රශ්මිත පුතුගේ ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමට ආධාර පතයි

Seo Services
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ කෝන්වැව ජනපදය, ගල්ගමුව ලිපිනයෙහි පදිංචි ජේ. එම්. රශ්මිත දේශාන් පුතු උපතින්ම මහා තැලසීමියා රෝගයට  ගොදුරු වී ඇත. දැනට තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔහුට මාස්පතා කුරුණෑගල තැලසීමියා මධ්‍යස්ථානයෙන් රුධිරය ලබා දුන්න ද ඉන් සිදු වනුයේ රෝගී තත්ත්වය පාලනය කිරීමක් පමණි. දරුවා මෙම රෝගී තත්ත්වයෙන් මුදා ගැනීමට නම් ඇටමිදුළු බද්ධ කිරීමක් කළ යුතු බව නවලෝක රෝහලේ වෛiවරුන් පවසා සිටින අතර ඉදිරි මාස දෙක ඇතුළත මෙම ශල්‍යකර්මය කළ සිදු කිරීමට නම් රුපියල් ලක්ෂ හැත්තෑවක (රු. 7,000,000/=) මුදලක් වැය කිරීමට සිදු වන බව දන්වා සිටිය ද, එතරම් මුදලක් වැය කිරීමට තරම් ආර්ථිකමය හැකියාවක් අප සතුව නැත. ස්ථිර රැුකියාවක් නොමැති පියා ගොවිතැන් කටයුතුවල නිරත වන අතර ඉන් උපයන මුදලින් දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු ද, වෛi ප‍්‍රතිකාර ද, නිවසේ අනෙක් වියදම් ද සිදු කරනුයේ බොහෝ දුෂ්කරතා මැදය. අපගේ පවුලේ අසරණභාවය ද සලකා බලා රෝගී පුංචි පුතුගේ සැත්කම සිදු කර ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා හැකි පමණින් ආධාරයක් කරන ලෙස පුතුගේ මව වන ඞී. එච්. එම් මංගලිකා මල්කාන්ති අයැද සිටින අතර ඇය නමින් මහජන බැංකුව, ගල්ගමුව ශාඛාවේ විවෘත කර ඇති 184200150047662 ගිණුමට එම ධන පරිත්‍යාගයන් බැර කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින අතරම, ඔබ දක්වන සහයෝගයට පුණ්‍යානුමෝදනා කර සිටිමි.
රශ්මිත පුතුගේ ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමට ආධාර පතයි රශ්මිත පුතුගේ ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමට ආධාර පතයි Reviewed by CHAA MEDIA on May 14, 2019 Rating: 5

No comments:

Powered by Blogger.