Seo Services

අපේ පල්ලියේ විපත්තිය ජීවිතේට අමතක වෙන්නෑ -දසුන් ශානක

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
පසුගිය පාස්කු ඉරිදා දිනයේ ඇති වූ පිපිරුම් මාලාවට හසුවීමට ගිය අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක එහි දී දිවි ගලවා ගත්තේ වාසනාවකිනි. එදින තමාට අත්විඳීමට සිදු වූ අමිහිරි අත්දැකීම පිළිබඳ දසුන් ශානක ESPNcricinfo වෙබ් අඩවිය ඔස්සේ අදහස් දක්වා තිබුණි.

27 හැවිරිදි දසුන් ශානක පසුගිය ඉරිදා උදයේ සිය උපන් බිම වූ මීගමුවේ, මීගමුව සාන්ත සෙබස්තියන් පල්ලියේ තිබුණු දේව මෙහෙයට සිය මව හා මිත්තණිය සමඟ සහභාගී වීමට නියමිතව තිබිණි. කිලෝමීටර් 170කට අධික දුරක් ගෙවා ඔහු පෙර දිනයේ අනුරාධපුර සිට නි‍ෙවසට පැමිණ තිබූ හෙයින් ඔහු එදින උදේ තීරණය කළේ පල්ලියට නොයා සිටීමටයි.

“සාමාන්‍යයෙන් මම පල්ලියට යනවා, නමුත් ඊට පෙර දින මම අනුරාධපුරයේ සිට පැමිණි නිසා මට මහන්සි දැනුණා” මම එදා නි‍ෙවසේ ඉද්දි මට ලොකු ශබ්දයක් ඇසුණා, අනතුරුව මට ඇහුණා මිනිස්සු කෑ ගහනවා පල්ලියේ බෝම්බයක් කියලා, මම ඉක්මනින් එතනට ගියා, මට කවදාවත් අමතක වෙන්නේ නැහැ එතැන වෙලා තිබුණු විපැත්තිය”

“මුළු පල්ලියම විනාශ වෙලා, සම්පූර්ණයෙන්ම කෑලි කෑලි වෙලා, මිනිස්සු ජිවිත අහිමි වුණු සිරුරු ඉවතට අදිමින් සිටියා.ඔබත් ඒ අවස්ථාවේ පල්ලියේ ඇතුළත දුටුවා නම් ඔබටත් තේරුම් යනවා එහි සිටි කිසිවෙකුත් ජීවතුන් අතර සිටීමට ඉඩක් නොමැති බව. කොටින්ම පිපිරුමෙන් විසිවූ කැබලි පල්ලියේ සැමතැනම සිටි අයව තුවාල කරලා තිබුණා.” ඔහු පළමුව සිය මව සොයා පල්ලිය පුරා ඇවිද ඇති අතර මව හමු වූ පසු ඔහු සිය මව වහාම රෝහල්ගත කළේය. “මගේ පළමු අපේක්ෂාව වුණේ මගේ අම්මාව සොයා ගැනීම, මම ඇයව සොයා ගත්ත ගමන් මම ඇයව එතැනින් පිටතට රැගෙන ආවා, ඉන් පසු මම මගේ මිත්තණිය සොයා ගියා, නමුත් මට දැනගන්නට ලැබුණා ඇය පල්ලිය ඇතුළේ නිරුපද්‍රැතව ඉන්නවා කියලා, මගේ හදවතින් විශාල බරක් නිදහස් වුනා”

“මගේ අම්මා ජනේලයක් අසල ඉඳලා තියෙන්නේ, ඒ නිසාම ඇය පිපිරීමෙන් සුළු තුවාල සහිතව ආරක්ෂා වෙලා තිබුණා, ඇය වටේට සිටි බොහෝ දෙනෙකුට දිවි අහිමි වී තිබුණා.”

“මම මගේ මිත්තණිය සොයා ගියේ ඇය ජීවතුන් අතර සිටීවි යැයි බලාපොරොත්තුවෙන් නොවේ. කෙසේ වෙතත් ඇයගේ වටේ සිටි අය ජීවතුන් අතර නොසිටියත් ප්‍රාතිහාර්යයකින් වගේ ඇය නිරුපද්‍රැතව සිටියා, අනෙක් අයගේ හානි වූ ශරීරවලින් ඇය ආරක්ෂා වී තිබුණා, ඇයගේ හිසට උල් යමක් වැදී හානි වී තිබුණි. ඇයව ශල්‍යකර්මයක් සඳහා රෝහල් ගත කරන්නට අපට හැකි වුනා” බොහෝ ශ්‍රී ලාංකිකයින් වගේම ශානක ද මේ සිදුවීම නිසා ඉන්නේ ඉතා කම්පනයකිනි.

”මම පාරට බහින්නත් බයයි, රෝහලට යන්නත් බයයි” නමුත් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ ශක්තිය, එකමුතුකම හා විශ්වාසය පිළිබඳ ඔහු සිටින්නේ දැඩි විශ්වාසයකින්ය. “මීගමුවේ කවදාවත් ජාතීන් අතර ගැටුම් ඇති වුණේ නැහැ, මෙහෙ හැමදාම ආරක්‍ෂිත දිව්‍යපුරයක් වුණා, කිසිම ජනවර්ගයක් මෙහෙ ප්‍රශ්න ඇති කර ගත්තේ නැහැ, මෙහෙ මිනිස්සු බොහොම කරුණාවන්තයි, ඔවුන් අනෙක් මිනිසුන්ගේ ප්‍රශ්නවලට හා ඕපදූපවලට හසු වන්නේත් නැහැ, මට මේ මිනිස්සු කොච්චර අහිංසක ද සාමකාමී ද කියන්න වචන නැහැ”
අපේ පල්ලියේ විපත්තිය ජීවිතේට අමතක වෙන්නෑ -දසුන් ශානක අපේ පල්ලියේ විපත්තිය ජීවිතේට අමතක වෙන්නෑ -දසුන් ශානක Reviewed by CHAA MEDIA on April 26, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.