Seo Services

නිවිති බත

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය -

බාස්මතී සහල් ග්‍රෑම් 500
එළඟිතෙල් අඬු කෝප්ප 1/4
සූදුරුඇට තේ හැඳි 2
තලාගත් ඉඟුරු සුදුලූනු මේස හැඳි 2
ලපටි නිවිති කොළ ග්‍රෑම් 150
එන්සාල් ඇට කීපයක්
ලොකු ලූනු ගෙඩියක්
ලුණු රසට අනුව

සාදන ආකාරය -
සාමාන්‍ය ලෙස බෙරි නොවන සේ බත පිසගන්න. නිවිති කොළවලින් අඩක් ගෙන එය වතුර ඉතා ස්වල්පයක් දමා බ්ලෙන්ඩර් කර ගන්න.
ඉතිරි කොළ ටික සිහින්ව කපා ගන්න. ලූනු ගෙඩියද ලොකු රවුම් ලෙස කපා ගන්න. දැන් ලොකු තාච්චියක් ළිප තබන්න. එළඟිතෙල් එකතු කරන්න. රත්වන විට තලාගත් ඉඟුරු, සුදුලූනු, එන්සාල් දමන්න. ලුණු එකතු කරන්න.
කපාගත් නිවිති කොළ දමන්න. අඹරාගත් නිවිතිද දමා හොඳින් කූරු ගාමින් කොළ වර්ණය රැකෙන ලෙස පිස ගන්න.
දැන් බත දමා කලවම් කරගන්න.
නිවිති බත නිවිති බත Reviewed by CHAA MEDIA on May 23, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.