Seo Services

සමනල වයසේ - හෙලන් අත්තනායක

April 11, 2022

 

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 

සමනල වයසේ...ඉඟි බිඟි පෑවේ..
වසන්තයට එබිකම් කරමින්
නන්නාදුනනා දෙනෝදාහක් මැද
පෙම් කෙරුවේ....රහසින් වාගේ....//

යොවුන් වියේ සඳපාන ලෙසින් ඔබ
හඳමඬලට නව එළිය වෙලා.....//
අඳුර පිරී ඇති..මගේ ලොවට යළි
එන්න පහන් තරු පෙළක් වෙලා....

සමනල වයසේ...

ගතින් දුරස් වී සිටියත් අද ඔබ
සිත මා ළඟ තව නතර වෙලා....//
බලා ඉන්නේ ඇයි...ඈත දුරක සිට
පායන් තරු කැට එළිය වෙලා..

සමනල වයසේ...


    ගායනය - හෙලන් අත්තනායක
    පද රචනය - සමන් ලාල් කුමාර
සංගීතය - නන්දන ලියනගේ 
 
https://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png 
 
 
සමනල වයසේ - හෙලන් අත්තනායක සමනල වයසේ - හෙලන් අත්තනායක Reviewed by CHAA MEDIA on April 11, 2022 Rating: 5

මලක් වෙලා පිපෙන්න - PRIYAN PATHIRANA & INDIRA KARIYAWASAM

August 08, 2021

 

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 

පි - මලක් වෙලා පිපෙන්න එපා පරව යන නිසා
    සඳක් වෙලා බිඳෙන්න එපා සැඟව යන නිසා

ගැ - දොළක් වෙලා ගලන්න එපා සිඳී යන නිසා
     ඉරක් වෙලා නැගෙන්න එපා වැසී යන නිසා

පි/ගැ - අපි කවක් වෙලා හිඳිමු හදේ සඳා විය ගයා...

ගැ - සිහින මවන කුමාරියන් මුකුළු කරයිදෝ
    සෙනෙහෙවන්ත සිත ඈතට රැගෙන යාවීදෝ

පි - පාට පාට දේදුන්නක ඔබේ රුව මැවිලා
    ඈත රෑට අහස් ගැබේ ඒවී පායලා

මලක් වෙලා පිපෙන්න....

පි - අහස පුරා පායන තරු දේ කොතරම්ද
    ඊට වඩා ආදරේ බව ඔබට දැනීද

ගැ - තනිකම දුර ඈත යාවී ඔබ ළඟ ඉන්න
    මියෙනතුරා මියුරු සෙනෙහේ කවිය ගයන්න


මලක් වෙලා පිපෙන්න.... 

 

ගායනය - ප්‍රියාන් පතිරණ
යුග ගායනය - ඉන්දීරා කරියවසම්
පද රචනය - ලලිත් වසන්ත
සංගීතය - ජෝර්ජ් සේනානායක 

 https://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png 

DOWNLOAD SONG

මලක් වෙලා පිපෙන්න - PRIYAN PATHIRANA & INDIRA KARIYAWASAM මලක් වෙලා පිපෙන්න - PRIYAN PATHIRANA & INDIRA KARIYAWASAM Reviewed by CHAA MEDIA on August 08, 2021 Rating: 5

දුක කියන්න - අජිත් මුතුකුමාරණ

August 03, 2021

 

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 

දුක කියන්න ඔබ මා ළඟ නෑ
දුක අහන්න මම ඔබ ළඟ නෑ
කියන්න හිත ගොඩක් දේ ඇති
දකින්න පිං කළත් පව් ඇති.....

හිනාව තොල් මත තියලා
ගියාට කඳුලැලි පුරවා
සාප දෙන්න මට බැරුවා
මුළු හදින්ම පෙම් කෙරුවා...

දුක කියන්න ඔබ මා....

පාළොස්වක පෝය රෑට
හිනහෙන සඳ හරි ලස්සන
මගේ හිත හඬ හඬ ඉල්ලන
පින්බර සෙනෙහස දෙනවද

දුක කියන්න ඔබ මා.... 

 

ගායනය - අජිත් මුතුකුමාරණ
පද රචනය - ලලිත් වසන්ත
සංගීතය - ජෝර්ජ් සේනානායක
ඇල්බමයේ නම - සුවඳ මගේ   

 

https://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png 

DOWNLOAD SONG

 

දුක කියන්න - අජිත් මුතුකුමාරණ දුක කියන්න - අජිත් මුතුකුමාරණ Reviewed by CHAA MEDIA on August 03, 2021 Rating: 5

උදේට වැඩිවෙන හවසට අඩුවෙන ලෙඩේ...

July 03, 2020
 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
වයසට යන විට සිරුරේ දැනෙන, විවිධ වේදනා බොහෝමයි. තුනටිය කැක්කුම ඒ අතර ප්‍රධානයි. ඒ සඳහා විවිධ හේතු තිබිය හැකියි. නමුත් බහුලවම දක්නට ලැබෙන උදේට දරන්න බැරි වේදනාවක් හටගෙන ටිකෙන් ටික අඩුවෙන තුනටියේ කැක්කුම වෛද්‍යවරු හඳුන්වන්නේ ‘’ස්පොන්ඩිලෝසිස්’ (Lumbar spondylosis), නැතිනම් කටී ප්‍රදේශයේ ස්පොන්ඩිලෝසිස් රෝගය හැටියටයි. අද අපි සොයා බලමු ඒ ගැන. 
මොකක්ද මේ Lumber Spondylosis රෝග තත්ත්වය?
මෙය තුනටිය කියලා සාමාන්‍යයෙන් හඳුන්වන කටී කශේරුකාවේ ඇති ස්පොන්ජි වැනි  අන්තර් කශේරුක මඬල සහ ඒ ආශ්‍රිත සන්ධි පරිහානියට පත්වීම සහ ඒ අතරින් නව අස්ථී කොටස් ඇතිවීම නිසා ඇතිවන රෝග තත්ත්වයකි.
මෙම රෝග තත්ත්වයේදී කටී කශේරුකාවල සහ අන්තර් කශේරැක මඬල්වල ඇතිවන වෙනස්කම් මොනවාද?
මෙහිදී වයස්ගත වීමත් සමඟ මෙම වෙනස්කම් ඇතිවේ. කශේරුකා වලින් පිටතට Osteophytes ලෙස හඳුන්වන කූරු වැනි අස්ථි කොටස් වර්ධනය වේ. මේවා බහුලවම වර්ධනය වන්නේ කශේරුකාවල ඉදිරිපස සහ දෙපසයි. වයසට යන විට අන්තර් කශේරුක මඬලවල පිටත තන්තුමය කොටස ඝන වන අතර ඒවායේ ප්‍රත්‍යස්ථභාවය අඩු වේ. එම නිසා මැද ඇති ජෙලිමය ද්‍රව්‍ය පිටතට නෙරා ඒම සිදුවේ.
කශේරුකා අතර අස්ථි වර්ධනය නිසා කශේරුකාවල චලන අඩු වී කොන්දේ නම්‍යශීලීභාවය නැති වී යයි. (bamboo spine)
රෝග ලක්ෂණ මොනවාද?
මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය තුනටිය ප්‍රදේශයේ ඇතිවන වේදනාවයි. මෙම වේදනාව උදෑසනදී වැඩියි. දෛනික ක්‍රියාකාරකම් සමඟ අඩු වේ. දැඩි වෙහෙසක් ගෙන දෙන ක්‍රියාකාරකම් නිසා මෙම වේදනාව වැඩි වේ. කොන්දේ තද ගතිය (stiffness) ඇතිවෙන අතරම එහිදි කශේරුකාවල ඇතිවන අස්ථිමය වර්ධනයන් නිසා සුෂුම්නාව හෝ ස්නායුමුල තෙරපෙන විට මෙම කොන්දේ වේදනාව තට්ටම ප්‍රදේශය හෝ පාදය දක්වා විහිදී යයි.
මෙම රෝගය  නිසා ඇතිවිය හැකි සංකූලතා :
Lumber radiculopathy තත්ත්වය
Spondylolysis හෙවත් අස්ථි එකිනෙක මත ලිස්සා යාම
පාදවල මාංශපේශි දුර්වල වීම. (myelopathy)
Lumber Spinal stenosis හෙවත් සුෂුම්නාව ගමන් කරන අස්ථිමය නාලයේ වපසරිය අඩු වේ.
  
මෙහිදී රෝග විනිශ්චය කරන්නේ කෙසේද?
රෝගියා විසින් පවසන රෝග ඉතිහාසයට අනුව සහ ශාරීරික පරීක්ෂාවෙන් සොයාගන්නා තොරතුරු අනුව මෙම රෝග තත්ත්වය සායනිකව රෝග විනිශ්චය සිදු කළ හැක. රෝග තත්ත්වය තහවුරු කිරීම සඳහා කොන්දේ එක්ස්-රේ පරීක්ෂණ සහ MRI පරීක්ෂණ උපයෝගී කර ගනී.
මෙම රෝග තත්ත්වය සදහා හේතුවන කරුණු මොනවාද?
මෙම රෝග තත්ත්වය ඇතිවීම සඳහා හේතුවන බවට තහවුරු වී ඇති එකම කරුණ වන්නේ වයස්ගත වීමයි.
මෙම රෝග තත්ත්වයට සිදුකරන ප්‍රතිකාර මොනවාද?
මේ සඳහා ඖෂධීය නොවන ව්‍යායාම ප්‍රතිකාර ක්‍රම, මෙන්ම ඖෂධ සහ සැත්කම් ද තිබේ.
ඖෂධීය නොවන ප්‍රතිකාර :
කොන්දේ මාංශපේශි ශක්තිමත් කිරීම සඳහා ව්‍යායාම
භෞත චිකිත්සක ප්‍රතිකාර
තුනටියට Lumber corset එකක් පැළඳීම
කොන්දේ වේදනාව ඇති කරන ක්‍රියාකාරකම් සීමා කිරීම
ඖෂධීය ප්‍රතිකාර:
කොන්දේ ඇතිවන දැඩි වේදනාව පාලනය සඳහා වේදනා නාශක භාවිතය සහ කොන්දේ තද භාවය අඩු කරන ඖෂධ භාවිතය.
කොන්දේ සිදුකරන සැත්කම්:
මෙය රෝග තත්ත්වය උග්‍රවී සුෂුම්නාව හෝ ස්නායු මුල තෙරපීමකට ලක්වූ විට කොන්දේ සිදු කරන ශල්‍යකර්ම මගින් ප්‍රතිකාර සිදු කරනු ලබයි.
Neurogen@sugath

උපුටා ගැනීම -  http://www.deshaya.lk

උදේට වැඩිවෙන හවසට අඩුවෙන ලෙඩේ... උදේට වැඩිවෙන හවසට අඩුවෙන ලෙඩේ... Reviewed by CHAA MEDIA on July 03, 2020 Rating: 5

චීනයෙන් දරුණු ඌරු උණ මාදිලියක් එයි

July 03, 2020
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
මෙයට මාස 06කට පෙර චීනයේ වූහාන් පළාතෙන් අබිරහස් රෝගයක් ලෙස වාර්තා වූ කොවිඩ්-19 දැන් ලෝක වසංගතයක් වී හමාරය. එහි අනිටු විපාක ලෝකයටම පළදෙමින් පවතින අතරම, වසංගතයක් බවට පත් විය හැකි තවත් රෝගයක් චීනයෙන්ම වාර්තා වී තිබේ. ඌරන් තුළින් හඳුනාගෙන ඇති මේ නව රෝගකාරක වෛරසය ඉතා ඉක්මණින්ම වෙනස්වීම්වලට ලක්ව මිනිස් සිරුරට ඇතුළු විය හැකි බවත් එය එසේ ඇතුළු වුවහොත් ඉතා සීඝ්‍ර ලෙස පැතිරෙමින් මහා වසංගතයක් බවට පත්විය හැකි බවටත් විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත.
ඌරන් මගින් පැතිර ගිය ඉන්ෆ්ලුවෙන්සාව වසංගත තත්ත්වයක් මතු කළේ 2009දීය. ලෝකය පුරා ඌරු උණ ලෙස ප්‍රසිද්ධ වූ එම රෝගය ඇතිකළේ A/H1N1pdm09, ලෙස හඳුනාගත් ඉන්ෆ්ලුවෙන්සා වෛරස මාදිලියයි. එය සඳහා එන්නතක් පසුව සොයා ගනු ලැබිණි. දැන් චීනය තුළින් වාර්තා වන නව වෛරස රෝගය එම පැරණි ඌරු උණ හා සමාන නමුත් අලුත් වෙනස්කම් සහිත එකකි. මේ අලුත් රෝගය සාදන වෛරසය පර්යේෂකයන් හඳුන්වන්නේ G4 EA H1N1 හැටියටය. කෙටියෙන් G4 ලෙසටය. 2011 සිට 2018 දක්වා චීනයේ පළාත් 10ක ඌරු ගොවිපළ ආශ්‍රිතව ලබා ගත් සාම්පල 30,000කින් හඳුනාගත් ඌරු උණ වෛරස 179ක් අතරින් වැඩියෙන්ම වාර්තා වී ඇත්තේ 2016 සිට අලුතෙන් බිහිව පැතිර යන මේ G4 මාදිලියයි. ඉතා මාරාන්තික වේගයකින් පැතිර යා හැකි මේ වෛරසය ඌරන්ගෙන් දැනටමත් මිනිසුන්ට ඇතුළු වී හමාරය. නමුත් මිනිසුන් එකිනෙකා අතර පැතිරෙන බව තහවුරු කර නැත. නමුත්, එවන් විටෙක සිදුවිය හැකි හානිය සලකා දැන් ඌරු ගහණය තුළ වාර්තා වූ මේ නව වෛරසයට ද ඔබින අලුත් එන්නතක් නිපදවීමට ඔවුන් ලහිලහියේ අවධානය යොමු කර හමාරය.
මේ අවස්ථාවේ ඌරු උණ පිළිබඳ දැනුම්වත් වීම අප කාටත් සුදුසුය. එසේම දැනට කොවිඩ්-19 සඳහා අනුගමනය කරන පූර්ව සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම මේ වසංගතයෙන් ගැලවී සිටින්නට ද උදව් වන බව වෛද්‍ය මතයයි.
පැරැණි ඌරු උණ නැත්නම් H1N1 ඉන්ෆ්ලුවෙන්සා රෝගය ගැන ලංකාවෙන් ද වාර්තා වූ අවස්ථා තිබේ. නමුත් එය වසංගත තත්ත්වයක් බවට පත් නොවී පාලනය කර ගැනීමට අපේ සෞඛ්‍ය අංශ මෙතෙක් සමත්ව තිබේ. රෝගය පිළිබඳ අවධානයෙන් සිට එය වැළඳුණු බවට සැක සිතෙන රෝගීන් වහා වෛද්‍ය පරීක්ෂණ කරා යොමුකර නියත වශයෙන්ම  වෛරසය ශරීරගත වී ඇතැයි සනාථ වී ඇති අයට නොපමාව ප්‍රතිවෛරස ප්‍රතිකාර ලබා දීමෙන් මේ රෝගයෙන් වැළකීමට හැකියාව ලැබී ඇත.
මොකක්ද මේ සාමාන්‍යයෙන් ඌරු උණ කියා හඳුන්වන H1N1 ඉන්ෆ්ලුවන්සාව. එයින් වළකින්නේ කොහොමද?

