Seo Services

කොන්දේ රුදාව ගැන ඇත්ත නැත්ත!

June 05, 2020
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
කොන්දේ රුදාව ගැන දැන් නිතරම අසන්නට ලැබේ. කොහොමත් දහ දෙනකු ගත්තොත් අට දෙනෙක්ම අද කොන්දෙ කැක්කුම් ගැන පැමිණිලි කරනවා දක්නට හැකිය. පිහියකින් අනිනවා වැනි තියුණු වේදනාවක සිට තදින් එක දිගට අල්ලා සිටිනවා වැනි වේදනාවක් දක්වා කොන්දෙ කැක්කුම විවිධ අන්දමට දැනෙන්නට හැකිය. මේ අතර කොන්දේ කැක්කුම ගැන මිථ්‍යා මතද ඉදිරිපත් වන අවස්ථා බහුලය. ඒ සඳහා සෞඛ්‍යමය නොවන උපදෙස්ද බහුලව ඉදිරිපත් වේ. මේ ඉන් කිහිපයකි.
හැමවිටම කෙළින් ඉඳගත යුතුයි
හාන්සි වී හෝ ඇදේට ඉඳගැනීම කොහෙත්ම හොඳ නැති බව සැබෑවකි. ඒත් හරි කෙලින් දිගු වේලාවක් ඉඳගෙන සිටිමද නරකය. පුටුවේ සිටින අතරම කොන්ද ඉදිරියට නැවීම හෝ මඳක් දිග ඇදුණු ස්වභාවයකට වරින්වර පත්විය යුතුය. නැත්නම් වරින්වර නැගී සිටිය හැකිය.
බර ඉස්සීම නරකයි
බර ඉස්සීම හරහට හිටින්නේ ඔබ එය කරනා ආකාරයටය. ඉස්සීමට ඇති බර ඉදිරියේ හරි කෙළින් ඉඳගෙන තදින් සමාන දුරකින් අල්ලා කොන්ද සහ හිස කෙළින් තබා ගැම්ම ගෙන එසැවිය යුතුයි. කොන්ද නැවීම හෝ පැත්තට ඇලවී ඉස්සීම මගින් අනතුරු සිදුවිය හැකියි. කෙසේ වුවත් ඉසිලිය යුත්තේ තම සිරුරට සෑහෙන ප්‍රමාණයක් පමණි.
හොඳම බෙහෙත ඇඳ විවේකයද?
ඇඳ විවේකය හොඳ පිළියමක් බව ඇත්තකි. ඒත් දින දෙකක් දක්වා දිගුකාලයක් ගත කිරීම එය තවත් දරැණු තත්ත්වයට පත් කිරීමකි.
බර වැඩි නම් කැක්කුම් වැඩියි
මේ කතාව ඇත්තකි. ශරීරයේ නිසි හැඩය පවත්වා නොගන්නා දේහබර වැඩි තරබාරු පිරිසගේ කොන්ද මත යෙදෙන පීඩනය අධික නිසාම වේදනාව ඇති විය හැකියි. මුළු සතියම ඉඳගෙන සිට සති අන්තයේ අධික ව්‍යායාමයේ යෙදෙන අයටද කොන්දේ රැදාව හටගන්නට හැකියි. එහෙත් කෙට්ටු වූ පමණින් කොන්දේ රුදාව නැතිවන්නේද නැත.
ව්‍යායාම කොන්දට නරකයි
මේ නම් මිථ්‍යාවකි. දිනපතා පිළිවෙළකට කෙරෙන ව්‍යායාම කොන්දේ රුදාව වළක්වයි.
සමතල මතුපිට නිදාගැනීම
සමතල මතුපිට නිදාගැනීම සැමට සෑමවිට හරියන විසදුමක් නොවේ. කොන්දේ රුදාවට හේතුවත්, ඔබ නිදාගන්නා ආකාරයත් අනුව නිසි ලෙස නිදන මෙට්ටය තෝරාගත යුතුයි. අවශ්‍ය විටක කොට්ට මගින් ආධාර සිරැරට ලබාදිය යුතුයි.
- Men’s Health

උපුටා ගැනීම -  http://www.deshaya.lk
කොන්දේ රුදාව ගැන ඇත්ත නැත්ත! කොන්දේ රුදාව ගැන ඇත්ත නැත්ත! Reviewed by CHAA MEDIA on June 05, 2020 Rating: 5

