Seo Services

මාළු සමෝසා

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය
අල ග්‍රෑම් 100
සුදු මාළු ග්‍රෑම් 200
තරමක ලූනු ගෙඩියක්
කරපිංචා කිනිත්තක්
සුදුලූනු බික් 2-3ක්
කුරුඳු‍පොතු කැබැල්ලක්
ලුණු රසට අනුව
කහ ස්වල්පයක්
ගම්මිරිස් කුඩු රසට අනුව
අමුමිරිස් කරල් 4ක් පමණ
සමෝසා පිටි මෝලියෙන් අවශ්‍ය තරමට
බැද ගැනීමට තෙල්

සාදන ආකාරය
මාළු කැබැල්ල හොඳින් පිලී යන ලෙස සෝදා කුඩාම කොටු ලෙස කපා ගන්න. ලූනු, සුදුලූනු, අමුමිරිස් ඉතාම සිහින්ව කපා ගන්න.
අල තම්බා ‍පොඩිකර ගන්න. දැන් තෙල් ටිකක් ළිප තබා රත්වන විට කුරුඳු‍පොතු කැබැල්ල දමන්න. කපාගත් ලූනු, සුදුලූනු, කරපිංචා දමන්න. මාළු කැබැලි දමා තෙම්පරාදු කරගන්න. දැන් කහ, ලුණු, ගම්මිරිස්, අමුමිරිස් ඇතුළු සියල්ල දමා කලවම් කරමින් මලවා ගන්න.
තම්බා ‍පොඩිකරගත් අලද දමා හොඳින් පිසගෙන නිවෙන්නට හරින්න. දැන් පිටි මෝලිය තුනී කර අවශ්‍ය තරමට රවුම් කපා ඒවා දෙකට මැදින් යළි කපා මැදට මිශ්‍රණය තබා වටේ නවා බිත්තර සාරුවලින් අලවා ගන්න. රත්වූ ගැඹුරු තෙ‍ලේ මදගින්දරේ රන්වන් පාටට බැද ගන්න.
මාළු සමෝසා මාළු සමෝසා Reviewed by CHAA MEDIA on May 14, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.