Seo Services

කකුල් කෙඩෙත්තුවට මුල්වෙන PVD

 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif
දෙපාවලට අධික විඩාවක් දැනීම සහ වේදනාවක් නිතරම ඇතිකරන එපාම කරපු කකුල් කෙඩෙත්තුවට හේතුව හඳුන්වන්නේ පර්යන්ත රුධිර වාහිනී රෝගය (Peripheral vacular disease )– PVD හැටියටයි. මෙය සිරුරේ පර්ය්‍යන්තව ඇති රුධිර වාහිනීවල ඇතිවන රෝගී තත්ත්වයකි. මෙහිදී මොළය සහ හෘදය වස්තුවේ හැර අනිකුත් බාහිරයට ලේ සපයන රැධිර වාහිනී සංකෝචනය වීම හෝ සිහින් වී රුධිර සංසරණය අඩපණ වේ. මෙම රෝග තත්ත්වය ශිරා හා ධමනි යන රුධිර වාහිනී දෙවර්ගයටම බලපායි. මෙහි ප්‍රධානතම රෝග ලක්ෂණය වනුයේ දෙපාවලට අධික විඩාවක් දැනීම සහ වේදනාවක් නිතරම දැනීමයි. විශේෂයෙන් ඇවිදීමත් සමඟ වේදනාව වැඩිවන අතර නැවතී විවේක ගන්නා විට එම වේදනාව පහව යයි.
රෝග ලක්ෂණ:
පාද ඉක්මනින් වෙහෙසට පත්වීම සහ ඇවිදීමත් සමඟ පාදවල හටගන්නා අධික වේදනාව, විවේක ගැනීමත් සමග මෙය සමනය වේ. දෙපා හිරිවැටීම සහ දුර්වල බවක් දැනීම. කකුලේ රෝම වර්ධනය අඩාල වීම හෝ රෝම හැලී යාම. කකුලේ යට කොටසේ අනෙක් පාදය හා සසඳන විට සීතල ගතියක් දැනීම. කකුලේ යටි පතුලේ දිගුකාලීන සුව නොවන තුවාල ඇති වීම. පාදවල හමේ දිලිසෙන ස්වභාවයක් ඇතිවීම. නියපොතු වර්ධනය වන වේගය අඩු වීම.
රෝගය ඇති වීමට අවදානම් ලෙස බලපාන සාධක:
දුම්පානය, තරබාරු බව, අධි රුධිර පීඩනය, දියවැඩියාව, වයස අවුරුදු 50ට වඩා වැඩි වීම, හෘද රෝග, ආඝාතය හෝ PVD රෝගය සඳහා පවුල් ඉතිහාසයක් පැවතීම.
රෝගය  නිසා ඇති වන සංකූලතා:
පාදවල සුවනොවන තුවාල ඇතිවීම. පාදවල පටක මියගොස්, පාද කපා ඉවත් කිරීමට සිදුවීම.
පුරුෂ ලිංගය ප්‍රාණවත් නොවීම.
දෙපා වේදනාව නිසා ඇවිදීමට අපහසු වීම.
දෙපාවල ඇතිවන ආසාදන රුධිරයට එක් වී සෙප්ටිසීමියා තත්වයට පත්විය හැක. මෙය දැඩි ජීවිත අවදානමක් සහිත තත්ත්වයකි.
රෝගය විනිශ්චය:
රෝගය විනිශ්චය සඳහා රෝග ඉතිහාසය පරීක්ෂා කොට වෛද්‍යවරයා සායනිකව පරීක්ෂාවක් සිදු කරයි. අනතුරුව රෝගය තහවුරු කිරීම සඳහා විවිධ පරීක්ෂණ සිදුකරයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6JkEbJW68zVyuYMabwaByQMJ0jmQLJfH4lqvq4f0FhXDBbh0qIGc2zJ9NhqGcXHN-C_Y3Hy3yB34UAMYuQcOP3b6z2fSelazDL9YrdsecmMKEN7gi45PPfMvLDzeU7oETcWG4SebzT8E/s1600/pvd2.jpg
මෙම රෝගයට ඇති ප්‍රතිකාර:
මෙහිදී ඖෂධීය ප්‍රතිකාර මෙන්ම ජීවන රටාවේ ඇතිකරගත යුතු වෙනස්කම්ද ඉතා වැදගත්වේ. ජීවන රටාවේ ඇතිකර ගත යුතු වෙනස්කම්, දුම්පානයෙන් වැළකීම. දියවැඩියාව සහ අධිරැධිර පීඩනය පාලනය කිරීම. වෛද්‍ය උපදෙස් අනුව ක්‍රමාණුකූලව ව්‍යායාම කිරීම. මේදය බහුල ආහාරවලින් වැළකීම.
ඖෂධීය ප්‍රතිකාර:
රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුකරන ඖෂධ, රැධිරයේ රැධිර පට්ටිකා කැටිගැසීම අඩු කරන ඖෂධ, රුධිර පීඩනය පාලනය සඳහා ඖෂධ.
සැත්කම්:
ඉහත ඖෂධීය ප්‍රතිකාර මගින් ප්‍රතිකාර කළද රෝගය උත්සන්න තත්ත්වයට පත් වූ විට රැධිර වාහිනීවල සිදුකරන ඇතැම් සැත්කම් මගින් ප්‍රතිකාර සිදු කරයි. උදා- රුධිර වාහිනී වල බයිපාස් සැත්කම්

- WebMD

උපුටා ගැනීම -  http://www.deshaya.lk
කකුල් කෙඩෙත්තුවට මුල්වෙන PVD කකුල් කෙඩෙත්තුවට මුල්වෙන PVD Reviewed by CHAA MEDIA on June 05, 2020 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.