Seo Services

පැටිස් ඩෝ එක

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය -
පාන්පිටි ග්‍රෑම් 500, ලුණු ග්‍රෑම් 7
සීනි ග්‍රෑම් 10, මාගරින් ග්‍රෑම් 100
වතුර මි.ලී. 180, බේකිං පවුඩර් ග්‍රෑම් 10
පැටිස් අවන් එකක පුළුස්සා ගන්නවා නම් පමණක් ඩෝ එකට බේකිං පවුඩර් මිශ්‍ර කරගන්න. ඒවා තෙ‍ලේ බඳිනවා නම් බේකිං පවුඩර් අවශ්‍ය නැත.

සාදන ආකාරය -
පාන්පිටි වලට බේකිං පවුඩර් මිශ්‍ර කර තුන් පාරක් හලාගන්න. පිටි ටික භාජනයකට දමා එයට මාගරින් දමා අතින් ‍පොඩි කරමින් මිශ්‍ර කරන්න. එයට ලුණු, සීනි දමා කලවම් කරගන්න.
දැන් වතුර ටික ටික දමමින් අතින් හොඳ හැටි මිශ්‍ර කරමින් අතේ නොඇලෙන ගානට අනාගන්න. මේ මිශ්‍රණය හොඳින් වසා මිනිත්තු 30ක් විවේකීව තබන්න.
මේ පිටි මිශ්‍රණය ඕනෑම පැටිස් වර්ගයක් සඳහා යොදා ගත හැකිය. එසේම පැටිස් ආකාරයට සාදන වෙනත් කෑමකටද මෙම පැටිස් පිටි මිශ්‍රණය භාවිත කිරීමට පිළිවන.
පැටිස් ඩෝ එක පැටිස් ඩෝ එක Reviewed by CHAA MEDIA on May 14, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.