන්න.

4. ඇසුරූම්ගත ආහාර පාලනය

ඇසුරූම් කළ ආහාර කල් තබා ගැනීමට විවිධ රසායන ද්‍රවය එක් කරන නිසා එය එතරම් හිතකර නොවෙයි. මේ නිසා එවැනි ආහාරවලින් හැකිතාක් ඈත් වන්න.

5. කෙඳි සහිත ආහාර වැඩිපුර ගන්න.

කෙඳි සහිත කොළ පැහැති ආහාර ඔබේ වේලට එක්කර ගැනීමෙන් හානිකර විස ද්‍රව්‍ය මර්දනය කළ හැකි නිසා තම්බාගත් ගෝවා, නිවිති ආදියට වැඩි අවධානයක් යොමු කරන්න.

6. දිනකට පැය 1/2ක් වත් ව්‍යායාම කරන්න.

ශරීරය හොඳින් ක්‍රියාකාරී වෙමින් දහදිය දැමීමෙන්ද විස බීජ පිටවෙයි. ඇවිදීම, පැනීම වැනි වෙනත් ව්‍යායාම්වල යෙදෙන ඔබට මින් සාර්ථක ප්‍රතිඵල අත්විඳිය හැකියි.

7. ඖෂධීය ශාකසාරවලින් සත්කාර

සහිඳ ලුණු සහිත ජලයේ හෝ මුහුදු ජලයෙන් ස්නානය කරන ඔබට සිරුර හොඳින්ම පිරිසුදු කර ගන්න පුළුවන්. මෙය ඖෂධීය සත්කාරයකි.

8. දිනපතා සුළු වේලාවක් හෝ සන්සුන්ව සිටින්න

නිහඬව ඉඳගෙන මඳ වේලාවක් සැහැල්ලු ඉරියව්වකින් හිඳ නිරවුල් මනසින් සිටින්න. සිත සැහැල්ලු කර ගනිමින් නව ප්‍රබෝධජනක අදහස් මතුකරගන්න මෙය කදිම අවස්ථාවක්.

- web MD
උපුටා ගැනීම -  http://www.deshaya.lk
ලෙඩ වළක්වන සෞඛ්‍ය පුරුදු! ලෙඩ වළක්වන සෞඛ්‍ය පුරුදු! Reviewed by CHAA MEDIA on June 19, 2020 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.