රුක්මණී දේවිය මෙරට පහළ වූ අති විශිෂ්ට කලාශූරියකි. සිනමාව වැනි දැවැන්ත
කර්මාන්තයක දොරටුව ශ්‍රී ලාංකික කතුන්ට විවර කර දීමට ඇය විඳි දුක් ගැහැට,
නින්දා අපහාස අපමණය.
එහෙත් ඇය පිළිබඳ විධිමත් ඇගැයීමක් සිදු වූවා යැයි කිසි විටෙකත් අපහට නොසිතේ. ඇය ජීවතුන් අතර සිටියා නම් මේ සමරන්නේ ඇගේ 96 වැනි ජන්ම දිනයයි.
කාන්තා විමුක්තිය වෙනුවෙන් නිහඬ මෙහෙවරක් කරමින් ජාතිවාදයත්, වර්ගවාදයත් සිය හඬින් පරදවමින් සියලු ජාතීන් එකට බැඳ තැබූ රුක්මණී දේවිය වැනි අය අතිශයින්ම දුර්ලභය.
1923 ජනවාරි 15 වැනි දින නුවරඑළිය රම්බොඩදී උපන් රුක්මණී දේවිය වැල්ලවත්ත සෙන්ට් ක්ලෙයාර්, දෙමටගොඩ ශාන්ත මැතිව් විදුහල්වලින් අධ්‍යාපනය ලැබීය. ශාන්ත මැතිව් පාසල් වේදිකාවේ ඇය රැඟූ සපත්තු මහන්නාගේ බිරියගේ භූමිකාවෙන් ඇයට වෝල්ටර් අබේසිංහයන්ගේ රාමායණයේ සීතා දේවිය වන්නට වරම් හිමිවූයේ දොළොස් හැවිරිදි වියේදීය. මේ කාලය වන විට කාන්තාවන්ට වේදිකාව තහනම්ව පැවැතුණ ද ඇය එම අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නාය. ඉන් ඇරැඹි ඇගේ ගමන හෙළ සිනමාවේ මහා නිළි රැජින දක්වා පැතිරිණි.
1947 ජනවාරි 21 තිරගත වූ ප්‍රථම කථානාද චිත්‍රපටිය “කඩවුණු පොරොන්දුවෙන්” ඇරැඹූ ඇගේ සිනමා ගමන 1984 තිරගත වූ “ඇර සොයිසා” චිත්‍රපටය තෙක් චිත්‍රපට සිය ගණනකට ආසන්න විය.
1938 ඔක්තෝබර් 29 එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් සමඟ සිරි බුද්ධගයා ගීතය ගායනා කරමින් ගායනයට පිවිසි ඇය 1978 ඔක්තෝබර් 27 මාතර උයන්වත්තේ සංදර්ශන වේදිකාව තෙක්ම පුරා හතළිස් වසරක් ගීත ලොව බැබළවූ තාරකාව විය.
ඇය විසින් කලා ක්ෂේත්‍රය තුළ තැබූ වාර්තා කවදා කිසිවකුට හෝ මකා දැමීමට හෝ අබිභවා යෑමට නොහැකිය.
උපුටා ගැනීම - තරුණි

හෙළ කලා කෙතෙහි අමරණීය ගුණ සුවඳ
Reviewed by CHAA MEDIA
on
January 15, 2019
Rating:
No comments: