Seo Services

සුදුලූනු මිශ්‍ර කඩල කරිය

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය -

කඩල ග්‍රෑම් 250
සුදුලූනු ග්‍රෑම් 200
රතුලූනු ගෙඩි කීපයක්
අමුමිරිස් කරල් 2-3
කරපිංචා කිනිත්තක්
තුනපහ කුඩු මේස හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/4
ලුණු රසට අනුව
මිටිකිරි අඬු කෝප්ප 3

සාදන ආකාරය -
සුදුලූනු ටික හොඳින් කබ‍ලේ බැදගන්න. කඩල ටික තම්බා දිය බේරා ගන්න. දැන් මේ දෙවර්ගයම භාජනයකට දමන්න.
රතුලූනු, අමුමිරිස් , කරපිංචා කපා දමන්න. තුනපහ කුඩු, කහ කුඩු, මිරිස් කුඩු, ලුණු සියල්ල දමා හොඳින් මිශ්‍රකර මිටිකිරි එකතු කරන්න.
දැන් ළිප තබා මදගින්දරේ උකු කරියක් සේ පිසගන්න.
සුදුලූනු මිශ්‍ර කඩල කරිය සුදුලූනු මිශ්‍ර කඩල කරිය Reviewed by CHAA MEDIA on May 23, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.