Seo Services

දරුවාට මව්කිරි ලබාදීම තුළින් මවකට අත්වන වාසි රැසක්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
මව්කිරි දරුවාගේ පරිසමාප්ත ‍පෝෂණය බවට පත් වෙලා තිබෙන්නේ මානව පරිණාමයත් සමගයි. මෙතරම් කාලයක් තිස්සේ විශ්වාසවන්ත ලෙස ලෝකයට බිහිවූ තවත් කිසිම මානව ආහාරයක් ලොව කිසිම කෙනකු නිපදවා නෑ. ඉදිරියේදී නිපදවයි කියලා හිතන්නත් බැහැ.

රන්කිරි හෙවත් කොලස්ට්‍රම්

දරුවා ලැබි සුළු මොහොතකින් මවගේ තනපුටුවලින් වෑස්සෙන “රන්කිරි” ගැන ඔබ බොහෝ විට දැනුවත් වී ඇති. එය හඳුන්වන්නේ  කොලස්ට්‍රම්” ලෙසයි. මේ කොලොස්රෝම් වල මේදය අඩුයි. ‍ප්‍රෝටීන හා කාබෝහයිඩ්රේට් වැඩියි. මේද අඩු නිසා දරුවාගේ සිරුරට ඇතුළු වන මේ රන්කිරි ඉක්මනින් සිරුරට උරා ගන්නවා.
ඒ වගේම තමයි කොලස්ට්‍රම්වල තිබෙන මහඟු විරේචන ගුණය. මේ නිසාම දරුවාට කිසිම අපහසුතාවයකින් තොරව මලපහ කිරීමේ පහසුවත් ඇති වෙනවා. සමහර මව්වරු මේ රන්කිරි මදක් දියාරු නිසා දරුවන්ට ‍පොවන්න අකමැතියි. ඒත් මතක තබා ගන්න, මේ රන්කිරි බිඳු ඔබ අනිවාර්යයෙන් දරුවාට පෙවිය යුතුමයි.
ඒ තමයි දරුවා තම ජීවිතයේ ලබන වටිනාම “රන්දිය දහර” කොලො-ස්ටරෝම්වලින් පස්සේ අම්මාගේ තනපුටු වලින් නිකුත් වන්නේ තරමක් ඝන ස්වරූපයකට පත්වූ මව්කිරියි. ‍ප්‍රෝටීන, කාබෝහයිට්ඩේ්‍රට්, මේදය, සෝඩියම්, ‍පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, ‍පොස්පරස්, විටමින් ඒ, ඛි, ජ් ඔමේගා - 3 (මේද අම්ල) ඔමේගා 6 නොහොත් මොළයේ වර්ධනයට අවශ්‍ය කරන සෑම ‍පෝෂකයක්ම මව්කිරිවල අඩංගුයි.

මව්කිරිවල බැක්ටීරියා හා ක්ෂුද්‍ර ජෛව කොටස් බහුලයි

 මව්කිරි කියන්නේ ජීව ආකාරයක්. ජීවාණුහරිත භාවය මව්කිරිවල නෑ. ලක්ෂ සංඛ්‍යාත වශයෙන් බැක්ටීරියාවන් හා අනෙකුත් ක්ෂුද්‍ර‍ ජෛව කොටස් මව්කිරිවල වාසය කරනවා.
මේ සියල්ල දරුවාගේ ශරීරයට ඉතාම හිතකර ජීව කොටස්, මව්කිරිවල වෙසෙන මේ ජීව ක්‍රියාකාරීන් විවිධ ෙජෙව ක්‍රියාවලි සඳහාත්, ආහාරවල පරිවෘත්තීය ක්‍රියාවලිය සඳහාත් දරුවාට ශ්වසන රෝග, කනේ ආසාදන, බැක්ටීරියා මේනින්ජියිටිස්, නිව්මෝනියාව, මුත්‍රා මාර්ග ආසාදන, උණ, පාචනය, සෙම්ප්‍රතිශ්‍යාව ආදි රෝගවලින් මිදීමටත් නිසැක ආරක්ෂාවක් ලබා දෙනවා.
මව්කිරිවල අඩංගු මේ ජීව පදාර්ථ දරුවාට අනාගතයේ ඇතිවිය හැකි දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, අධික ස්ථුලතාවය, ශ්වසන රෝග, ලියුකේමියාව ආදී රෝග රාශියකින් මිදීමට රැකවරණය සලසන බව ඔබ දන්නවාද? ඒ වගේම තමයි මව්කිරි නොපමාව නිර්ලෝභීව දරුවාට ලබා දීමෙන් මවටත් විශාල වාසි කීපයක්ම ලැබෙනවා.
පියයුරු පිළිකා, ඩිම්බකෝෂ පිළිකා, හෘද රෝග, ඔස්ටියෝ‍පොරෝසිස් වැනි රෝග වලින් ආරක්ෂා වෙන්න නම් හැම අම්ම කෙනෙක්ම මව්කිරි නිසි පරිදි දරුවාට ලබාදිය යුතුයි. එමෙන්ම ඔබගේ ශරීරය අනවශ්‍ය ලෙස ස්ථූලතාවයට පත්වීම වළක්වනන් නම් මව්කිරි දරුවාට නිර්ලෝභීව ලබාදිය යුතු බව මතක තබා ගන්න.

මව්කිරි වෙනුවට පිටි කිරි පෙවීමේ අහිතකර ප්‍රතිඵල

මව්කිරිවල ගුණාත්මක බව පිළිබඳ ලොක්යට පහදා දෙන්නට නිරන්තර උත්සහයක යෙදුණු ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය ෆෑන්ක් ඒ. ඔස්කි විසින් ලියන ලද Don’t drink your milk නම් කෘතියේ ළදරුවන්ට කිරිපිටි දීමේ වරද පිළිබඳ බොහෝ වැදගත් කරුණු රාශියක්ම දක්වා ඇත.
මේ මහාචාර්ය වෛද්‍යවරයා වසර ගණනාවක් තුළ සිදු කරන  පර්යේෂණවලින් හෙළි වී ඇති තොරතුරුවලට අනුව මුල් මාස 09 තුළ පිටිකිරිවලින් යැපුණු දරුවන් දහසකින් 84.7ක් පමණ මියගොස් තිබෙනවා. එසේ මිය යාමට හේතු ලෙස ඔහු සඳහන් කරන්නේ යකඩ ඌනතාවය නිසා රතු රුධිරාණු ෙසෙල අඩුවීම හා මස් පිඬු ආශ්‍රිත හා පාචනයද නොයෙක් මාදිලියේ ආසාත්මිකතා ද මේ ළදරු මරණ වලට හේතු වන බවයි.
ළදරුවන්ට පිටිකිරි ලබාදීමෙන් ධමනි ඇතුළත මේ තැන්පත් වී ඝනවීම නිසා ඇති වන හෘදයේ ආබාධ මෙන්ම ආමාශය ආශ්‍රිතවද ඇති වන කෘමි කතා පිළිබඳවද මහාචාර්ය ෆෑන්ක් තම කෘතිය තුළින් විස්තර කොට තිබෙනවා.
(මෙම වෛද්‍යවරයා විසින් සිදුකරන ලද දිගුකාලීන පර්යේෂණ මගින් මව්කිරි හා පිටිකිරි පිළිබඳ සොයාගත් තොරතුරු වෛද්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අත් පිටත් 290කින්ද ග්‍රන්ථ 19 කින්ද තොරතුරු දක්වා තිබෙනවා.) ළදරු අවධියේ සිටම කිරිපිටි පරිභෝජනයට හුරු වීමෙන් පියයුරු පිළිකා, පුරස්ථි පිළිකා, අග්නාශයේ සිට ගුද මාර්ගය දක්වා වන මහා අන්ත්‍රයේ ප්‍රධාන කොටසේ ඇතිවන පිළිකාවලට අමතරව ලියුකේමියාව, හන්දිපත් රුදාව, අස්ථි පිළිබඳ ගැටලු ආදී නොයෙකුත් රෝග කිරිපිටි පරිභෝජනය නිසා මනාව ශරීරවලට වැලඳෙන බවද කිරිපිටි ගැටලු ආදි නොයෙකුත් රෝග කිරිපිටි නිෂ්පාදනයේදී මෙන්ම චීස් නිෂ්පාදනයේදී ද ග්ලු හා තීන්ත, ප්ලාස්ටික්, ෆයිබර් නිෂ්පාදනයේදී භාවිත කරන රසායනික වර්ග ශරීරගත වූ විට ආසාත්මිකතා ඇති කරවන කේසීන් තත්ත්වයන්ද ඉහත රෝගවලට මුල්වන බවත් විස්තරාත්මකව දක්වා තිබෙනවා.

කිරිපිටි නිෂ්පාදනයේදී දියර කිරි රත් කිරීම ජීවානුහරණය නිසාද එළකිරිවල ස්වාභාවික ආරක්ෂාව ඉවත්වීම සිදු වන බවත් මෙම මහාචාර්ය වෛද්‍යවරයාගේ පර්යේෂණ ග්‍රන්ථවල පැහැදිලිවම දක්වා තිබෙනවා.

(Health Visiter  ඇසුරින්)

රඹුක්කන කීර්ති එස්. කුමාර
දරුවාට මව්කිරි ලබාදීම තුළින් මවකට අත්වන වාසි රැසක් දරුවාට මව්කිරි ලබාදීම තුළින් මවකට අත්වන වාසි රැසක් Reviewed by CHAA MEDIA on May 23, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.