Seo Services

චිකන් පැටිස්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය -
කුකුල් මස් ග්‍රෑම් 200
අල ග්‍රෑම් 100
තරමක ලූනු ගෙඩියක්
අමුමිරිස් කරල් 5-6ක්
කරපිංචා කිනිත්තක්
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව
සුදුලූනු බික් 2යි කුරුඳු කැබැල්ලක්
පැටිස් ඩෝ එක අවශ්‍ය තරමට
බැද ගැනීමට තෙල්

සාදන ආකාරය -

කුකුල් මස් කැබැල්ල ලුණු දමා තම්බා ගන්න. දැන් කුඩා කොටුවලට කපා ගන්න. අල තම්බා ‍පොඩි කරගන්න. ලූනු, අමුමිරිස්, සුදුලූනු, කරපිංචා කුඩාවට කපා ගන්න. දැන් තෙල් ටිකක් භාජනයකට දමා රත් කරන්න. රත්වන විට කුරුඳු කැබැල්ල දමන්න. ලූනු, සුදුලූනු, කරපිංචා, අමුමිරිස් දමන්න. කුකුල්මස් කැබැලිද දමන්න.

මේවා තෙම්පරාදු වන්නට හරින්න. එයට ලුණු, ගම්මිරිස් ද එකතු කරන්න. දැන් අල ටිකද දමා මදගින්දරේ ටික වේලාවක් මලවා ගන්න. දැන් කුරුඳු කැබැල්ල ඉවත් කරගන්න. ඩෝ එක තුනී කර අවශ්‍ය තරමට රවුම් කපාගෙන මිශ්‍රණය ටික ටික තබා දෙකට නවා වටේට බිත්තර සාරු ගා අලවමින් රත්වූ තෙලට දමා රන්වන් පාටට බැදගන්න.
චිකන් පැටිස් චිකන් පැටිස් Reviewed by CHAA MEDIA on May 14, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.