අප වායු ගෙඩියක් හඳුනා ගන්නා මූලිකම ලක්ෂණය බෙල්ල ඉදිරියට නෙරා ඒමයි.
මෙලෙස බෙල්ල නෙරා එන්නේ තයිරොයිඞ් ග‍්‍රන්ථිය විශාල වීම නිසාය. තයිරොයිඞ්
ග‍්‍රන්ථිය පිහිටා තිබෙන්නේ බෙල්ල ඉදිරිපසය.
මෙලෙස තයිරොයිඞ් ග‍්‍රන්ථිය විශාලවීමට බලපාන හේතු රාශියකි. ඒ හේතු කොටස් 4කට බෙදා දැක්විය හැකිය.
1. සාමාන්‍ය ලෙස විශාල වීම
මෙහි ස්වභාවය නම් මුළු තයිරොයිඞ් ග‍්‍රන්ථියම එක සමාන ලෙසම විශාල වීමය. ගැබිනි මව්වරුන් තුළ සහ නව යොවුන් වියට පත් වූ දැරියන් තුළ මේ තත්ත්වය සුලබව දැකිය හැකි අතර එය ඒ සමයේදී තයිරොයිඞ්
හෝමෝන වැඩියෙන් නිපදවීම නිසා සිදුවේ. මෙය බිය විය යුතු තත්ත්වයක් නොවේ.
එසේම දැන් මේ තත්ත්වය අඩුවී තිබේ. ලූණු වලට දැන් අයඩින් එකතු කරනිෂ්පාදනය කරන බැවින් අපේ ශරීරයට අයඩින් ප‍්‍රමාණවත් පරිදි ලැබීම මෙයට හේතුවකි. සාමාන්‍ය ලෙස විශාල වීමේ තවත් එක් ප‍්‍රභේදයක් වන්නේ ගැටිති ආකාරයෙන් විශාල වීමය.
2. තයිරොයිඞ් වැඩියෙන් නිපදවීම නිසා ඇති වන ගලගණ්ඩය
මෙම තත්ත්වයේදී තනි ගැටිත්තක් ලෙස, ගැටිති රාශියක් ලෙස හෝ මුළු ග‍්‍රන්ථියම විශාල වීමක් ලෙස යන මෙම වර්ග තුනෙන් එකක් හට ගත හැකිය.
3. Neoplastic නමින් හඳුන්වන තත්ත්වය
මෙය පිළිකා සහ පිළිකා නොවන වශයෙන් වර්ග 2කි.
4. Imflamatory
තයිරොයිඞ් ග‍්‍රන්ථියේ තයිරොයිඞ් හෝමෝනය අඩුවීම, වැඩිවීම මෙන්ම සාමාන්‍ය තත්ත්වයෙන් පවතින විටකදී වුවද වායු ගෙඩි හට ගත හැකිය.
තයිරොයිඞ් හෝමෝනය වැඩිවීම Hyperthyroidism වේ.
තයිරොයිඞ් හෝමෝනය අඩුවීම Hypothyroidism ය.
තයිරොයිඞ් හෝමෝනය සාමාන්‍ය තත්ත්වයේ පැවතීම Euthyroidism නම් වේ.
මේ අවස්ථා තුනේදීම වායු ගෙඩි හට ගැනීමට හැකියාව ඇත.
අපේ සිරුරේ ගෙඩියක් හට ගත් විට අපි එය පිළිකාවක්යැයි බියට පත් වෙමු.
වායු ගෙඩියක් පිළිකාවක් වන්නට සේම නොවන්නටද පුළුවන.
වායු ගෙඩියක් පිළිකාවක් වීමේ ලක්ෂණ
1. ගෙඩියේ වර්ධනය වේගවත් වීම (මෙහිදී ගෙඩිය වසර ගණනක් තිස්සේ වුවද කුඩාවට තිබී එකවරම වර්ධනය වේගවත් වේ)
2. වායු ගෙඩියක් ඇතිවිට කටහෙඬ් වෙනස්වීමක් ඇතිවීම (සාමාන්‍ය වායු ගෙඩියකදී එසේ වන්නේ නැත)
3. වායු ගෙඩියක් සමග කුද්දැටි ඇතිවීම.
4. එකවරම ගෙඩියේ කැක්කුමක් ඇතිවීම.
