තමන් පදිංචිව සිටින ඉඩම නිරවුල් කර ආබාධිත පියා සහ මව සමඟ නිදහසේ
ජීවත්විමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා වයස අවුරුදු 14 ක දැරියක් අම්පාර
නගරයේ ඔරලොසු කණුව අසල අද(01) පෙරවරුවේ විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
“ජනාධිපතිතුමනි රටේ නීතිය සැමට සමාන ද?“ යන නාම පුවරුවක්ද අතැතිව මෙම දැරිය හැඩු කඳුලෙන් යුතුව මෙම විරෝධය තනිවම සිදු කරනු ලැබිය.
පසුව මෙම අවස්ථාවට අම්පාර නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සියල්ලම පැමිණ මේ පිළිබඳව අදාල නිලධාරින්ට දැනුම් දෙනු ලැබිය.
මෙම දැරියගේ පියා අබාධිත සෙබෙලෙක් වන අතර මව පියා සහ මෙම දියණිය අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකාය අසල නිවසක් හදාගෙන ජීවත්වු අතර මෙම ඉඩම වනජීවි කලාපයේ පවතින බව පවසමින් වනජීවි දෙපාර්මේන්තුව මඟින් නඩු පවරා මෙම ඉඩමින් මෙම පිරිස නෙරපනු ලැබිය.
වනජීවි දෙපාර්තමේන්තුව එසේ මෙම පවුල පාරට ඇද දැම්මත් මෙම කලාපයේ නිවාස 700 ක් පමණ ඉදිකර තිබෙන අතර ඒ අතර අම්පාර මානසික රෝහල, අම්පාර පොලිස් විශේෂ කාර්යය බලකාය,අම්පාර නගර සභාව මෙම සජීවි කලාපය තුළ පිහිටා තිබේ.
පසුව මෙම දරු පවුල අසරණ වු පසුව එම ඉඩමට යාබඳ ඉඩමේ සිටි විශ්‍රාමලත් ග්‍රාම නිලධාරිවරයෙකු විසින් තමන් සිටින ඉඩමෙන් කොටසක් මෙම අසරණ පවුල වෙත ලබාදි ඇති අතර පසුව අධිකරණ නියෝග කඩ කල බව පවසා අම්පාර වනජීවි නිලධාරීන් විසින් මෙම පවුලේ කාන්තවට අම්පාර පොලිසියේ පැමිණිල්ලක් කල අතර පසුව අම්පාර පොලිසියේ නිලධාරින් විසින් මෙම දරුවාගේ මවට නඩු දමා තිබේ.
පළවෙනි නඩු වාරයේදි ම ඇයට දින හතක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටිමට සිදුව තිබේ.
මෙම දින කිපය තුළ ආබාධිත පියා විසින් මෙම දැරිය ඉතා අපහසුවෙන් බලාගෙන තිබේ.
මෙම පිරිස පදිංචී වි සිටි නිවසින් ඉවත් කල පසු අම්පාර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදි ගත් තිරණයක් අනුව මෙම පිරිසට එම ස්ථානයෙන් රැදි සිටින ලෙසට තිරණයක් ලබා දී තිබියදි වනජීවි නිලධාරින් විසින් මෙම අහිංසක දරු පවුලට විරැද්ධව ආකාරුණික ලෙස කටයුතු කර තිබෙන බව අම්පාර නගර සභාපති චමින්ද සුගත් මහතා පැවසිය.
පසුව අම්පාර නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් තක්ෂිලා මහත්මිය එම ස්ථානයට පැමින අම්පාර දිසාපති කාර්යාලය වෙත රැගෙන ගියාය.
උපුටා ගැනීම - අද දෙරණ වෙබ් පුවතින්

ජනාධිපතිතුමනි රටේ නීතිය සැමට සමාන ද? 14 හැවිරිදි දැරියක් මහ මඟ විරෝධතාවයක
Reviewed by CHAA MEDIA
on
January 01, 2019
Rating:
No comments: