Seo Services

ෆ්‍රයිඩ් සැන්ඩිවිච්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය -
සැන්ඩිවිච් පාන් පෙති අවශ්‍ය තරමට
මස්, මාළු හෝ කැමති පිරවුමක්
පාන්පිටි
ලුණු රසට අනුව
බිස්කට් කුඩු අවශ්‍ය තරමට
බිත්තරයක්
බැද ගැනීමට තෙල්

සාදන ආකාරය
පාන් පෙත්තක් ගෙන එහි හොඳින් තැවැරුම ආ‍ලේප කර ගන්න. දැන් තවත් පාන් පෙත්තක තැවරුම ගා එය ඒ මත හොඳින් තද කර අලවා ගන්න. දැන් මේ සැන්ඩ්විච් එක මුල්ලෙන් මුල්ලට කපා ත්‍රිකෝණාකාර කොටස් 4ක් සාදා ගන්න. පාන්පිටිවලට වතුර, ලුණු, බිත්තරයක් දමා උකු බැටරයක් සාදා ගන්න.
දැන් මේ පාන් කොටස් බැටරයේ ගිල්වා පාන්කුඩු මත පෙරළා ගන්න. නැවත බැටරයේ ගිල්වා පාන් කුඩු තවරා ගන්න. හොඳින් පාන් කුඩු තවරාගත් පාන් කොටස් රත්වූ තෙලට දමා මදගින්දරේ රන්වන් පාටට බැද ගන්න.
ෆ්‍රයිඩ් සැන්ඩිවිච් ෆ්‍රයිඩ් සැන්ඩිවිච් Reviewed by CHAA MEDIA on May 14, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.