සාමාන්‍ය ඌරු උණ රෝග ලක්ෂණ:

ඌරු උණ ද බොහෝ දුරට සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා උණ හා සමාන වන අතර උණ, නාසයෙන් සොටු දියර ගැලීම, කිවිසුම් යාම, කැස්ස, උගුර ආසාදනය, හිසරදය හා මස්පිඬු හා හන්දි රැදාව මෙහි රෝග ලක්ෂණ වේ.
මෙකී රෝග ලක්ෂණ ඇති රෝගීන් H1N1 ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා සැක සහිත රෝගීන් ලෙස සැලකෙන අතර ඔවුන් අතරින් දරුණු රෝග ලක්ෂණ හෝ රෝගී තත්ත්වය උත්සන්න වන ලක්ෂණ පෙන්වන රෝගීන් පමණක් රෝහල් (රජයේ හෝ පෞද්ගලික) වලට ඇතුළු කරගනු ලැබේ.
මෙසේ ඇතුළු කර ගන්නා ලද රෝගීන් පමණක් අවශ්‍ය පරිදි රෝගය ස්ථිර කිරීමේ රසායනාගාර පරීක්ෂණය සඳහා යොමු කරනු ලබන අතර නියමිත ප්‍රතිවෛරස් ඖෂධ ලබාදෙනු ඇත. බරපතළ නොවන උණ සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ පමණක් පෙන්වන රෝගීන් සඳහා සෙම්ප්‍රතිශ්‍යා උණ සඳහා නියමිත බාහිර රෝගී ප්‍රතිකාර ලබාදෙන අතර ඔවුන් පිළිපැදිය යුතු උපදෙස් නිවැරදිව ලබා දෙනු ලැබේ.

ඌරු උණ, H1N1 ඉන්ෆ්ලුවන්සා රෝගීන් සඳහා උපදෙස්:

• නියම කරන ලද ඖෂධයන්හි (උදා: උණ පාලනය කිරීම සඳහා දෙන පැරසිටමෝල්) නියමිත මාත්‍රා නිසි පරිදි භාවිත කරන්න.
• ඇඳ විවේකය ලබාගන්න.
• වැඩිපුර දියර වර්ග පානය කරන්න.
• පෝෂ්‍යදායී ආහාර ලබාගන්න.
• පවුලේ සාමාජිකයන් හට රෝගය පැතිරීම වැළැක්වීම සඳහා වෙන්ව සිටින්න. හැකි සැමවිටම මුඛ ආවරණයක් පළඳින්න.
• නිතර සබන් යොදා හොඳින් අත් සෝදන්න. විශේෂයෙන් කිවිසීමෙන් හා කැස්සෙන් පසු මෙසේ දෑත් සේදිය යුතුයි.
කහින හා කිවිසින අවස්ථාවලදී දෑත්වලින් මුඛය හා නාසය ආවරණය කිරීමෙන් වළකින්න. පිරිසුදු ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසි මේ සඳහා භාවිත කරන්න. එකී ටිෂූ කඩදාසි ආරක්ෂිතව බැහැර කරන්න. ලේන්සු තෙත් වූ වහාම සබන් යොදා සෝදාගන්න.
ඔබේ රෝග ලක්ෂණ අඩු නොවන්නේ නම් හෝ දරුණු වන්නේ නම් හෝ පහත දැක්වෙන අන්දමේ අවදානම් රෝග ලක්ෂණ හටගනී නම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හමුවන්න.