ඉඳහිට ඇවිත් ජීවිතෙත් එපා කරවන අතේ පේශි වේදනාව

May 30, 2020
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අතේ ඇති වන මාංශ පේශී වේදනාව විවිධ හේතු නිසා ඇති විය හැකිය. මෙයට බහුලවම හේතු වන්නේ අතේ මාංශ පේශීවලට දැඩි ආතතියක් ගෙන දෙන මාංශ පේශී ප්‍රමාණයට වඩා ඇදීම හෝ භෞතික හානියක් සිදු  වීමයි. මෙහිදී මාංශ පේශී පටකයන්ට සිදුවන හානිය නිසා වේදනාව ඇති වේ.
මෙහි රෝග ලක්ෂණ මොනවාද?
රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ හානියේ ප්‍රමාණය අනුව වෙනස් වේ.
අතේ වේදනාව, ඉදිමීම, රතු වීම සහ හමේ තැලීම් ලකුණු දක්නට ලැබීම. (සිදු වූ හානිය නිසා)
විඩාව
නින්දට බාධා ඇති වීම.
මෙයට ඇති ප්‍රතිකාර මොනවාද?
මෙහිදී ඇතැම් විට ඖෂධීය වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන අතර මූලික ප්‍රථමාධාර නිවසේදීම ලබා දිය හැකිය.
පළමුව මාංශ පේශීයේ වේදනාව අඩු කර ගැනීම සඳහා,
අත විවේකීව තැබිය යුතුය.
වේදනාව සහ ප්‍රදාහ තත්ත්වය සමනය සඳහා අයිස් තබන්න.
අතේ ඉදිමීම අඩු කිරීමට කොට්ට තබා අත ඔසවා තබන්න.
ඉදිමීම අඩු කිරීම සඳහා බැන්ඩේජ් එකක් අතේ අදාළ වේදනාව සහිත ස්ථානය වටා එතිය හැකිය. නමුත් මතක තබා ගත යුත්තේ අතේ ලේ ගමනාගමනයට බලපාන අයුරින් කිසිසේත් තදට බැන්ඩේජය එතීමෙන් වැළකිය යුතු බවයි. නැතහොත් රුධිර සැපයුම නතර වී අත මිය ගොස් අත අහිමි විය හැකිය.
අනතුරුව වේදනාව අඩු වීම, මාංශ පේශීන් සෙමින් දිග ඇදීම සිදු කරන්න.
සම්පූර්ණයෙන් වේදනාව පහව යන තෙක් මාංශ පේශීවලට දැඩි ආතතියක් ගෙන දෙන බර එසවීම ඇතුළු ක්‍රියාකාරකම් සීමා කරන්න.
භාවනාව යෝග ව්‍යායාම වැනි ක්‍රියාකාරකම් මගින් සහනයක් ලබා දෙයි.
වෛද්‍ය ප්‍රතිකාර මොනවාද?
මාංශ පේශී වේදනාව ඇති වීමට හේතු වූ කාරණය මත ප්‍රතිකාර වෙනස් වේ. වේදනාව සමනය සඳහා වේදනා නාශක ලබා දේ.
උදා - පැරසිටමෝල්, බ්ලූෆන්, ඩික්ලොෆිනැක් සෝඩියම්
 මෙම රෝග තත්ත්වයේදී වෛද්‍යවරයකු හමු වීමට අවශ්‍ය වන්නේ කුමන අවස්ථාවකදීද?
දවස් කිහිපයකට වඩා පවතින වේදනාව
ඉවසිය නොහැකි දැඩි මාංශ පේශී වේදනාව
කිනිතුල්ලන් කෑමෙන් පසුව ඇති වන මාංශ පේශී වේදනාව
සමේ ඇතිවන වෙනස්කම් සමග ඇති වන මාංශ පේශී වේදනාව
උදා - සම රතු වීම, පැහැය වෙනස් වීම, දද ඇති වීම, අත ඉදිමීම.
අතෙහි උෂ්ණත්වය ඉහළ යාම සහ උණ සමඟ ඇති වන අතේ වේදනාව.
NEUROweb
උපුටා ගැනීම -http://www.deshaya.lk
ඉඳහිට ඇවිත් ජීවිතෙත් එපා කරවන අතේ පේශි වේදනාව  ඉඳහිට ඇවිත් ජීවිතෙත් එපා කරවන අතේ පේශි වේදනාව Reviewed by CHAA MEDIA on May 30, 2020 Rating: 5

මොකද්ද මේ කලන්තේ?

May 30, 2020
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
කිසියම් ශාරීරික අපහසුතාවක්, නිදන්ගත රෝගයක්, අතුරු ආබාධයක් හේතුවෙන්  තාවකාලිකව සිහිමඳ ගතියක් ඇති වීම  ක්ලාන්ත වීම නැතිනම් සාමාන්‍ය වහරෙදි ‘කලන්තේ දානවා’ (Syncope/ Faintness) යැයි හැඳින්වේ. දියවැඩියාව වැනි නිදන්ගත රෝගයකින් පෙළෙන අයට ඇති වනවිට මෙය දරුණු තත්ත්වයක් බවට පෙරුලෙන්නට ද හැකිය.
සාමාන්‍ය ක්ලාන්තයක් කුඩා කාලයක් පවතින අතර එහිදී එයට මුහුණ දෙන අයගේ සිරුරේ තානය හෙවත් දරාසිටීමේ ගුණය අඩු වී සිට ගැනීමට නොහැකිව බිම ඇද වැටිය හැක. ක්ලාන්තයට විවිධ හේතු පවතියි.
විවිධ ක්ලාන්ත   වර්ග: ක්ලාන්තය ඇති වීමට හේතු වන කරුණු අනුව එය වර්ග කළ හැක.
 හෘද රිද්මයේ අසාමාන්‍යතා නිසා ඇති වන ක්ලාන්තය
 ස්නායු ප්‍රතීක නිසා ඇති වන ක්ලාන්තය
රුධිරය ශිරාවල එකතු වීම නිසා ඇති වන ක්ලාන්තය
හෘදයේ සහ පෙනහලුවල ව්‍යුහාත්මක ගැටලු නිසා ඇති වන ක්ලාන්තය
මොළයට රුධිරය සපයන ධමනිවල ඇති වන රෝග (cerebrovascular diseases)
ඉහත කුමන හෝ හේතුවක් නිසා හෝ මොළයට ලැබෙන රුධිර සැපයුම තාවකාලිකව අඩු වීම ක්ලාන්තය ඇති වීමට හේතුවයි.
මේ සඳහා බහුලවම හේතු වන්නේ vaso-vagal ලෙස වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන  ක්ලාන්තයයි. අසාමාන්‍ය ලෙස හටගන්නා ස්නායු ප්‍රතීක මඟින් හෘද රිද්මය සහ රුධිර පීඩනය වෙනස් කිරීමෙන් මෙම තත්ත්වය ඇති වේ.
මෙහිදී ඇති වන ලක්ෂණ මොනවාද?
හිසේ බර ගතියක් හා වැටෙන්නට යන බවක් දැනීම, ද්‍රෘෂ්ඨි පථය පටු වීම, ඔක්කාරය, අත්ල හා යටිපතුල් සීතල වීම, පෙනීම බොඳ වී යාම, සුදුමැලි වීම, දහඩිය දැමීම හා සිරුරට රස්නයක් දැනීම.
මෙම ලක්ෂණ ඇති විය හැකි වෙනත් රෝග මොනවාද?
රුධිරයේ සීනී මට්ටම අඩු වීම, වලිප්පුව, තයිරොක්සින් අඩුවීම බඳු කරකැවිල්ල ඇති කරන රෝග තත්ත්වයන්
මෙම රෝග තත්ත්වයන් වෙන්ව විනිශ්චය කරන්නේ කෙසේද?
මෙම තත්ත්වය රෝග ඉතිහාසය සහ ශාරීරික පරික්ෂාවකින් පමණක් වුවද වෛද්‍යවරයා විසින් රෝග විනිශ්චය සිදු කරයි. නමුත් ක්ලාන්තය නිතර නිතර ඇති වන්නේ නම් සහ ක්ලාන්තය ඇති වීමට හෘද, ස්නායු ගැටලුවක් වෙනත් රෝග තත්ත්වයක් ඇතැයි වෛද්‍යවරයාට හැඟී යන්නේ නම් ECG පරීක්ෂණ, echo පරීක්ෂණ, රුධිර පීඩනය මැනීම, රුධිරයේ සීනී මට්ටම් පරීක්ෂා කිරීම වැනි විවිධ පරීක්ෂණ සිදු කරනු ලබයි.
මෙම තත්ත්වය සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?
සමහර විට මෙම තත්ත්වය සඳහා කිසිදු ප්‍රතිකාරයක් අවශ්‍ය නොවේ. වෛද්‍ය හමුවකින් මෙම තත්ත්වය ඇති වන අවස්ථා සහ එයට හේතූ හඳුනාගෙන එම තත්ත්වයන් මඟ හරවා ගැනීම ප්‍රමාණවත් වේ.
ක්ලාන්ත තත්ත්වය ඇති වු විට සිදු කරන්නේ කුමක්ද?
ක්ලාන්ත තත්ත්වය ඇති වන බවට හැඟී යන්නේ නම් ඉක්මනින් හාන්සි වන්න. එසේ කිරීමට නොහැකි නම් වාඩි වී කකුල් අතර හිස ඔබා ගන්න. මෙවිට මොළයට රුධිර සැපයුම වැඩි වේ.
ක්ලාන්තය සෑදී යම් පුද්ගලයකු ඇදවැටුණහොත් වහාම ඔහු බිම හාන්සි කර වම් ඇළයට හරවන්න. දෙපා හෘද මට්ටමට වඩා ඔසවා තබන්න. කෙටි වේලාවක් තුළ කල්පනාව යථාතත්වයට පත්වන්නේ නැත්නම් වහාම රෝගියා රෝහල් ගත කළ යුතුය.
- Neurofacts
උපුටා ගැනීම -http://www.deshaya.lk
මොකද්ද මේ කලන්තේ?  මොකද්ද මේ කලන්තේ? Reviewed by CHAA MEDIA on May 30, 2020 Rating: 5

සිතේ-ගතේ සියලු රෝග නසන යෝග!

May 22, 2020
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
මේ දිනවල කොවිඩ් 19 වසංගතය නිසා එළිමහනට යන්න නොහැකිව සිටින පිරිසට ගෙදර ඉඳන්ම පහසුවෙන් කළ හැකි සෞඛ්‍ය සම්පන්නම ව්‍යායාම පද්ධතියක් හැටියට යෝග හඳුන්වන්න පුළුවනි. සිතේ - ගතේ සියලු රෝග නසන යෝග ඉතා පහසුවෙන් දැඩි වෙහෙසක් නොදරා සිදුකළ හැකි ව්‍යායාම ක්‍රමයකි. යෝග සිදුකිරීමෙන් ලැබෙන වාසි ගැනයි මේ.
1. යෝගාසන මඟින් අපගේ දේහයේ ප්‍රතිශක්තිය වර්ධනය කරනු ලැබේ. විෂබීජ හෝ වෙනයම් රෝගකාරක ද්‍රව්‍යවලට ඔරොත්තු දීමේ ශක්තිය ශරීරයේ ඇති කරන අතරම ශරීරය තුළ ඇති අපද්‍රව්‍ය එක් රුස්වීමට ඉඩනොදේ. මේ නිසාම කොවිඩ් වසංගත කාලේට ගැලපෙනම තාලේ ව්‍යායාම පද්ධතිය ලෙස යෝග හඳුන්වා දෙන්නට හැකියි.
2. යෝගාසනයන් තුළින් අපගේ සංවේදක ඉන්ද්‍රියන් මනා පාලනයකට ලක් කෙරෙන අතර, අපගේ මානසික ශක්තිය උපරිම මට්ටමකට වර්ධනය කෙරේ.
3. යෝගී ව්‍යායාම තුළින් ශරීරයේ බාහිර ඉන්ද්‍රියන් කෙරෙහි මෙන්ම අභ්‍යන්තර ඉන්ද්‍රිය හා පද්ධති කෙරෙහිද බලපෑම් කරනු ලැබේ. රුධිර සංසරණය පද්ධතිය, ස්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, ස්නායු පද්ධතිය හා ග්‍රන්ථීන්හි ක්‍රියාකාරීත්වය යෝග මගින්  විධිමත් කරයි.
4. යෝගාසන මඟින් අප ශරීරයේ නම්‍යශීලීභාවය වැඩිදියුණු කරන අතරම ක්‍රියාශීලී බව වැඩි දියුණු කරයි.
5. යෝගාසන ප්‍රගුණ කිරීමෙන් රුධිර සංසරණ පද්ධතිය ඇතුළු අභ්‍යන්තර ඉන්ද්‍රියන් සියල්ල විධිමත් ලෙස ක්‍රියාත්මක වීමෙන් ශරීරයේ දුර්වර්ණ වීම්, හැකිලීම්, දුබලවීම්, මේ කිසිවක් ඇති නොවේ.
6. යෝගාසන හා ප්‍රාණයාමා තුළින් පෙනහළු ප්‍රසාරණය වීමෙහි සංකෝචනය වීමේ ක්‍රියාව වැඩි දියුණු කෙරේ.
7. ආහාර ජීර්ණ පද්ධතියේ විවිධ සංකූලතාවයන් යෝගාසන අභ්‍යාස මඟින් මඟහරවා ගත හැකිය.
8. කොඳු ඇට පෙළ නම්‍යශීලීව පවත්වා ගැනීමට යෝග ව්‍යායාමයන් ඉතා ඉවහල් වේ.
9. වෙනත් ව්‍යායාම වලදී ශරීරය දැඩි ලෙසින් වෙහෙසට පත්වන නමුදු, යෝගාසන වලදී ශරීරය විඩාවට පත් නොවී ප්‍රාණවත් බවක් ඇති වේ.
10. යෝගාසන හා යෝගී ව්‍යායාම වලදී පුද්ගලයාගේ ශාරීරික සෞඛ්‍ය පමණක් නොව මානසික සෞඛ්‍යද සංවර්ධනය කරන බැවින් චරිතවත්, ගුණවත් හා නැණවත් පුද්ගලයෙකු බවට පත්වේ.
11. යෝගාසන ප්‍රගුණ කිරීමෙන් ශරීරයේ ඇති ග්‍රන්ථී නිසි පරිදි ක්‍රියාත්මක වන අතරම, ඒවායින් නිපදවෙන හෝමෝන නිසි පරිදි පමණට නිපදවේ.
12. යෝගාභ්‍යාස කායික, මානසික, ආධ්‍යාත්මික යන මේ සියලු අංශයන්ගෙන් පුද්ගලයාගේ සංවර්ධනය ඇති කරමින් ආධ්‍යාත්මික සහනදායී නැඹුරුවක් කෙරෙහි යොමු කරවයි.
මේ නිසාම කොවිඩ් - 19 කාලේ අලුතෙන් පුහුණුව ආරම්කළ යුතු අර්ථාන්විත සෞඛ්‍යමය පුරුද්දක් හැටියට යෝග හැඳින්විය හැකියි.
-  pathnajaliExnew

උපුටා ගැනීම -http://www.deshaya.lk
සිතේ-ගතේ සියලු රෝග නසන යෝග! සිතේ-ගතේ සියලු රෝග නසන යෝග! Reviewed by CHAA MEDIA on May 22, 2020 Rating: 5

කොවිඩ් නිසා අමතකව යන COPD

May 22, 2020
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif
මේ දවස්වල කාගේත් දැඩි අවධානය කොවිඩ් 19 කොරෝනා වෛරස් රෝගයට නිසා ස්වසන පද්ධතිය ආශ්‍රීත වෙනත් ලෙඩ ගැන අමතකව යනවා. ඒත් එලෙස අමතක කළ නොහැකි බරපතළ රෝගයක් හැටියට නිදන්ගත පෙනහළු අවහිරතාව නැතිනම් COPD හඳුන්වා දිය හැකියි.
COPD හැටියට හඳුන්වන රෝගයක් ඇති බව අපි බොහෝ දෙනා දන්නේ නෑ. නමුත් වැඩිපුරම දක්නට ලැබෙන පෙනහළු ආශ්‍රිත සැඟවුණු රෝගයක් හැටියට මෙය හඳුන්වන්න පුළුවනි. ඉස්සර මේකට කිව්වේ නිදන්ගත බ්‍රොන්කයිටිස් නැත්නම් එප්සිමා කියලයි. ඒ රෝග තත්ත්ව දෙකම මූලික මට්ටමේ රෝග දෙකක්. වඩාත් දරුණු තත්ත්වයට පැමිණියාම දැන් එය හඳුන්වන්නේ නිදන්ගත පෙනහළු අවහිරතාව නැතිනම් COPD හැටියටයි.
නිදන්ගත පෙනහළු අවහිරතාව හටගත්තාම නිසිපරිදි සිරුරට අවශ්‍ය ඔක්සිජන් ලැබෙන්නේ නැතුව යනවා. විශේෂයෙන්ම හෘදයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම අඩුවෙනවා. මේ නිසා හදවතට දෙගුණයක් මහන්සි වෙලා වැඩකරන්න සිදුවෙනවා. ඒක මාරාන්තික තත්ත්වයකට මඟ පෙන්වනවා. 2015 දී මේ රෝගයට මිලියන 175ක් ලෝකය පුරා ගොදුරැව සිටියා. ඒ හේතුවෙන් මිලියන 32ක් මියගිහින් තියෙනවා. රෝගයට හේතුකාරක වන පාරිසරික තත්ත්වය සහ ඇබ්බැහි ජීවන රටාව වෙනස් කර ගැනීමෙන්ම පමණක් මේ රෝගයට ගොදුරු වීමෙන් වැළැකිය හැකියි.

රෝග ලක්ෂණ:

• මාස තුනකට වඩා කල් අල්ලා ඇති කැස්ස
• නිතර සෙම පිටවීම
• හුස්ම ගැනීමේ අපහසුතාව (අමාරුවෙන් හුස්ම ගැනීම)
• නිතර පවතින සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය
• හුස්ම පිටකිරීම අපහසුවීම
• පපුවේ තද ගතිය
• හුස්ම ගන්නා විට හඬක් පිටවීම
• හුස්ම ගැනීමට දෙකට නැමීමට සිදුවීම
මුලින් කැස්ස සහ සෙම පිටවීම හැර වෙනත් අපහසුතා දක්නට නොලැබෙන නිසා COPD ගැන සැලකිල්ල යොමුවීම අඩුයි. අත්බේත් හෝ ප්‍රතිජීවක හිතූ හැටියට අරගෙන තාවකාලික සහනය සොයාගියත් නිසි වෛද්‍ය පරීක්ෂණයකින් තොරව සිටියොත් සිදුවන්නේ මෙය දිනෙන් දින බරපතළ වීමයි.

මොනවද හේතු?

• රෝගය ඇතිවන්නේ බොහෝ විට අවුරුදු 40ට වැඩි අයටයි.
• පෙනහළුවල නාල අවහිර වීම සඳහා බලපාන ප්‍රධාන සාධකය දුම්පානයයි.
• ඊළඟට වායුවේ ඇති දූෂ්‍ය ද්‍රව්‍ය සහ අපද්‍රව්‍යයි.
නියමාකාරයෙන් පිරිසුදු කර නැති දූවිලි බැඳුණු විදුලි පංකා, වායු සමීකරණ යන්ත්‍ර වගේම දූවිලි බැඳුණු ජනෙල් දොර තිර නිසි ලෙස පවිත්‍ර නොකළ කොට්ට මෙට්ට උර, පොරවන රෙදි, පරිසරයේ දූවිල්ල, දර ලිප් දුම සහ වාහන දුම, ඇස්බැස්ටස් කෙඳිති බඳු කෘත්‍රිම වායු දූෂක, නගරබදව ජීවත්වීම, රැකියාවේ ස්වභාවය හේතුකොට එම ස්ථානයේදී ඇතිවන දූෂිත වායුවට ගොදුරු වීම, ගල් අඟුරැ පුළුන් ආශ්‍රිත කර්මාන්ත, රෙදිපිළි කර්මාන්ත, කෘෂිකාර්මික කටයුතුවලදී ආඝ්‍රණය වෙන කැඩ්මියම් ප්‍රමුඛ කෘෂි රසායන, වෙල්ඩින් වැඩවලදී නැගෙන දුම මේ සඳහා මූලිකව බලපාන කරුණුය. එසේම ජානමය හේතූන්ද COPD සඳහා බලපාන බව ඔප්පු වී තිබේ. නමුත් එය ඉතාමත් විරලව ඇතිවන්නකි. ජානමය සාධක සහිත ඒ සමඟම පරිසරයේ දූෂිත වායුව ආඝ්‍රාණයට ලක්වන සහ විශේෂයෙන්ම දුම්බොන අය මේ රෝග තත්ත්වයට ඉක්මනින්ම ගොදුරු වෙයි.

හඳුනාගැනීම සහ ප්‍රතිකාර

ඉතාමත් පහසුවෙන් සිදුකරන පෙනහළු පරීක්ෂාවක් මගින් මේ තත්ත්වය කලින්ම හඳුනාගත හැකිය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සෑම රෝහලකම ළය රෝග සායනවල තිබේ. වෛද්‍ය නියමය පරිදි ප්‍රතිකාරවල යෙදීමත්, තමන්ගේ ජීවන රටාව පරිසරය නිසි ලෙස සකසා ගැනීමත් මගින් මෙය නිට්ටාවටම සුවකරගන්නට හැකියි.
 සුගත් පී. කුලතුංගආරච්චි

උපුටා ගැනීම -http://www.deshaya.lk/
කොවිඩ් නිසා අමතකව යන COPD කොවිඩ් නිසා අමතකව යන COPD Reviewed by CHAA MEDIA on May 22, 2020 Rating: 5

කොවිඩ් මැද්දේ අමතක ඩෙංගු

May 15, 2020
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
මේ දිනවල හැමෝගෙම අවධානය යොමුව ඇත්තේ කොවිඩ්-19 කොරෝනා රෝගය වෙතටයි. ඒ අතර රටපුරා පැතිර යන වැස්සත් සමඟ මාරාන්තික ඩෙංගු නැවත පැතිර යාමේ අවදානම ඉහළ ගිහින් තිබෙනවා. නමුත් කොවිඩ් 19 හේතුවෙන් සිදුවන නිරෝධායනයට ඇති අනිසි බිය නිසා බොහෝ අය ලෙඩ හංඟාගෙන ඉන්න කාලයක් මේ. කොවිඩ් 19 සමග පටලවාගෙන ඩෙංගු සඳහා ප්‍රතිකාර නොගත්තොත් වෙන්නේ හරිම අකරතැබ්බයක්. 2020 වසරේ මේ වනවිට ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 18,977ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබෙනවා.
සංඛ්‍යා ලේඛනවලට අනුව ජනවාරි 11,595ක්, පෙබරවාරි 5316ක්, මාර්තු 1557ක්, අප්‍රේල් 413ක් සහ මැයි මාසේ 96ක් හැටියට පෙන්වනවා. මෑතකාලීනව රෝගය අඩුවෙලා වගේ පෙණුනත් ඇත්ත තත්ත්වය ඒක නෙමෙයි. රෝහල්වලට යොමුවීමේ අඩුවීම නිසයි වාර්තාවීම අඩුවෙලා ඇත්තේ. මේ නිසා ඩෙංගු රෝග ලක්ෂණ ගැන නැවත අපේ ‘දේශය’ පාඨකයන්ට මතක් කර දෙන්නට අපි හිතුවා. නිවසේ සිට පාවිච්චි වීමට පෙර ඩෙංගු නිවැරදි ලෙස හඳුනා ගැනීම ඉතා වැදගත්. එය කළ හැක්කේ සුදුසුකම් ලද වෛද්‍යවරයෙකුටයි. ඒ නිසා පහත රෝග ලක්ෂණ ඇතිනම් වහාම වෛද්‍යවරයකු හමුවන්න.

ඩෙංගු උණ රෝග ලක්ෂණ:

• තද උණ • වමනය/ඔක්කාරය • හිසරදය • ඇඟපත වේදනාව • ඇස් යට වේදනාව • මුහුණ හා උඩුකය ප්‍රදේශය රත් පැහැයක් ගැනීම (පැහැපත් සමක් ඇති අය තුළ පහසුවෙන් දැකිය හැකිය)
• සම යට කුඩා ලේ (රතු) පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ ගැලීමේ තත්ත්වයන්
දින දෙකකට වඩා උණ පවතී නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගන්න.

අවදානම් රෝග ලක්ෂණ:

පහත සඳහන් රෝග ලක්ෂණ ඇති වුවහොත් ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්ය. (3 වැනි දිනයේ හෝ ඊට පසුව වැඩි වශයෙන් දැකිය හැකි වේ)
• උණ බැස ගියද රෝගියාගේ රෝග ලක්ෂණවල වැඩිවීමක් පෙන්නුම් කිරීම.
• ආහාර හා දියර ගැනීම ප්‍රතික්ෂේප කිරීම.
• උදරයේ ඇතිවන තද වේදනාව.
• අප්‍රාණිකභාවය / නොසන්සුන් බව / නොරැස්සනභාවය / අධික නිදිමත බව.
• පැය හයක් තුළ හෝ ඊට වැඩි කාලයක් තුළ මුත්‍රා අඩුවෙන් පිටවීම / මුත්‍ර පිට නොවීම
• රුධිරය වහනය වීමේ තත්ත්වයන් (නහයෙන්, වීදුරැ මසෙන්, සමෙන්, යෝනි මාර්ගයෙන්) කළු, දුඹුරු පැහැයෙන් වමනය, මලපහ පිටවීම.
ඩෙංගු උණ රෝග ලක්ෂණ ඇත්නම්...
• වෙහෙසකර කටයුතුවලින් වැළකී විවේක ගන්න. දරුවන් පාසල් යැවීමෙන් වැළකී සිටින්න.

• උණ පවතින කාලයේ හැකිතාක් දුරට මදුරු දැලක් යට විවේකීව සිටින්න.
• නියමිත මාත්‍රාවට හා නියමිත කාල පරාසයන් තුළ පමණක් පැරසිටමෝල් ඖෂධය ලබාදෙන්න.
• උණ හෝ වේදනා සමනය කිරීමට ඇස්ප්‍රින්, ස්ටිරොයිඩ් හෝ වෙනත් වේදනානාශක ඖෂධ කිසිම ආකාරයකින් (සපොසිටරි ආකාරයෙන් හෝ) ලබාදීමෙන් වළකින්න.
• දියර වර්ග පානය කරන්න. මේ සඳහා කැඳ, සුප්, ජීවනී, කිරි, පළතුරු යුෂ වඩාත් යෝග්‍ය වේ.
• පහසුවෙන් දිරවිය හැකි සැහැල්ලු ආහාර ගන්න. රතු, දුඹුුර, කළු පැහැති ආහාර ගැනීමෙන් වැළකී සිටින්න.
ඩෙංගු උණ රෝගය සඳහා සුදුසු යැයි ප්‍රචාරය වන අත් බෙහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න.
- සෞඛ්‍ය/උපදේශන

උපුටා ගැනීම - දේශය වෙබ් අඩවියෙන්
කොවිඩ් මැද්දේ අමතක ඩෙංගු කොවිඩ් මැද්දේ අමතක ඩෙංගු Reviewed by CHAA MEDIA on May 15, 2020 Rating: 5

ලුණු පදම පැන්නොත් ඇඟ පුරාම ලෙඩ

May 15, 2020
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
වෛද්‍ය උපදේශයට අනුව අපි දවසකට ලුණු භාවිත කළ යුත්තේ ග්‍රෑම් 5කටත් අඩු ප්‍රමාණයකුයි. වඩාත් තේරෙන බාසාවෙන් කිවහොත් නිරෝගී වැඩිහිටි ශ්‍රී ලාංකිකයකුට නම් දවසටම අවශ්‍ය වන්නෙ තේ හැඳි භාගයක් නැතිනම් තුන්කාලක ප්‍රමාණයක් පමණයි. ඉතින්, ලුණු අපේ ශරීරයට අවශ්‍ය බව ඇත්තයි. ඒ ප්‍රමාණය පැන්නොත් ලෙඩ ගොඩයි.
ලුණු තමා අපේ මස්පිඬු නියමිත ජවයකින් යුතුව හොඳින් ක්‍රියාත්මක කරවන්නේ. ඒ වගේම ස්නායු පද්ධතිය ආශ්‍රිත පණිවුඩ හුවමාරුව ක්‍රියාශීලිව සිදුවෙන්නේ. ලුණු අඩුවීම නිසා සිදුවන මස්පිඬු පෙරැළීමේ අපහසුතාව අපි කාටත් නුපුරුදු දෙයක් නෙමෙයි. ඒ වගේම තමා හොද්දට ලුණු වැඩි වුණොත්.
අධික ලුණු රුධිර පීඩනය ඉහළ දමන්න මූලික හේතූවක්. අධිරුධිර පීඩනය නිසා වකුගඩුවලට හානි සිදුවෙනවා. නහර පිපිරීම් සිදුවීමෙන් අංශභාග තත්ත්වය ඇති වෙනවා. ලුණු වැඩිනම් හදවත් රෝගත් වැඩියි. දියවැඩියාවටත් වැඩි ලුණු හේතුවක්. මේ සියල්ල අතර මහ ලෙඩක් වන තරබාරුවටත් ලුණු හේතුවක්. ඒ සමඟම ආතරයිටිස්, හන්දිපත් රුදාව වගේම කොන්ද කැක්කුම වගේ එපා කරපු ලෙඩත් පෝලිමට එනවා.
ඉතින් තමන්ගේ සිරුරට ලබාගන්නා ලුණු ප්‍රමාණය වැඩි නම් අපේ සිරුර ඒ ගැන අපට දැනුම් දෙන විදිහක් තියෙනවා. පහත දැක්වෙන අනතුරැ ඇඟවීම් ගැන විමසිලිමත් වුණොත් හිතූමතේ ලුණු කාලා ලෙඩවීම වළක්වා ගන්න ඔබටත් හැකිවේවි. බලමු මොනාද මේ ලුණු වැඩි ලකුණු!

• තැනින් තැන සිරුරේ ඇතිවන අසාමාන්‍ය ඉදිමීම්

හැමදාම ඇඟිල්ලේ දාපු මුද්ද දාගන්න බැරිව ඔබේ ඇඟිලි ඉදිමිලා වගේ ඔබට දැනෙනවාද? උදේ නැගිටිනකොට ඔබේ දෑස්, දෙපා ආදිය අසාමාන්‍ය ලෙස ඉදිමිලා තිබෙනවද? බොහෝවිට මෙහෙම සිදුවෙන්නේ සිරැරේ ඇති ලුණු ප්‍රතිශතය ඉහළ යන විටයි.

• පමණට වඩා දැනෙන පිපාසය

සිරුරේ අඩංගු ලුණු ප්‍රමාණය වැඩි වූ විට සිරැරේ ඇති ජලය ප්‍රමාණය පහළ බසිනවා. මේ නිසා ඔබ ලුණු ආහාරයට ගන්නා ප්‍රමාණය වැඩිවන තරමට සිරුරේ ඇති ජලය වැයවෙන නිසා ඔබට ජලය වැඩියෙන් අවශ්‍ය වෙනවා. නැතිනම් ඔබේ සිරැරේ ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරිත්වය අඩු වෙනවා. ලුණු වැඩිපුර ආහාරයට ගෙන, ජලය පානය කිරීම අඩු කළොත් ඔබේ සිරුරේ සෛල විජලනයට ලක්වෙනවා.

• මුත්‍රාවල වෙනස්කම් ඇතිවීම

ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා ලුණු ආහාරයට ගන්නා විට ඔබේ වකුගඩුවලට වැඩියෙන් වෙහෙස වී, ඒවා සිරුරෙන් පිට කිරීම සඳහා ක්‍රියාකරන්නට සිදුවෙනවා. මෙවිට ඔබේ වකුගඩුවල රෝගී තත්ත්වයක් ඇති විය හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස මුත්‍රාවල වර්ණය ඉතා පැහැදිලි වීමත්, නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීමත් සිදුවිය හැකියි. මීට අමතරව, සිරැරේ ලුණු වැඩිවීම නිසා සිරුර විජලනයට පත් වෙනවා. එසේ වීමෙන් මුත්‍රා තද කහ පැහැයකින් යුක්ත වීමටත්, පිටවන මුත්‍රා ප්‍රමාණය අඩුවීමත් සිදුවෙනවා.

• ඇටකටුවල වේදනා ඇතිවීම

ලුණු භාවිතය නිසා ඇටකටුවල ශක්තිමත් බවට ගැටලු ඇති වෙනවා. ඔබ පමණට වඩා ලුණු ආහාරයට ගන්නා විට ඔබේ වකුගඩු දැඩි වෙහෙසකට පත්වෙනවා. වකුගඩුවලට ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අපහසු වෙනවා. ලුණු වැඩිවීම නිසා, කැල්සියම් අඩු වෙනවා. නිදන්ගත කැල්සියම් ඌනතාවය, ඇටකටු  දුර්වල වීම, දත්වල ගැටලු ඇතිවිය හැකි අතර ඔස්ටියෝපොරෝසිස් වර්ධනයටද හේතු විය හැක.
• කෙණ්ඩා පෙරළීම
සිරැර තුළ නිවැරදි සෝඩියම් - පොටෑසියම් ලවණ සමතුලිතතාවයක් පවත්වා ගැනීම ඔබේ සෞඛ්‍යයට වැදගත් වන අතර, මෙම රසායනික මූලද්‍රව්‍ය මාංශ පේශි හැකිලීමට හේතු වෙනවා. ඔබ  ලුණු ආහාර නිතර ලබා ගැනීමෙන් ඔබේ මාංශ පේශි තුළ වේදනාව ඇති වීම, පෙරළීම සිදුවිය හැකියි.

• දිගු කල් පවතින හිසරදය

අධික ලුණු හෙවත් සෝඩියම් පරිභෝජනය ඔබගේ රැධිරයේ ඝනත්වය වැඩි කරවන අතර, එය ඔබගේ රුධිර නාල පළල් කරමින්, එයට පීඩනයක් එකතු කරනවා. රුධිර නාලවල මෙම ව්‍යාප්තිය නිසා අධි රුධිර පීඩනය හට ගනී. එහි ප්‍රතිඵලයක් ලෙස දැඩි හිසරදයක් හට ගන්නවා.

• මතක ශක්තිය, තර්කානුකුල හැකියාව අඩුවීම

ලුණු භාවිතය අධික වීම හේතුවෙන් ඇතිවන අධි රුධිර පීඩනය ඔබේ මොළයට රුධිරය සපයන ධමනිවලට හානි කරනවා. මෙය නිසා ඔබේ සිතීමේ හැකියාවට හා දිනපතා කාර්යයන් කෙරෙහි අවධානය යොමු කිරීමට අපහසු විය හැකිය. ඊට අමතරව නිරන්තරව සිදුවන විජලනය දුර්වල මතකයට, විඩාපත් භාවයට සහ මන්දගාමී ඈලි මෑලි බවටත් හේතුවක් වෙනවා. මේ නිසා අද සිටම පමණ දැන හොද්දට ලුණු දමන්න.
- සුගත්

උපුටා ගැනීම - දේශය වෙබ් අඩවියෙන්
ලුණු පදම පැන්නොත් ඇඟ පුරාම ලෙඩ ලුණු පදම පැන්නොත් ඇඟ පුරාම ලෙඩ Reviewed by CHAA MEDIA on May 15, 2020 Rating: 5

හැම කැස්සක්ම කොරෝනා කැස්සක්ද?

May 15, 2020
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
පුංචි කැස්සක් ආවත් මේ දිනවල කවුරුත් ඉන්නේ බයෙන් සැකෙන්. කැස්ස විවිධ සුලබ ලෙඩ රෝග කිහිපයක් නිසාම හටගන්නා පොදු රෝග ලක්ෂණයක්. සාමාන්‍ය උණ හෙම්බිරිස්සාව වගේම හුස්ම ගන්න වාතයේ දූෂිත බව නිසාත් කැස්ස හට ගන්නවා. නමුත් කොරෝනා භීතිය නිසා හැම කැස්සක්ම දැන් කොරෝනා කැස්සක් හැටියටයි සැක හිතන්නෙ. ඉතින් අපි බලමු හරියටම මේ කොරෝනා කැස්ස කොයි වගේද කියලා.
(1) වියළි කැස්ස + කිවිසුම් යාම = දූෂිත ආශ්වාස වාතය
(2) කැස්ස + සෙම + කිවිසුම් + නාසයේ බර ගතිය = සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව
(3) කැස්ස + සෙම + නාසයේ බර ගතිය + ඇඟපත රුදාව + ඇඟට පණ නැති ගතිය + මඳ උණ = සාමාන්‍ය උණ
(4) වියළි කැස්ස + කිවිසුම් යාම + ඇඟපත රුදාව + ඇඟට පණ නැති ගතිය + තද උණ    = කොරෝනා
- සුගත්

උපුටා ගැනීම - දේශය වෙබ් අඩවියෙන්
හැම කැස්සක්ම කොරෝනා කැස්සක්ද? හැම කැස්සක්ම කොරෝනා කැස්සක්ද? Reviewed by CHAA MEDIA on May 15, 2020 Rating: 5

සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ

April 08, 2020
සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ Reviewed by CHAA MEDIA on April 08, 2020 Rating: 5

අලුත් අවුරුද්දට සාදාගත හැකි කිරිබත් වර්ග

April 07, 2020
අලුත් අවුරුද්දට සාදාගත හැකි කිරිබත් වර්ග අලුත් අවුරුද්දට සාදාගත හැකි කිරිබත් වර්ග Reviewed by CHAA MEDIA on April 07, 2020 Rating: 5
ads 728x90 B
Powered by Blogger.