Seo Services

ප්‍රතිශක්‌තිකරණය අවුල් වුණොත්?

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය අප විසින් ඉතා සුරක්‌ෂිත ලෙස පවත්වාගෙන යායුතුය. මේ සඳහා සාධක කිහිපයක්‌ උදව් වෙයි. එලෙස ප්‍රතිශක්‌තිකරණ යාන්ත්‍රණය නිසි පරිදි පවත්වාගෙන යෑමට ඉවහල් වන කරුණු කිහිපයකි.
(1) ගුණාත්මකභාවයෙන් ඉහළ ආහාර ලබා ගැනීම. (food). (2) හිතකර බැක්‌ටීරියාවන් වර්ධනයට ඉඩ සැළසීම. (bacteria). (3) පිරිසිදු වාතාශ්‍රය ලබා ගැනීම. (air). (4) ප්‍රමාණවත් කාලයක්‌ නින්ද ලබා ගැනීම. (sleep). (5) හොඳින් ඉර එළියට නිරාවරණය (sunshine). (6) ශාරීරික යෝග්‍යතාව (fit). (7) මවුකිරිවල ජීව ගුණය (bereft milk). (8) වයස (age)
ආහාර:
අප ගන්නා ආහාර ද්‍රව්‍ය රෝග ආසාදනවලට එරෙහිව සටන් කිරීමට අපට ප්‍රධාන ශක්‌තියක්‌ වෙයි. ආහාරවල පවතින මූලද්‍රව්‍ය අතර ඉතා ප්‍රබල කාර්යයක්‌ ඉටු කරන්නේ සින්ක්‌ මූලද්‍රව්‍යයි. (Zn) විශේෂයෙන්ම ජෛව වෛරස්‌ වර්ග ශරීරය තුළ ජනනය වීම වළක්‌වාලීමට සින්ක්‌වලට සුවිශේෂී හැකියාවක්‌ පවතියි. මීට පෙර සිතා සිටියේ විටමින් C එම කාර්යය ඉටුකරන බවයි.මේ නිසා විටමින් C පෙති බහුල ලෙස ලබා නොගත යුතු බව දැන් විද්‍යාඥ මතයයි. මේ වෙනුවට ගුණාත්මකභාවයෙන් ඉහළ එළවළු සහ පළතුරු අනුභවය මේ රෝග රුසක්‌ මගහරවා ගැනීමට හේතුවෙයි.
තරබාරුව:
අධික තරබාරුව ප්‍රතිශක්‌තිකරණ යාන්ත්‍රණ අඩාල කරයි. එහෙත් විටින් විට බර අඩු කර ගැනීම සහ බර වැඩි වීම හිතුවක්‌කාර ලෙස සහ පාලනයක්‌ නොමැතිව සිදුවීම ප්‍රතිශක්‌තිකරණ යාන්ත්‍රණ අඩාල කරන අතර පිළිකා රෝගවලට අත වනයි.
අන්ත්‍ර බැක්‌ටීරියා:
මිනිසාගේ ආහාර මාර්ග පද්ධතිය විවිධාකාර බැක්‌ටීරියාවන්ගෙන් පිරී පවතියි. අප ගන්නා ආහාර පහසුවෙන් අවශෝෂණය සිදුවන්නේ මේ නිසාය. මේ නිසා ප්‍රතිශක්‌තිකරණ පද්ධතියේ සාර්ථකත්වයට මේ ක්‍රියාවන් උපකාරී වෙයි.
ආහාර මාර්ග පද්ධතියේ ජීවත්වන බැක්‌ටීරියා ජනාවාස (gut flora) අපගේ ශරීරයට අහිතකර ක්‌ෂුද්‍රජීවීන් සමග ගැටී එම විෂබීජ විනාශ කිරීමට ක්‍රියා කරයි. මෙයට අමතරව මෙම බැක්‌ටීරියාවන් ප්‍රතිදේහ ජනක ද්‍රව්‍යය ද ස්‍රාවය කරයි. මේ නිසා ආහාර මාර්ග පද්ධතියේ මෙම බැක්‌ටීරියාවන් විනාශ වීම විවිධ රෝග ආසාදනවලට මග පාදයි.
මේ නිසා අප දිර්ඝ ලෙසත් ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන විට මෙම හිතකර ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත බැක්‌ටීරියාවන්ට ද විනාශ වී යැම බරපතල ප්‍රශ්නයකි. ආහාර මාර්ගයේ වන බැක්‌ටීරියාවන් වර්ග සංඛ්‍යාව වැඩිකරන විශේෂ ආහාර වර්ග (Probiotic) ලබාදීම වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් වන්නේ මේ නිසාය. යෝගට්‌ වැනි ආහාර ලබාගැනීම ගැන අවධානය යොමු කරන්නේ මේ තත්ත්වය යටතේදීය.
ප්‍රතිශක්‌තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි වර්ධනය සඳහා නින්ද ද ඉතා වැදගත් හේතු සාධකය වෙයි. අඩුවෙන් නින්ද ලබාගන්නා පුද්ගලයා වහ වහා රෝග විෂබීජවලට ගොදුරු වෙති. විශේෂයෙන් දිනකට පැය 07 කට වඩා අඩු ප්‍රමාණයක්‌ නිදාගන්නා පුද්ගලයන් අනෙක්‌ පුද්ගලයන්ට වඩා විෂබීජවලට ගොදුරු වන බව විද්‍යාඥ මතයයි. මෙම නින්ද නිදහසේ විවේකීව ගත කළ යුතුය.
ආතතිය:
පුද්ගලයකු දිගින් දිගටම දැඩි මානසික ආතතියකින් පෙළීම ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය අඩාල කිරීමට හේතුවෙති. මානසික ආතතියෙන් පෙළෙන විට පුද්ගලයන්ගේ තුවාල සුවවීමට ගතවන කාලය ද වැඩි වී යයි.
මානසික ආතතියෙන් පෙළෙන විට කෝටිසෝල්, නොඇඩ්‍රිනලින් වැනි හෝමෝන ස්‍රාවය වෙයි. මෙම හෝමෝන වර්ග ප්‍රතිශක්‌තිකරණයට අදාළ සෛල වර්ගවල ප්‍රතිග්‍රාහක සමඟ බැඳීම නිසා ඒවාට නියමිත පරිදි ක්‍රියාත්මක වීමට නොහැකි වෙයි. තනිකම පාළුව ප්‍රතිශක්‌තීකරණ යාන්ත්‍රණය බිඳ දමයි. බොහෝ විට කාන්තාවනට තම ගැටලු සාකච්ඡා කර ගැනීමට යෙහෙළියන් අධිකව සිටින නිසා පුරැෂ අයට වඩා ඔවුන් ප්‍රතිශක්‌තියක්‌ දරති.
සූර්යාලෝකය:
ප්‍රතිශක්‌තිකරණ පද්ධතියේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය අනෙක්‌ සාධකය නම් හිරු එළියයි. විටමින් D ඌණතාවය මේ අන්දමට ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝග රැසකට අතවනයි. විටමින් D හෝමෝනය හිරු එළිය හමුවේ ක්‍රියාත්මක වන සහ නිපදවන හෝමෝනයකි.
ලොව පුරා හිරු එළියට නිරාවරණය නොවන රටවල ජනතාව වැඩිවශයෙන් ප්‍රතිශක්‌ති ගැටලුවලට මුහුණ දෙන්නේ මේ නිසාය. සමේ වර්ණක කෙරෙහි බලපාන මෙලටොනීන් හෝමෝනය නිපදවන්නේ ද සූර්යාලෝකයේ බලපෑම හමුවෙයි. මෙම හෝමෝනය ද සමේ ප්‍රතිශක්‌ති සෛල උත්තේජනයට ක්‍රියාකරයි.
සූර්යාලෝකයට නිරාවරණය වීමත් සමඟ පිළිකාවලට ගොදුරු වීම ඉහළ යැම නිසා බොහෝ දෙනෙකු සූර්යාලෝකයෙන් ඉවත්වීම නිසා රිකට්‌සියාවට ගොදුරු වීම ඉහළ ගොස්‌ ඇත. සූර්යාලෝකයට නිරාවරණය වීම නිසා සමේ පිළිකාවලට ගොදුරැව මියයන සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක්‌, සූර්යාලෝකයට නිරාවරණය නොවීම නිසා පියයුරැ, පුරස්‌ථි ග්‍රන්ථි සහ ආහාර මාර්ගය ආශ්‍රිත රෝගවලින් මියයන බව විද්‍යාඥ මතයයි. මෙම අගය සමේ පිළිකාවලට ගොදුරු වන ප්‍රමාණය මෙන් හතර ගුණයක අගයකි. සම සතියකට දින දෙකක තුනක ප්‍රමාණයක්‌, ඔබගේ දෑස්‌, ඇඟිලි සහ මුහුණ සූර්යාලෝකයට නිරාවරණය වැදගත්ය.
ව්‍යායාම:
අප දිනපතා සිදුකරන ව්‍යායාම ද අපගේ ප්‍රතිශක්‌තිකරණ යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමට ඉවහල් වෙයි. විශේෂයෙන්ම වඩාත් ක්‍රියාශීලී පිරිමින් බොහෝ වෛරස්‌වලට එරෙහිව සාර්ථකව ක්‍රියාකරන බව සනාථ වී ඇත. මෙහිදී සිදුවන්නේ අපගේ හෘදය වඩාත් හොඳින් ක්‍රියාත්මක වන විට රුධිර නාළවල හිරවී පවතින ප්‍රතිශක්‌ති සෛල ශරීරය පුරා විසිරී යයි. කෙසේ වුවත් අධික ලෙස ව්‍යායාම්වල නිරත වීම ද සුදුසු නැත.
මවුකිරි:
ප්‍රතිශක්‌තිකරණ යාන්ත්‍රණ වඩාත් සාර්ථක ලෙස ක්‍රියාත්මක කරවන උපායක්‌ වන්නේ මවගෙන් දරුවනට සම්ප්‍රේෂණය වන ප්‍රතිදේහයි. මවගේ වැදෑමහ හරහා ගමන් ගන්නා ප්‍රතිදේහ දරුවාට උරුම වන්නේ කළල අවධියේදීමය. මේ තත්ත්වයට දරු උපතින් පසුව මවගේ මවුකිරි හරහා දරුවාට ලබාගත හැකිය.
වයස : 
අප වයස්‌ගතවීම සමග ප්‍රතිශක්‌තිකරණ යාන්ත්‍රණ අඩාලවී යයි. වැඩිහිටි පුද්ගලයන් පිළිකා හා වෙනත් රෝගවලට පහසුවෙන් ඉලක්‌ක වෙති. ප්‍රතිශක්‌තිකරණ පද්ධති සෛල වයස්‌ගත වීම ද මෙයට හේතු වෙයි.
- Immuneforum

ප්‍රතිශක්‌තිකරණය අවුල් වුණොත්? ප්‍රතිශක්‌තිකරණය අවුල් වුණොත්? Reviewed by CHAA MEDIA on November 16, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.