Seo Services

මව්කිරිවල අප මෙතෙක් දැන සිටියාටත් වඩා අසීමිත ශක්තියක්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
දරුවන්ට මව්කිරි තරම් අගනා වෙනත් කිසි අහරක් නැති බව නව පර්යේෂණ මගින් යළි යළිත් තහවුරු වෙමින් ඇත. ළදරුවකුගේ සමබල පෝෂණයට හා  නිරෝගීභාවයට අවශ්‍ය ප්‍රෝටීන, මේද, විටමින්, ඛනිජ හා විවිධ එන්සයිම වර්ග සියල්ල මව්කිරෙහි නිසි පදමට කැටිවී ඇත. එය නියම වේලාවට ප‍්‍රතිදේහ නිපදවමින් ළදරුවාගේ ප‍්‍රතිශක්තිය වර්ධනය කරයි. නව පර්යේෂණයන්ගෙන් ඔප්පුවී ඇත්තේ මව්කිරිවල අප මෙතෙක් සිතා සිටියාට වඩා ශක්තියක් අන්තර්ගතව ඇති බවයි. 
 
2010 වසරේදී ගොතෙන්බර්ග් හා ලූන්ඞ් සරසවි එක්ව ස්වීඩනයේ කරන ලද පර්යේෂණයකින් හෙළිවී තිබුණේ මව්කිරිවල පිළිකා ෙසෙල විනාශ කළ හැකි සංඝටක අඩංගු වන බවයි. 2014දී එක්සත් ජනපදය හා  ඕස්ටේ‍්‍රලියාව එක්ව කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ නොමේරූ උපත් ලද ළදරුවන්ට මව්කිරි දීම නිසා ඔවුනට ඇතිවිය හැකි ඇතැම් භයානක රෝග තත්ත්වයන් පවා වළකා ගත හැකි බවය. එවන් දරුවන්ට වැළඳීමට ඉඩ ඇති necrotizing enterocolitis නමැති දරුණු ප‍්‍රතිවිපාක ඇති රෝගය මව්කිරි නිසා වැළකෙන අයුරු මේ අධ්‍යයනයේදී ඔවුන් තහවුරු කරගෙන ඇත.
 
 
හෙල්සින්කි විශ්වවිද්‍යාලය පසුගිය වසරේ කළ අධ්‍යයනයකින් පැවසෙන්නේ අවම වශයෙන් මාස 6ක්වත් මවගේ කිරි බීමට වාසනාව ලබන ළදරුවන්ගේ අන්ත‍්‍ර තුළ සිටින ප‍්‍රතිජීවක වලට ප‍්‍රතිරෝධී බැක්ටීරියා ප‍්‍රමාණය, ඊට අඩු කාලයක් මව්කිරි ලද ළදරුවන්ගේ අන්ත‍්‍රවල සිටින එවන් බැක්ටීරියාවන්ට වඩා අඩු බවයි. එහි අරුත වන්නේ අවම වශයෙන් සමසක්වත් මව්කිරි නොලද දරුවන්ට බැක්ටීරියා ආසාදනයක් ඇතිවුවහොත් ඖෂධ සෙවීම පවා පහසු නොවන බවය.
 
පසුගිය වසරේම එඩින්බරෝ සරසවිය ද මව්කිරි සම්බන්ධව  පර්යේෂණ වාර්තාවක් ප‍්‍රකාශයට පත්කර ඇත. නොමේරූ දරුවන් වෙනුවෙන් නිපදවා ඇති මව්කිරි ආදේශක වෙනුවට මව් කිරිම ලබාදුන් දරුවන්ගේ මොළයේ වර්ධනය වඩා යහපත්වන බව ඉන් පැවසේ.
 
ජර්මනියේ කොලොනේ සරසවියේ පර්යේෂකයන් තවත් අපූරු සොයාගැනීමක් කර ඇත. නාස්පුඩු තුළින් මව්කිරි දැමීමෙන්, අඩු බරැති හා මොළයට දැඩි හානි සිදුවූ නොමේරූ ළදරුවන් රැකගත හැකි බව ඒ අනාවරණයයි. එසේ කිරීමෙන් ස්නායු වර්ධනය වන බව ඔවුහු පවසති. 
 
මෙවැන්නක් වාර්තා කෙරෙන ප‍්‍රථම අවස්ථාව මෙය වුවත් නාසයට මව්කිරි දැමීම ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේදී නම් අලූත් දෙයක් නොවේ. නොමේරූ දරුවන්ගේ මොළයේ හානි පිළිසකර කිරීමට සමත් මෘදුස්ථර ෙසෙල මව්කිරිවල අඩංගු බව The European Journal of Paediatrics හි පළවූ පර්යේෂණ වාර්තාවක් ද පවසයි.
 
තවමත් ළදරු අවස්ථාවේ පැවැතියත් එම අනාවරණය මව්කිරි සම්බන්ධ නව ප‍්‍රාතිහාර්යයන් පෑමේ මූලාරම්භය බව පැවැසේ. 
 
ලොව පුරා මව්වරුන් තම කිරෙන් දරුවන් පෝෂණය කිරීම සඳහා දිරිමත් කිරීම වැදගත් බව නැවත නැවතත් අවධාරණය වෙමින් පවතී. අනාගත පරපුර නිරෝගිමත් කිරීම සඳහා එය ඉතා වැදගත් පදනමක් වනු ඇත. අඩුම තරමින් මාස 6ක්වත් ළදරුවන් තම කිරෙන් පෝෂණය කිරීමේ වාසිත් කෘත‍්‍රිම ආදේශක ඒ සඳහා භාවිත කිරීමේ අවාසිත් සම්බන්ධයