Seo Services

පිරවූ පතෝල කරිය

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය -
පතෝල 500
අල ග්‍රෑම් 250
අමුමිරිස් කරල් 2ක්
ලොකුලූනු ග්‍රෑම් 100
මිරිස් කුඩු තේ හැඳි 1
රම්පේ කැබැල්ලක්
කරපිංචා කිනිත්තක්
උළුහාල් ඇට තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/2
කුරුඳු‍පොතු කැබැල්ලක්
තක්කාලි ගෙඩියක්
මිටිකිරි අඬු කෝප්ප 3
තෙල් මේස හැඳි 2
සුදුලූනු බික් 2ක්
පාන්පිටි ටිකක්
ලුණු රසට අනුව

සාදන ආකාරය
ළපටි පතෝල කරල් තෝරා ගන්න. පතෝල කරල සූරා අඟල් 2 පමණ කෑලි කපා ගන්න. දැන් එහි මැද අස්කර බට හැඩයේ කැබැලි පසෙකින් තබන්න. දැන් අල ටික තම්බා ගන්න. ‍පොඩිකරන්න. ලුනු, අමුමිරිස්, කරපිංචා සිහින්ව කපා ගන්න. දැන් තෙල් ටිකක් ළිප තබා මේ ලූනු, අමුමිරිස්, කරපිංචා දමා බැදෙන්නට හරින්න.
දැන් එයට ‍පොඩි කරගත් අල, ලූනු, ගම්මිරිස් දමා කලවම් කරගන්න. මේ මිශ්‍රණය පතෝල කැබැලි වලට පුරවා තද කරන්න. පාන් පිටි ටිකක් ඉස දෙපැත්ත හොඳින් තද කරගන්න. දැන් හට්ටියක් ගෙන එයට තෙල් ටිකක් දමා ළිප තබන්න. උළුහාල් රම්පේ දමන්න. සුදුලූනු දමන්න. පතෝල කැබැලි අඩුක් කරගන්න.
දැන් මිටිකිරි වලට ලුණු, මිරිස් කුඩු, කහ කුඩු කලවම් කර වත්කරන්න.
මදගින්දරේ තැම්බෙන්නට හරින්න. තැම්බිගෙන එන විට තක්කාලි ගෙඩිය කපා දමා හිදුවා ගන්න.
පිරවූ පතෝල කරිය පිරවූ පතෝල කරිය Reviewed by CHAA MEDIA on May 23, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.