5. ගිලීමේදී සහ හුස්ම ගැනීමේදී අපහසුතා ඇතිවීම.
මෙවැනි හේතුන් මත ඔබට සාමාන්‍ය වායු ගෙඩියක් තිබුණත් ඔබ එය වෛද්‍යවරයකුට
පෙන්විය යුතුය. එවිට එම වායු ගෙඩිය පිළිකාවක්ද නැද්ද, ඊට ප‍්‍රතිකාර කළ
යුතුද, සැත්කමක් කළ යුතුද, ප‍්‍රතිකාරයක් අවශ්‍ය නොවන එකක්ද යන්න
වෛද්‍යවරයාට නිගමනය කළ හැකිවේ.
සමහර වායු ගෙඩිවලට ප‍්‍රතිකාර අවශ්‍ය නැත. තවත් ඒවාට ඖෂධ ප‍්‍රතිකාර පමණක් සෑහේ. තවත් වායු ගෙඩි සැත්කමකින් ඉවත් කළ යුතුවේ. ඒ අතර සමහර වායු ගෙඩි පිළිකා විය හැකිය. එවිට ඒවාට අදාල ප‍්‍රතිකාර ලබා දීම අත්‍යවශ්‍ය වනු ඇත.
වෛද්‍යවරයකු මෙවැනි ගෙඩියක් පරීක්ෂා කළ පසු මූලික වශයෙන් කරනු ලබන පරීක්ෂණ 3ක් තිබේ.
1. අල්ට‍්‍රා සවුන්ඞ් ස්කෑන් පරීක්ෂණය
2. තයිරොයිඞ් මට්ටම මැන බලන පරීක්ෂණය
3. කුඩා ඉඳිකටුවක් ආධාරයෙන් තයිරොයිඞ් ග‍්‍රන්ථියෙන් සෛල ස්වල්පයක් ගෙන කරනු ලබන FNAC පරීක්ෂණය
මෙම පරීක්ෂණවලින් පසුව තවදුරටත් පරීක්ෂණ අවශ්‍යද, නැතහොත් ප‍්‍රතිකාර කරා යාමට එම පරීක්ෂණ ප‍්‍රමාණවත්ද යන්න වෛද්‍යවරයා විසින් තීරණය කරනු ඇත.
අපේ සිරුරේ ගෙඩියක් හට ගත් විට අපි එය පිළිකාවක්යැයි බියට පත් වෙමු.
වායු ගෙඩියක් පිළිකාවක් වන්නට සේම නොවන්නටද පුළුවන.
මාතලේ දිස්ත‍්‍රික් රෝහලේ උගුර, කන, නාසය,හිස සහ ගෙල සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ.බී. කිරිදන
සැකසුම උත්පලා සුභාෂිනී ජයසේකර
මෙලෙස තයිරොයිඞ් ග‍්‍රන්ථිය විශාලවීමට බලපාන හේතු රාශියකි. ඒ හේතු කොටස් 4කට බෙදා දැක්විය හැකිය.
1. සාමාන්‍ය ලෙස විශාල වීම
මෙහි ස්වභාවය නම් මුළු තයිරොයිඞ් ග‍්‍රන්ථියම එක සමාන ලෙසම විශාල වීමය. ගැබිනි මව්වරුන් තුළ සහ නව යොවුන් වියට පත් වූ දැරියන් තුළ මේ තත්ත්වය සුලබව දැකිය හැකි අතර එය ඒ සමයේදී තයිරොයිඞ්
හෝමෝන වැඩියෙන් නිපදවීම නිසා සිදුවේ. මෙය බිය විය යුතු තත්ත්වයක් නොවේ.
එසේම දැන් මේ තත්ත්වය අඩුවී තිබේ. ලූණු වලට දැන් අයඩින් එකතු කරනිෂ්පාදනය කරන බැවින් අපේ ශරීරයට අයඩින් ප‍්‍රමාණවත් පරිදි ලැබීම මෙයට හේතුවකි. සාමාන්‍ය ලෙස විශාල වීමේ තවත් එක් ප‍්‍රභේදයක් වන්නේ ගැටිති ආකාරයෙන් විශාල වීමය.
2. තයිරොයිඞ් වැඩියෙන් නිපදවීම නිසා ඇති වන ගලගණ්ඩය
මෙම තත්ත්වයේදී තනි ගැටිත්තක් ලෙස, ගැටිති රාශියක් ලෙස හෝ මුළු ග‍්‍රන්ථියම විශාල වීමක් ලෙස යන මෙම වර්ග තුනෙන් එකක් හට ගත හැකිය.
3. Neoplastic නමින් හඳුන්වන තත්ත්වය
මෙය පිළිකා සහ පිළිකා නොවන වශයෙන් වර්ග 2කි.
4. Imflamatory
තයිරොයිඞ් හෝමෝනය වැඩිවීම Hyperthyroidism වේ.
තයිරොයිඞ් හෝමෝනය අඩුවීම Hypothyroidism ය.
තයිරොයිඞ් හෝමෝනය සාමාන්‍ය තත්ත්වයේ පැවතීම Euthyroidism නම් වේ.
මේ අවස්ථා තුනේදීම වායු ගෙඩි හට ගැනීමට හැකියාව ඇත.
අපේ සිරුරේ ගෙඩියක් හට ගත් විට අපි එය පිළිකාවක්යැයි බියට පත් වෙමු.
වායු ගෙඩියක් පිළිකාවක් වන්නට සේම නොවන්නටද පුළුවන.
වායු ගෙඩියක් පිළිකාවක් වීමේ ලක්ෂණ
1. ගෙඩියේ වර්ධනය වේගවත් වීම (මෙහිදී ගෙඩිය වසර ගණනක් තිස්සේ වුවද කුඩාවට තිබී එකවරම වර්ධනය වේගවත් වේ)
2. වායු ගෙඩියක් ඇතිවිට කටහෙඬ් වෙනස්වීමක් ඇතිවීම (සාමාන්‍ය වායු ගෙඩියකදී එසේ වන්නේ නැත)
3. වායු ගෙඩියක් සමග කුද්දැටි ඇතිවීම.
4. එකවරම ගෙඩියේ කැක්කුමක් ඇතිවීම.
5. ගිලීමේදී සහ හුස්ම ගැනීමේදී අපහසුතා ඇතිවීම.
සමහර වායු ගෙඩිවලට ප‍්‍රතිකාර අවශ්‍ය නැත. තවත් ඒවාට ඖෂධ ප‍්‍රතිකාර පමණක් සෑහේ. තවත් වායු ගෙඩි සැත්කමකින් ඉවත් කළ යුතුවේ. ඒ අතර සමහර වායු ගෙඩි පිළිකා විය හැකිය. එවිට ඒවාට අදාල ප‍්‍රතිකාර ලබා දීම අත්‍යවශ්‍ය වනු ඇත.
වෛද්‍යවරයකු මෙවැනි ගෙඩියක් පරීක්ෂා කළ පසු මූලික වශයෙන් කරනු ලබන පරීක්ෂණ 3ක් තිබේ.
1. අල්ට‍්‍රා සවුන්ඞ් ස්කෑන් පරීක්ෂණය
2. තයිරොයිඞ් මට්ටම මැන බලන පරීක්ෂණය
3. කුඩා ඉඳිකටුවක් ආධාරයෙන් තයිරොයිඞ් ග‍්‍රන්ථියෙන් සෛල ස්වල්පයක් ගෙන කරනු ලබන FNAC පරීක්ෂණය
මෙම පරීක්ෂණවලින් පසුව තවදුරටත් පරීක්ෂණ අවශ්‍යද, නැතහොත් ප‍්‍රතිකාර කරා යාමට එම පරීක්ෂණ ප‍්‍රමාණවත්ද යන්න වෛද්‍යවරයා විසින් තීරණය කරනු ඇත.
අපේ සිරුරේ ගෙඩියක් හට ගත් විට අපි එය පිළිකාවක්යැයි බියට පත් වෙමු.
වායු ගෙඩියක් පිළිකාවක් වන්නට සේම නොවන්නටද පුළුවන.
මාතලේ දිස්ත‍්‍රික් රෝහලේ උගුර, කන, නාසය,හිස සහ ගෙල සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ.බී. කිරිදන
සැකසුම උත්පලා සුභාෂිනී ජයසේකර
බෙල්ලේ වායු ගෙඩියක්ද?
Reviewed by CHAA MEDIA
on
May 23, 2019
Rating:
No comments: