Seo Services

පරිප්පු බෝල කරිය

 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif

අවශ්‍ය ද්‍රව්‍ය
මයිසූර් පරිප්පු ග්‍රෑම් 200
රතුලූනු ගෙඩි කීපයක්
අමුමිරිස් කරලක්
කරපිංචා කොළ කීපයක්
බිත්තරයක්
ලුණු රසට අනුව
ගම්මිරිස් කුඩු ටිකක්

සාදන ආකාරය
පරිප්පු ටික සෝදා වතුර එකතු කර බෙරි වන්නට තම්බා ගන්න. දැන් එය නිවෙන්නට හැර බඳුනකට දමා ගන්න. දැන් රතුලූනු, අමුමිරිස්, කරපිංචා ඉතාම කුඩාවට කපා ගන්න. දැන් මේ කපාගත් සියල්ල පරිප්පුවලට එකතු කර දැන් ලුණු, ගම්මිරිස් සහ බිත්තරයද එකතු කර අතින් හොඳින් අනා ගන්න. දැන් එයින් තරමක බෝල සාදා ගන්න. දැන් මේ කුඩා පරිප්පු බෝල ස්ටීමරයක දමා හොඳින් තම්බා ගන්න. දැන් එය පසෙකින් තබන්න.
දැන් මිරිසට හෝ ‍පොල්කිරි යොදා හොද්දක් සාදා ගන්න. එයට අවශ්‍ය පරිදි තුනපහ එකතු කර ළිප තබා නටවා ගෙන මේ පරිප්පු බෝල එයට බස්වා කෑමට ගත හැකිය.

උපදෙස් සූපවේදිනි චමිලා කුමාරි රණතුංග
පරිප්පු බෝල කරිය පරිප්පු බෝල කරිය Reviewed by CHAA MEDIA on May 06, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.