Seo Services

කජු මිශ්‍ර මුරුංගා කරිය

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය -
මුරුංගා ග්‍රෑම් 500
කජු මද ග්‍රෑම් 150
රතු ලූනු ගෙඩි කීපයක්
අමුමිරිස්
කරපිංචා කිනිත්තක්
උළුහාල් ඇට තේ හැඳි 1
අමුතුනපහ කුඩු තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/4
දියකිරි අඬු කෝප්ප 1
මිටිකිරි අඬු කෝප්ප 3
රසට අනුව ලුණු

සාදන ආකාරය -

කජු මද ටික පෙගෙන්නට දමා හොඳින් තම්බා ගන්න. මුරුංගාවල ‍පොතු ඉවත් කර අඟල් 2 පමණ කැබැලි කපාගන්න.
දැන් ඇතිලියක් ගෙන එය කපාගත් මුරුංගා, සිහින්ව කපාගත් රතුලූනු, අමුමිරිස්, කරපිංචා කහ කුඩු, අමුතුනපහ කුඩු, උළුහාල්, ලුණු දමා දියකිරි එකතු කර තැම්බෙන්නට හරින්න.
එය තැම්බිගෙන එනවිට තම්බාගත් කජු මද දමන්න.
දැන් මිටිකිරි ද එකතු කර හොඳින් මිශ්‍රකර නටවා ගන්න.
කජු මිශ්‍ර මුරුංගා කරිය කජු මිශ්‍ර මුරුංගා කරිය Reviewed by CHAA MEDIA on May 23, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.