Seo Services

එළවළු සමෝසා

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය -
අල ග්‍රෑම් 100, කැරට් ග්‍රැම් 100
කඩල ග්‍රෑම් 100, ග්‍රීන්පීස් ග්‍රෑම් 50
ලීක්ස් ග්‍රෑම් 100, ලොකු ලූනු ගෙඩියක්
සුදුලූනු බික් 2යි
කුරුඳු‍පොතු කැබැල්ලක්
ලුණු රසට අනුව, කහ ස්වල්පයක්
ගම්මිරිස් රසට අනුව
අමුමිරිස් කරල් 4-5ක්
සමෝසා පිටි මෝලිය අවශ්‍ය තරමට
බැද ගැනීමට තෙල්

සාදන ආකාරය
අල, කඩල, ග්‍රීන්පීස් වෙන වෙනම තම්බා ගන්න. අලවල ‍පොතු ඉවත් කර අතින් ‍පොඩි කරගන්න. කඩල යන්තමට ‍පොඩි කරන්න. දැන් ලීක්ස්, ලූනු, සුදුලූනු කුඩා කොටුවලට කපාගන්න. තෙල් ටිකක් ළිප තබා රත්වන විට කුරුඳු‍පොත්ත දමන්න. කපාගත් ලූනු, සුදුලූනු, ලීක්ස්, කැරට් දමන්න. දැන් අල, කඩල, ග්‍රීන්පීස් දමන්න. ලුණු, ගම්මිරිස්, කහ එකතු කරන්න. හොඳින් මිශ්‍ර කරමින් මදගින්දරේ මලවා ගන්න.
දැන් පිටි මෝලිය පිටි තැවරූ පැතලි පෘෂ්ඨයක් මත තුනී කරගන්න. තරමක ලොකු රවුම් කපා ගන්න. දැන් ඒවා දෙකට කපන්න. ඉන් එකක් ගෙන එහි මැදට මිශ්‍රණයෙන් ටිකක් දමා පැත්තෙන් සහ උඩින් බිත්තර සාරු ගා අලවා ගන්න. දැන් රත්වූ ගැඹුරු තෙ‍ලේ රන්වන් පාටට බැද ගන්න. ග්‍රෑම් 500ක පිටි මිශ්‍රණයකින් සමෝසා 12ක් පමණ සකසා ගත හැකිය.
එළවළු සමෝසා එළවළු සමෝසා Reviewed by CHAA MEDIA on May 14, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.