අවදානම් රෝග ලක්ෂණ

වැඩිහිටියන් සඳහා:
• හුස්ම ගැනීමට අපහසු වීම
• නොනවතින වමනය
• පපුවෙහි හෝ බඩේ වේදනාව හෝ තෙරපුම
• කරකැවිල්ල
• සිහිමඳ ගතිය හෝ සිහි මුර්ජා වීම
• රෝග ලක්ෂණ සුවවීමෙන් අනතුරැව නැවත උණ හෝ තද කැස්ස පැතිරීම.
දරුවන් සඳහා:
• හුස්ම ගැනීම වේගවත් වීම හෝ අපහසු වීම
• සම නිල් හෝ අළු පැහැවීම
• දියර වර්ග පානය කිරීමට අපහසු වීම/ අඩුවීම
• පහකරන මුත්‍රා ප්‍රමාණයෙහි අඩුවක් දක්නට ලැබීම හෝ අඬන විට කඳුළු වැටීම අඩුවීම
• නොනවතින වමනය
• ප්‍රතිචාර දැක්වීම අඩුවීම
• නොසන්සුන් ලෙස හැසිරීම
• රෝග ලක්ෂණ සුවවීමෙන් අනතුරැව නැවත උණ හා තද කැස්ස ඇතිවීම

අවදානම වැඩි අය:

පහත දක්වන කණ්ඩායම්වලට අයත් H1N1 ඉන්ෆ්ලුවන්සා රෝගීන් මෙම රෝගයේ සංකූලතා කෙරෙහි වැඩි අවදානමක් දරන හෙයින් ඔවුන් තමන්ගේ රෝගී තත්ත්වය පිළිබඳ වඩාත් සැලකිය යුතුයි. රෝග ලක්ෂණ දරැණු වුවහොත් ඔවුන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි.
• අවු: 2ට වඩා අඩු දරුවන්
• අවු: 65ට වඩා වැඩි වැඩිහිටියන්
• ගර්භනී මවුවරුන්
පහත දැක්වෙන රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නන්:
• ඇදුම ඇතුළු නිදන්ගත පෙනහළු රෝග සහිත රෝගීන්
• හෘද හා රුධිර වාහිනී රෝගයන්ගෙන් පෙළෙන රෝගීන් (අධික රුධිර පීඩනය ඇති රෝගීන් හැර) රුධිර සෛල සම්බන්ධ නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන්නන්
• දියවැඩියා රෝගීන්
• ප්‍රතිශක්තිය හීනවූ රෝගීන් (H1N1 ඉන්ෆ්ලුවන්සා රෝගීන් ඇතුළුව)
• දීර්ඝකාලීන ලෙස ඇස්ප්‍රින් ලබාගන්නා අවුරුදු 19ට අඩු පුද්ගලයන්

 සුගත්

උපුටා ගැනීම -  http://www.deshaya.lk
චීනයෙන් දරුණු ඌරු උණ මාදිලියක් එයි  චීනයෙන් දරුණු ඌරු උණ මාදිලියක් එයි Reviewed by CHAA MEDIA on July 03, 2020 Rating: 5

ලෙඩ වළක්වන සෞඛ්‍ය පුරුදු!

June 19, 2020
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපට වැදගත් වෙනවා. එය නිරෝගීව තබාගෙන ශක්තිමත්ව දිවිගෙවන්න. මේ සරල පුරැදු කිහිපයෙන් ඔබටත් හැකියාව ලැබෙනවා. එමගින් නිරෝගී ප්‍රබෝධයෙන් පිරුණු ජීවන රටාවක් හිමිකර ගන්න පුළුවන්.

1. කැෆේන් අඩංගු පාන වර්ග නැවැත්වීම

කැෆේන් අඩංගු පාන වෙනුවට ඉඟුරැ, කොත්තමල්ලි, ඉරමුසු, බෙලිමල් ආදියෙන් සෑදූ පාන දිනපතා ගන්නේ නම් එම ඖෂධීය ගුණය ඔබේ මුළු සිරුරම පිරිසුදු කර ප්‍රබෝධයක් ගෙන දෙයි.

2. වතුර වැඩිපුර පානය කිරීම

වතුර නිතර පානය කිරීමෙන් සම හා ශරීර අභ්‍යන්තර අවයව වන වකුගඩුවලද විසහරණය කරමින් පිරිසුදු කරවයි. ව්‍යායාම් කිරීමේදී දහදිය පිටකරමින් සිරැරට අවශ්‍ය ශක්තියද මින් ලබාදෙයි.

3. කෘත්‍රිම රසකාරක ඉවත් කරන්න

හොඳින් පිරිසුදු කළ සුදු සීනි පිටි හා ධාන්‍යවල ඇති සීනි මඟින් බැක්ටීරියා ඇති කරවන නිසා ස්වාභාවික රසකාරකම තෝරාගන්න.

4. ඇසුරූම්ගත ආහාර පාලනය

ඇසුරූම් කළ ආහාර කල් තබා ගැනීමට විවිධ රසායන ද්‍රවය එක් කරන නිසා එය එතරම් හිතකර නොවෙයි. මේ නිසා එවැනි ආහාරවලින් හැකිතාක් ඈත් වන්න.

5. කෙඳි සහිත ආහාර වැඩිපුර ගන්න.

කෙඳි සහිත කොළ පැහැති ආහාර ඔබේ වේලට එක්කර ගැනීමෙන් හානිකර විස ද්‍රව්‍ය මර්දනය කළ හැකි නිසා තම්බාගත් ගෝවා, නිවිති ආදියට වැඩි අවධානයක් යොමු කරන්න.

6. දිනකට පැය 1/2ක් වත් ව්‍යායාම කරන්න.

ශරීරය හොඳින් ක්‍රියාකාරී වෙමින් දහදිය දැමීමෙන්ද විස බීජ පිටවෙයි. ඇවිදීම, පැනීම වැනි වෙනත් ව්‍යායාම්වල යෙදෙන ඔබට මින් සාර්ථක ප්‍රතිඵල අත්විඳිය හැකියි.

7. ඖෂධීය ශාකසාරවලින් සත්කාර

සහිඳ ලුණු සහිත ජලයේ හෝ මුහුදු ජලයෙන් ස්නානය කරන ඔබට සිරුර හොඳින්ම පිරිසුදු කර ගන්න පුළුවන්. මෙය ඖෂධීය සත්කාරයකි.

8. දිනපතා සුළු වේලාවක් හෝ සන්සුන්ව සිටින්න

නිහඬව ඉඳගෙන මඳ වේලාවක් සැහැල්ලු ඉරියව්වකින් හිඳ නිරවුල් මනසින් සිටින්න. සිත සැහැල්ලු කර ගනිමින් නව ප්‍රබෝධජනක අදහස් මතුකරගන්න මෙය කදිම අවස්ථාවක්.

- web MD
උපුටා ගැනීම -  http://www.deshaya.lk
ලෙඩ වළක්වන සෞඛ්‍ය පුරුදු! ලෙඩ වළක්වන සෞඛ්‍ය පුරුදු! Reviewed by CHAA MEDIA on June 19, 2020 Rating: 5

දුම්පානය අදම අතහරින්නට මෙන්න නොවරදින උපක්‍රම!

June 19, 2020
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
වත්මන් ලෝකයේ දුම්පානය යනු 99ක ප්‍රතිශතයක් පෙනහළු පිළිකා ඇතිවන ඉතා හානිදායක පුරුද්දකි. ලොවපුරා සිටින මිනිසුන් බිලියන 1.1කට අධික ප්‍රමාණයක් දුම්පානය සිදුකරන අතර මේ ක්‍රියාව නිසා ඔවුන්ගෙන් 50ක් පමණ මරණයට පත් වෙති. ඉතින් ඔබත් මේ වැරැදි පුරුද්දට ඇබ්බැහිව සිටියි නම් වහාම එයින් මිදෙන්න. පුරුද්දක් නසන්නට නම් අලුත් පුරුද්දක් අවශ්‍යයි. ඒ අන්දමට දුම්පානයෙන් ගැලවෙන්නට උපදෙස් කිහිපයකුයි මේ.

01. බීම බටයකින් සීතල වතුර පානය කරන්න. 

මෙහිදී වතුර උරා බීම සිගරට්ටුවක් ඉරීමකට සමාන වේ. මෙම ක්‍රියාවන් දෙක මඟින්ම ඩොපර්මීන් ස්‍රාවය වීම උත්තේජනය වේ. ඩොපර්මීන් මඟින් මොළයට සිදුකරන බලපෑම නිසා අසතුටුදායක හැඟීම් පාලනය වන බව කියැවේ.

02. කුඩා ආහාරවේල් කීපයක් වරින්වර ගැනීම මඟින්ද දුම්පානය කිරීමට ඇතිවන ආශාව පාලනය කරගත හැක. 

මෙහිදී මේදය හෝ සීනි රහිත ආහාර වර්ගයන් තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතුය. එමඟින් සිරැරේ බර අනවශ්‍ය ලෙස වැඩිවීම පාලනය කර ගත හැක.

03. දුම්පානය අතහැරීම තුළින් ඔබට ලැබෙන වාසි ලැයිස්තුවක් සකස්කර ගන්න.

මෙහිදී දුම්පානය ක්‍රමයෙන් අතහරිමින් ඔබට ප්‍රායෝගිකව ලැබෙන වාසිම සටහන් කර ගැනීම කළ යුතුය. එවැනි වාසි අතර ඔබේ ආත්ම ශක්තිය වර්ධනය වීම, මුදල් ඉතිරි වීම, ආහරවල රසය මනාව දැනීම, වඩාත් ක්‍රියාශීලී බවක් ගතට දැනීම වැනි වාසි තිබිය හැක. සිගරට්ටුවක් පානය කිරීමට ආශාවක් ඇතිවන සෑමවිටකම මෙම ලැයිස්තුව කියවා බැලීම මඟින් එම ආශාව පාලනය කර ගැනීමට ඔබට හැකිවනු ඇත.

04. විටින් විට දත් මදින්න.

දුම්පානය අතහැරීම ඔබට නැවුම් මුවක් ලබා දේ. නිතර දත් මැදීම මඟින් ද ඔබේ මුවට නැවුම් බවක් ගෙන එන අතර, දුම්පානය මඟින් එම නැවුම් බව කෙලෙසා ගැනීමට ඔබෙ සිත තුළ අකමැත්තක් ඇතිවේ. එම සිතුවිල්ල වර්ධනය කරගැනීම මඟින් දුම් පානයට ඇති පෙළඹවීම මනාව පාලනය කරගත හැක.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirjImRWQt4nb8kI8qe9CJhE6zzkMG-A_6DMwnCWMxiZYNd7FABlOki8xqW8i40HBCAJUIIe-vmRHbBfJ4lK7cTC0GEgAjeXtt3215_66Ctlr6Ts1AsVhZqUlbbFZjd6HKvt1krTkQaIKk/s1600/HT2.jpg 

05. මත්පැන්ද අතහරින්න.

මිනිසුන් දුම්පානයට පෙළඹවීමේ ප්‍රධානතම සාධකයක් වන්නේ මත්පැන් පානයයි. මත්පැන් පානය මගින් ඔබේ ආත්ම දමනය බිඳ වැටීමකට ලක්වන අතර, එනිසා දුම්පානය අතහැර සිටි අය පවා නැවත දුම්පානයට පෙළඹීමේ ප්‍රවණතාවයක් ඇත. එසේම බොහෝදෙනා මත්පැන් සමඟ දුම්වැටියක් දල්වා ගැනීම පුරුද්දක් ලෙසට සිදුකරයි. එනිසා මත්පැන් යනු දුම්පානය සමඟ ඉතා ළඟින් බැඳී පවතින පෙළඹවීමේ කාරකයක් ලෙසට හඳුනාගෙන ඇත.

06. ඔබට උචිත දුම්පානයෙන් තොර කලාප හඳුනාගන්න.

දුම් වැටියක් දල්වා ගැනීමේ උවමනාවක් ඇතිවූ ඕනෑම විටෙක මෙම කලාප භාවිත කරන්න. උදා: පුස්තකාලය. එවිට ඔබගේ අවශ්‍යතාව පාලනය කර ගැනීමට සිදුවන නිසා දුම්පානය කිරීමේ උවමනාව ක්‍රමයෙන් යටපත්ව යාම සිදුවේ.

07. ඔබට දුම්පානයෙන් මිදීමට හේතු වූ හා හේතුවන කරුණු ලැයිස්තුගත කරන්න.

එම ලයිස්තුව ඔබ නිතර ගැවසෙන ස්ථානවල අලවා තබන්න. උදා: නාන කාමරය, කුස්සිය, සාලය. මෙම ලැයිස්තුවත් සමඟම ඔබේ පවුලේ සාමාජිකයන්ගේ පින්තූරයක් එල්ලා තැබීම මඟින් එම ලැයිස්තුවේ සඵලතාව තවදුරටත් ඉහළ යනු ඇත.

08. ව්‍යායාම කිරීමට ඇබ්බැහිවන්න

ව්‍යායාම කිරීමට ඇබ්බැහිවීම වෙනත් ඇබ්බැහිවීම්වලින් මිදීමට ඉතාමත් සුදුසු විකල්පයක් ලෙස හඳුනාගෙන ඇත. සිරුර වෙහෙසවීමේදී නිපදවෙන ඇතැම් රසානයන් ඔබගේ ආතතීන් හා නරක භාවයන් පාලනය කර ඔබගේ සිතේ ප්‍රීතිමත් බව ඉහළ නැංවීමට හේතුවේ. හැකි සෑම දිනකම, යම් කාලපරාසයක් ව්‍යායාම වෙනුවෙන් වෙන්කර තැබීමට උත්සුක වීම මඟින් දුම්පානයට සිත යොමුවීම පාලනය කර ගැනීමට ඔබට පහසුවනු ඇත. දුම්පානය අත්හැර මුල් මාස කීපය තුළ, ව්‍යායාම කරා යොමුවීම ඉතා වැදගත් වේ. මෙහිදී ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම, දිවීම මෙනම වෙනත් ඕනෑම සිරුර වෙහෙස කරවන ක්‍රියාකාරකමකට හෝ ක්‍රියාකාරකම් මාලාවකට යොමුවීමට ඔබට නිදහස ඇත.

09. කාර්යබහුල වන්න

විශේෂයෙන්, දුම්පානය අතහැර මුල් මාස කීපය තුළ හැකිතරම් කාර්යබහුල වීමට වගබලා ගැනීම ඉතා වැදගත් වේ. මේ සඳහා සැලසුම් කිරීමේදී ඔබව දුම්පානයට නැවත තල්ලුකර හැකි පෙළඹවීම්වලින් හැකිතාක් දුරට ඈත්ව සිටීම කළ යුතුය. පවුලේ අය සමඟ විනෝද සවාරියක් යාම වැනි සරල ක්‍රියාකාරක වුවද මේ සඳහා භාවිතා කළ හැක. එවැනි විටෙක ඔබ සමඟ දුම්පානය කරන සඟයන් එයට සහභාගීකර ගැනීම උචිත නොවනු ඇත.

10. වෙනත් දෙයකින් කට පුරවාගන්න

සිගරට්ටුව වෙනුවට ඔබේ මුඛය කාර්යබහුලව තබන වෙනත් ආදේශකයක් සොයාගන්න. මෙහිදී සීනි රහිත චුයින්ගම්, ටොෆී හෝ වෙනත් යම් සෞඛ්‍යාරක්ෂිත කැවිලි වර්ගයක් වුවද උපයෝගී කරගත හැක. සිගරට්ටුවක් ඉරීමට සිතෙන සෑම අවස්ථාවකදීම භාවිතා කිරීමට එම ආදේශකය නිතර ළඟ තබා ගැනීමට පුරුදුවන්න.
- සුගත්

උපුටා ගැනීම -  http://www.deshaya.lk

දුම්පානය අදම අතහරින්නට මෙන්න නොවරදින උපක්‍රම! දුම්පානය අදම අතහරින්නට මෙන්න නොවරදින උපක්‍රම! Reviewed by CHAA MEDIA on June 19, 2020 Rating: 5

රෑ නින්දෙන් කෙණ්ඩා පෙරළෙන ලෙඩේට හේතුව

June 19, 2020
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
රාත්‍රී නින්දේදී කකුලේ දැඩි වේදනාවක් සහ මස්පිඬු පෙරළීමක් සමඟ කෙඳිරිගාගෙන නැගිටින්නට වුණ අවස්ථා ඔබටත් ඇති. වයස්ගත උදවිය ඉන්න තැනක මේ එපාකරපු අසනීපය නිසා ඒ අය දුක් විඳින හැටි දකින්නට පුළුවනි. හුඟාක් වේලාවට මෙහිදී කකුලේ පේශිය තදකොට මස් පිඬුව දිග ඇදීමට සැලසීම (forceful stretching) මගින් බොහෝ මේ  වේදනාව සමනය වී යයි. මස්පිඬු පෙරළීමට ලක්වෙන මේ වේදනාකාරී රෝගී තත්ත්වය වෛද්‍ය විද්‍යාවේදී හැඳින්වෙන්නේ රාත්‍රී දෙපා වේදනා සහ ලක්ෂණය (Nocturnal leg cramp syndrome) හැටියටයි. බහුලවම මෙම රෝග තත්ත්වයේදී මස්පිඬු පෙරළීමේ තත්ත්වය කෙණ්ඩ ප්‍රදේශයේ ඇතිවෙයි. නමුත් ඇතැම් විට කලවා සහ පතුල ආශ්‍රිත ප්‍රදේශයේ මාංශ පේශීවලද එය සිදුවේ.
මොකක්ද මේකට හේතුව?
මෙම රෝග තත්ත්වයට නිශ්චිත හේතුවක් තවම සොයාගෙන නැත. නමුත් මාංශ පේශී වෙහෙසට පත්වීම සහ ස්නායුවල ඇති වන යම් යම් ගැටලු මෙයට හේතුවන බව විශ්වාසයයි. දියවැඩියාව, වකුගඩු අකර්මණ්‍යතාව වැනි රෝගත් ඇතැම්විට මේ සඳහා හේතුවෙයි.
රෑට කෙණ්ඩා පෙරළෙන්න හේතුවන වෙනත් ලෙඩ රෝග:
දියවැඩියාව මෙහිදි මූලිකම හේතුවකි. ඊළඟට කකුලේ රුධිරවාහිනී වල ඇතිවන රෝග, කොන්දේ සුෂුම්නාවෙන් පිටවන ස්නායුවල තදවීම, වකුගඩු අකරණීය (ත්‍රීව්‍ර සහ නිදන්ගත), ඇඩිසන්ස් රෝගය, රක්තහීනතාවය, සිරෝසිස් රෝග තත්ත්වය, තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ සහ ලෙඩ රෝග සඳහා ගන්නා විවිධ ඖෂධ මෙයට හේතු විය හැකියි. නිදසුන් හැටියට, අධිරුධිර පීඩනයට භාවිතා කරන ඖෂධ, කොලෙස්ටරෝල් අඩු කරන ඖෂධ (statins), මුත්‍රාකාරක ඩයියුරෙටික්ස් කාණ්ඩයට අයත් ඖෂධ වගේම ගැබ් ගැනීම වැළැක්වීමට භාවිත කරන ගිලින පෙති නිසාත් මේ තත්ත්වය හටගන්නට හැකිය.
ඊට අමතරව සුවිශේෂී තත්ත්වයන් වන,
විජලනය වීම, පාචනය, අධික මාංශ පේශී වෙහෙස සහ පාර්කින්සන් රෝග තත්ත්වය  වැනි හේතු නිසාත් මෙය ඇති විය හැකියි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBQbpSLPx4qFF8RAJxS4dbS_GTgE3AkJ-byfQOQH1mi4ZfHnUzLvSV5ohgA4eRJuhA-LRdSOGaROPZ5Qq4Na_nso2t-CWGgJebNC0Gb2cO1-WzU4KYdxNXa5-EASXMzTWP1hXvZgtXEmg/s1600/kenda2.jpg 
මෙම තත්වය වැළඳීමේ අවදානම ඇති පුද්ගලයන් කවුද?
ඇත්තටම වයස්ගත වීමත් සමඟ මෙම රෝග තත්ත්වය වැළඳීමේ අවදානම වැඩිය. එසේම ගර්භනී කාන්තාවන් හටද මෙම තත්වය වැළඳීමේ අවදානම ඉතා වැඩිය.
මෙහිදී සිදුකරන්නේ කුමක්ද?
වෛද්‍යවරයා විසින් රෝග ඉතිහාසය අනුව මෙම තත්ත්වය තීරණය කරයි. සායනික පරීක්ෂාවකින් පසු අවශ්‍ය වුවහොත් මෙම තත්ත්වය ඇති වීමට හේතු විය හැකි වෙනත් ලෙඩ රෝග හඳුනාගැනීම සඳහා රුධිර පරීක්ෂණ ඇතුළු අනෙකුත් අවශ්‍ය පරීක්ෂණ නිර්දේශ කරයි.
මෙම තත්වය වළක්වා ගැනීමට ඔබට ගත හැකි ක්‍රියාමාර්ග:
ශරීරය විජලනයෙන් වළක්වා ගැනීමට හොඳින් ජලය පානය කිරීම. අඩුතරමේ දිනකට වතුර වීදුරු 6-8 ක් පමණ පානය කළයුතු වේ.
කකුලේ මාංශ පේශී දිග ඇදීමේ ව්‍යයාම සිදු කිරීම
දිවාකාලයේදී සහ රාත්‍රී නින්දට පෙර මාංශ පේශී දිග ඇදීමේ ව්‍යයාම තුළින් මෙම තත්ත්වය ඇති වීම අඩුකර ගත හැක.
උදා:- බත් කෙන්ඩේ මාංශ පේශී සඳහා
පඩියක් වැනි ස්ථානයක පාදයේ ඉදිරිපස භාගය පමණක් උපයෝගි කරගෙන සිට ගන්න. අනතුරුව පිටුපස විලුඹ කොටස එම මට්ටමට වඩා පහත් කරන්න. තත්පර කිහිපයක් එලෙස තබන්න. නැවත නිසි පිහිටුමට එන්න. මෙය වාර කිහිපයක් සිදුකරන්න. මේ සරල ව්‍යායාමය බොහෝවිට ඔබට පහසුව ගෙන එනු ඇති. එසේම පාදයට ගැලපෙන නිවැරදි පාවහන් භාවිතා කරන්නට පුරුදු වන්න. ශරීරයේ මාශපේශී ඇදීම සිදුකරන යෝග ව්‍යායාම මෙහිදි ඉතා වැදගත් විකල්ප ව්‍යායාම පද්ධතියක් ලෙස දැක්විය හැකියි.
 - Nurogen ඇසුරින් සුගත්

උපුටා ගැනීම -  http://www.deshaya.lk

රෑ නින්දෙන් කෙණ්ඩා පෙරළෙන ලෙඩේට හේතුව රෑ නින්දෙන් කෙණ්ඩා පෙරළෙන ලෙඩේට හේතුව Reviewed by CHAA MEDIA on June 19, 2020 Rating: 5

කකුල් කෙඩෙත්තුවට මුල්වෙන PVD

June 05, 2020
 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif
දෙපාවලට අධික විඩාවක් දැනීම සහ වේදනාවක් නිතරම ඇතිකරන එපාම කරපු කකුල් කෙඩෙත්තුවට හේතුව හඳුන්වන්නේ පර්යන්ත රුධිර වාහිනී රෝගය (Peripheral vacular disease )– PVD හැටියටයි. මෙය සිරුරේ පර්ය්‍යන්තව ඇති රුධිර වාහිනීවල ඇතිවන රෝගී තත්ත්වයකි. මෙහිදී මොළය සහ හෘදය වස්තුවේ හැර අනිකුත් බාහිරයට ලේ සපයන රැධිර වාහිනී සංකෝචනය වීම හෝ සිහින් වී රුධිර සංසරණය අඩපණ වේ. මෙම රෝග තත්ත්වය ශිරා හා ධමනි යන රුධිර වාහිනී දෙවර්ගයටම බලපායි. මෙහි ප්‍රධානතම රෝග ලක්ෂණය වනුයේ දෙපාවලට අධික විඩාවක් දැනීම සහ වේදනාවක් නිතරම දැනීමයි. විශේෂයෙන් ඇවිදීමත් සමඟ වේදනාව වැඩිවන අතර නැවතී විවේක ගන්නා විට එම වේදනාව පහව යයි.
රෝග ලක්ෂණ:
පාද ඉක්මනින් වෙහෙසට පත්වීම සහ ඇවිදීමත් සමඟ පාදවල හටගන්නා අධික වේදනාව, විවේක ගැනීමත් සමග මෙය සමනය වේ. දෙපා හිරිවැටීම සහ දුර්වල බවක් දැනීම. කකුලේ රෝම වර්ධනය අඩාල වීම හෝ රෝම හැලී යාම. කකුලේ යට කොටසේ අනෙක් පාදය හා සසඳන විට සීතල ගතියක් දැනීම. කකුලේ යටි පතුලේ දිගුකාලීන සුව නොවන තුවාල ඇති වීම. පාදවල හමේ දිලිසෙන ස්වභාවයක් ඇතිවීම. නියපොතු වර්ධනය වන වේගය අඩු වීම.
රෝගය ඇති වීමට අවදානම් ලෙස බලපාන සාධක:
දුම්පානය, තරබාරු බව, අධි රුධිර පීඩනය, දියවැඩියාව, වයස අවුරුදු 50ට වඩා වැඩි වීම, හෘද රෝග, ආඝාතය හෝ PVD රෝගය සඳහා පවුල් ඉතිහාසයක් පැවතීම.
රෝගය  නිසා ඇති වන සංකූලතා:
පාදවල සුවනොවන තුවාල ඇතිවීම. පාදවල පටක මියගොස්, පාද කපා ඉවත් කිරීමට සිදුවීම.
පුරුෂ ලිංගය ප්‍රාණවත් නොවීම.
දෙපා වේදනාව නිසා ඇවිදීමට අපහසු වීම.
දෙපාවල ඇතිවන ආසාදන රුධිරයට එක් වී සෙප්ටිසීමියා තත්වයට පත්විය හැක. මෙය දැඩි ජීවිත අවදානමක් සහිත තත්ත්වයකි.
රෝගය විනිශ්චය:
රෝගය විනිශ්චය සඳහා රෝග ඉතිහාසය පරීක්ෂා කොට වෛද්‍යවරයා සායනිකව පරීක්ෂාවක් සිදු කරයි. අනතුරුව රෝගය තහවුරු කිරීම සඳහා විවිධ පරීක්ෂණ සිදුකරයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6JkEbJW68zVyuYMabwaByQMJ0jmQLJfH4lqvq4f0FhXDBbh0qIGc2zJ9NhqGcXHN-C_Y3Hy3yB34UAMYuQcOP3b6z2fSelazDL9YrdsecmMKEN7gi45PPfMvLDzeU7oETcWG4SebzT8E/s1600/pvd2.jpg
මෙම රෝගයට ඇති ප්‍රතිකාර:
මෙහිදී ඖෂධීය ප්‍රතිකාර මෙන්ම ජීවන රටාවේ ඇතිකරගත යුතු වෙනස්කම්ද ඉතා වැදගත්වේ. ජීවන රටාවේ ඇතිකර ගත යුතු වෙනස්කම්, දුම්පානයෙන් වැළකීම. දියවැඩියාව සහ අධිරැධිර පීඩනය පාලනය කිරීම. වෛද්‍ය උපදෙස් අනුව ක්‍රමාණුකූලව ව්‍යායාම කිරීම. මේදය බහුල ආහාරවලින් වැළකීම.
ඖෂධීය ප්‍රතිකාර:
රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුකරන ඖෂධ, රැධිරයේ රැධිර පට්ටිකා කැටිගැසීම අඩු කරන ඖෂධ, රුධිර පීඩනය පාලනය සඳහා ඖෂධ.
සැත්කම්:
ඉහත ඖෂධීය ප්‍රතිකාර මගින් ප්‍රතිකාර කළද රෝගය උත්සන්න තත්ත්වයට පත් වූ විට රැධිර වාහිනීවල සිදුකරන ඇතැම් සැත්කම් මගින් ප්‍රතිකාර සිදු කරයි. උදා- රුධිර වාහිනී වල බයිපාස් සැත්කම්

