Seo Services

වත්තල-හෙකිත්ත මාර්ගයේ සිදු වෙඩි තැබිමේ තවත් CCTV දර්ශන පෙළක්


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif  
වත්තල, හේකිත්ත මාර්ගයේ  අයියාන් සබ්රිමලේ කෝවිල ආසන්නයේදී පසුගිය 13 දා පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් යොදවා තිබේ.
එමෙන්ම එම වෙඩි තැබීම සිදුවන අයුරු දැක්වෙන සී.සී.ටී.වී. කැමරා දර්ශන පෙළක් හමුවිය.
පොලීසිය සඳහන් කළේ ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගනිමින් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවයි.
වත්තල හේකිත්ත මාර්ගයේ අයියාන් සබ්රිමලේ කෝවිල ආසන්නයේදී 13 වන දා පස්වරු 3.30 ට පමණ  මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් තවත් මෝටර් රථයක ගමන් ගනිමින් සිටි දෙදෙනෙකුට වෙඩි තබා පළාගොස් තිබුණි.
සිද්ධියෙන් මෝටර් රථයේ ඉදිරිපස ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එහි පිටුපස ගමන්ගත් කාන්තාවක් දිවි බේරාගෙන තිබුණි.
මෝටර් රථයකින් පැමිණි හිස් ආවරණ පැලඳගත් පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර  ඔවුන් පැමිණි රථයෙන්ම පලාගොස් තිබුණි.
එය අසල සවිකර තීබූ සී.සී.ටීවි කැමරාවක සටහන්ව තිබුණි.
වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ කොටහේන ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ස්ටීවන් රාජේන්ද්‍රන් නොහොත් චාල්ස් නමින් හැදින්වූ අයෙක් සහ 38 හැවිරිදි සුප්පයියා මදිවානන් නැමැති ඔහුගේ මිතුරෙකි.
වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් යොදවා ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පාතාල කල්ලි දෙකක් අතර කලක සිට පැවති ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පල කරයි.
කොච්චිකඩේ කැලණි ගුම්මා නමැති කල්ලියේ සාමාජිකයින් සහ සෙල්ලි නැමැති කල්ලියේ සාමාජිකයින් අතර පැවති ගැටුමක් මත මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට සැකකරන බව පොලීසිය පැවසුවේය.
මියගිය අයගේ සිරුරු රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

උපුටා ගැනීම - අද දෙරණ
වත්තල-හෙකිත්ත මාර්ගයේ සිදු වෙඩි තැබිමේ තවත් CCTV දර්ශන පෙළක් වත්තල-හෙකිත්ත මාර්ගයේ සිදු වෙඩි තැබිමේ තවත් CCTV දර්ශන පෙළක් Reviewed by CHAA MEDIA on January 15, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.