Seo Services

මලක් වෙලා පිපෙන්න - PRIYAN PATHIRANA & INDIRA KARIYAWASAM

 

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 

පි - මලක් වෙලා පිපෙන්න එපා පරව යන නිසා
    සඳක් වෙලා බිඳෙන්න එපා සැඟව යන නිසා

ගැ - දොළක් වෙලා ගලන්න එපා සිඳී යන නිසා
     ඉරක් වෙලා නැගෙන්න එපා වැසී යන නිසා

පි/ගැ - අපි කවක් වෙලා හිඳිමු හදේ සඳා විය ගයා...

ගැ - සිහින මවන කුමාරියන් මුකුළු කරයිදෝ
    සෙනෙහෙවන්ත සිත ඈතට රැගෙන යාවීදෝ

පි - පාට පාට දේදුන්නක ඔබේ රුව මැවිලා
    ඈත රෑට අහස් ගැබේ ඒවී පායලා

මලක් වෙලා පිපෙන්න....

පි - අහස පුරා පායන තරු දේ කොතරම්ද
    ඊට වඩා ආදරේ බව ඔබට දැනීද

ගැ - තනිකම දුර ඈත යාවී ඔබ ළඟ ඉන්න
    මියෙනතුරා මියුරු සෙනෙහේ කවිය ගයන්න


මලක් වෙලා පිපෙන්න.... 

 

ගායනය - ප්‍රියාන් පතිරණ
යුග ගායනය - ඉන්දීරා කරියවසම්
පද රචනය - ලලිත් වසන්ත
සංගීතය - ජෝර්ජ් සේනානායක 

 https://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png 

DOWNLOAD SONG

මලක් වෙලා පිපෙන්න - PRIYAN PATHIRANA & INDIRA KARIYAWASAM මලක් වෙලා පිපෙන්න - PRIYAN PATHIRANA & INDIRA KARIYAWASAM Reviewed by CHAA MEDIA on August 08, 2021 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.