- WebMD

උපුටා ගැනීම -  http://www.deshaya.lk
කකුල් කෙඩෙත්තුවට මුල්වෙන PVD කකුල් කෙඩෙත්තුවට මුල්වෙන PVD Reviewed by CHAA MEDIA on June 05, 2020 Rating: 5

විස්කම් සුව ගෙනෙන “එප්සම්” බාල්දිය!

June 05, 2020
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
බෙහෙත් කඩවලින්  බහුලව ලබාගත හැකි එප්සම් ලුණු විශ්වකර්ම ගුණදෙන ඖෂධයකි.  එප්සම් සෝල්ට් හැටියට හඳුන්වන මේවා ඇත්තටම මුහුදු ජලයේ ඇති මැග්නීසියම් සල්ෆේට් කියන රසායනයයි. මේවා සාමාන්‍ය උෂ්ණත්වයේදී ලුණු කැට මෙන් දක්නට හැකියි. එංගලන්තයේ සරේ ප්‍රාන්තයේ ඇති එප්සම් නමැති ලවණ අඩංගු විලේ නමට අනුව තමා මේවාට නම ලබාදී තිබෙන්නේ.
එප්සම්වල ප්‍රයෝජන
එප්සම් ලුණු ඔබට හිතාගන්නටත් බැරිතරම් සෞඛ්‍යමය ප්‍රතිලාභ රුසක් අත්කර දෙනවා. මේවා තුළ අඩංගු මැග්නීසියම් සහ සල්ෆේට් අයන සම තුළින් පහසුවෙන් ශරීරගත වෙලා ඉක්මනින් කටයුතු කරනවා. ශරීරගත වේදනා කැක්කුම්, ඉදිමුම්, වගේම වණ ලප කැළැල් සුව කරන්නට එප්සම්වලට හැකියි. හන්දි වේදනා සුවකරනවා වගේම දියවැඩියාව අධිරැධිර පීඩනය වගේ රෝගාබාධත් අවම කරන්නට එයට හැකියි.
ශරීරය විවේකී බවට පත්කර මානසික පීඩනය ආතතිය වළක්වා විවේකය ලබා දෙන්නත් මේ විශ්වකර්ම ලුණුවලට බලය තිබෙනවා. ශරීරයේ අන්තර්ගත එන්සයිම 325ක ක්‍රියාකාරීත්වය ඉහළ නංවන්නටත් එයට හැකියි. සල්ෆේට් මගින් පෝෂ්‍ය ද්‍රව්‍ය උරා ගැනීම ඉහළ දමන අතර ශරීරය තුළ ඇති විස ඉවත් කිරීමද සිදුකරයි. මි‍ග්‍රේන් වැනි හිසරද සුවකිරීමටද මේ අපූරැ ලවණයට හැකියාවක් තිබේ.
එප්සම් නාන බාල්දිය
එප්සම් ලුණු එක්කරන ලද මඳ උණුසුම් වතුර සහිත නාන බාල්දියක බැස සිටීමෙන් ශරීරගත සියලු වේදනා කැක්කුම් දුරැ කරගත හැකි අතර මානසික ආතතිය අවපීඩනය වැනි තත්ත්වයන්ද මගහැරී යයි. ශරීරයේ රැධිර ධාවනය නිසි මට්ටමට ගෙන අවුත් හෝර්මෝන ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට ගෙන එමින් නව ජීවයකින් යුතුව වැඩකටයුතුවල යෙදීමට අවස්ථාව සැලසේ.
උණු ජලයේ දියකළ එප්සම්වලට කළ හැකි දේ
• ශරීරය විවේකී බවට පත් කරයි.
• හන්දිපත්, මාංශ පේශි වේදනා සමනය කරයි.
• කෙණ්ඩා පෙරුළීම ඇතුළු මස්පිඬු පෙරුළීම් නවතා දමයි.
• රැධිර නාලගත ඉදිමුම් වළකා ඒවායේ ඇදෙන සුළු බව රැකදී හොඳ රුධිර සැපැයුමක් ඇති කරයි.
• මැග්නීසියම් හා සල්ෆේට් මගින් ඉන්සියුලින් නිපදවීම සහ භාවිතයට ගැනීමේ හැකියාව වර්ධනය කරයි. එමගින් දියවැඩියාව සමනය කරයි.
• සිරුරේ ඉදිමුම් තැලුම්, වණ දද සුව කරයි. සිරැරේ ඇණුනු කටු ඉවත් කිරීම පහසු කරයි. මියගිය සෛල ඉවත්කර තරැණ පෙනුමක් ලබාදෙයි.
• පාදවල හටගන්නා කැක්කුම් වේදනා සමනය කරන්නට දිව ඔසුවකි.
• ලප කැළැල් නැති සඳවන් මුහුණක් ලබාදෙන හොඳ පිරිසුදු කාරකයකි.
• මුහුණ පමණක් නොවේ ගෙදර දොර භාජන, ටයිල් ආදියද හොඳින් පිරිසුදු කරදෙයි.
• ගෙවත්තේ වගාවන්ට සරුසාර පොහොරක් ලෙසත් වැදගත්ය.
• නිය ආශ්‍රිතව ඇතිවන දිලීර ආසාදන වළක්වයි.
♦ සුගත්

උපුටා ගැනීම -  http://www.deshaya.lk
විස්කම් සුව ගෙනෙන “එප්සම්” බාල්දිය! විස්කම් සුව ගෙනෙන “එප්සම්” බාල්දිය! Reviewed by CHAA MEDIA on June 05, 2020 Rating: 5
ads 728x90 B
Powered by Blogger.