මාතර-කඹුරුගමුව ප්රදේශයේ නිවසක කාමරය තුළ තිබී මිය ගිය පුද්ගල මළ සිරුරක් හමුව ඇති බවයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මාතර දැව සංස්ථාවේ ලොරි රථයක සහයකයෙකු ලෙස සේවය කරමින් සිටි 23 හැවිරිදි චලන ප්රසන්න නැමති වැලිමඩ ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
අදාළ පුද්ගලයා මාතර ප්රදේශයේ ඔහු සහයක ලෙස සේවය කළ ලොරි රථයේ රියදුරුගේ නිවසේ නවාතැන් ගෙන සිට ඇත.
මෙලෙස මියගොස් සිටි පුද්ගලයා ඊයේ(31) රාත්රීයේ අදාළ රියදුගේ වැඩිමහල් සොහොයුරා සමඟ අවසාන වරට සිට ඇති බවට වාර්තා වෙයි.
අද(01) උදෑසන මිය පුද්ගලයා කාමරයෙන් පැමිණීමට ප්රමාදවීම හේතුවෙන් ගෙහිමි රියදුරා විසින් මේ පිළිබඳ සොයා බලා ඇත.
එහිදී ගෙහිමියා දැක ඇත්තේ අදාළ තරුණයා ඔහු නිදාගනු ලබන ඇඳ අසල වැටී සිටි ආකාරයයි.
මිය ගිය පුද්ගයාගේ ඇඳ සම්පුරණයෙන්ම ගිනි ගෙන විනාශ වී තිබූ අතර කාමරය තුළ අධික දුමාරයක් පැවති බව ගෙහිමියා පැවසීය.
කෙසේ වෙතත් අප කළ විමසීමක දී පොලීසිය සඳහන් කර සිටියේ, මිය ගිය තරුණයා බීමතින් සිට ඇති අතර, ඔහු විසින් දල්වන ලද දුම්වැටියක් මාර්ගයෙන් මෙට්ටයට ගිනි ඇවිලෙන්නට ඇතැයි සැක කරන බවයි.
සිදු වීම සම්බන්ධයෙන් මාතර, කොටවිල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

උපුටා ගැනීම - අද දෙරණ වෙබ් පුවතින්
නිදා ගත් ඇඳ ගිනි ගෙන දැවෙයි-තරුණයාගේ මරණය අභිරහසක්?
Reviewed by CHAA MEDIA
on
January 01, 2019
Rating:
No comments: