Seo Services

සෝයා මිශ්‍ර බත

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
හැමදාම හදන එකම බතට විශේෂත්වයක් එක් කළොත් තවත් රසවත් වේවි. සෝයා මිශ්‍ර කර සකසන මේ බත විශේෂ අවස්ථාවක දී පිළිගන්වන්නත් කදිමයි. සෝයා මීට් ද එකතු කරන නිසා අමතර පෝෂණයකුත් ලැබෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය
සම්බා හාල් ග්‍රෑම් 500 ක්
සෝයා මීට් ග්‍රෑම් 100 ක්
රතුලූනු කොළ අහුරක්
කැරට් අලයක්
රම්පේ කැබැල්ලක්
කරපිංචා ඉත්තක්
ලුණු ස්වල්පයක්
පොල් තෙල්

සාදන ක්‍රමය
පළමුව සෝයා මීට් උණු වතුරට දමා පෙඟෙන්නට හරින්න. ඉන්පසු වතුර මිරිකාගන්න. වතුර ඉවත්කර ගත් සෝයා මීට් ගෙන එයට මිරිස් කුඩු හා ලුණු කුඩු ස්වල්පයක් දමා හොඳින් අතගාගන්න. ඉන්පසු ගැඹුරු තෙලේ බැදගන්න.
දැන් රතුලූනු, ලූනු කොළ සහ කැරට් අලය සිහින්ව ලියා, බඳුනක් ළිප තබා තෙම්පරාදු කරන්න. එයටම රම්පේ, කරපිංචා ද එකතු කරමින් තෙම්පරාදු කරගන්න.
ඉන්පසු අවශ්‍ය පමණ ජලය, ලුණු දමා බත පිසගන්න. බත මඳක් නිවුණු පසු බැදගත් සෝයා මිට් මිශ්‍රණය සහ තෙම්පරාදු කරගත් එළවළු මිශ්‍රණය එයට එකතුකර හොඳින් මිශ්‍රකර ගන්න.
සෝයා මිශ්‍ර බත සෝයා මිශ්‍ර බත Reviewed by CHAA MEDIA on May 14, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.