
අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර 5ක්මිරිස් කුඩු මේස හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
රම්පේ කැබැල්ලක්
කරපිංචා කිනිත්තක්
සියඹලා බොර මේස හැඳි 2ක්
තෙල් මේස හැඳි 1
උම්බලකඩ කුඩු මේස හැඳි 1
ලුණු රසට අනුව
සාදන ආකාරය
බිත්තර ටික හොඳින් තම්බා කටු ඉවත්කර නිවෙන්නට හරින්න. දැන් ගෑරුප්පුවක් ගෙන එහි මතුපිට සිදුරු කරගන්න. ඇතිලියක් ගෙන එයට තෙල් ටික දමා ළිප තබන්න. රත්වන විට රම්පේ, කරපිංචා, උම්බලකඩ බැදෙන්නට දමන්න.
දැන් මිරිස් කුඩු, ලුණු කුඩු, සියඹලා බොර එකතු කරන්න. හොඳින් මිශ්‍ර කරමින් නටවා ගන්න. දැන් බිත්තර ටික දමා හොඳින් කලවම් කර ගන්න. මෙය බිත්තර වටා දැවටිල්ලක් සේ පැවැතිය යුතුය.
බිත්තර ලුණුමිරිස
Reviewed by CHAA MEDIA
on
May 06, 2019
Rating:

No comments: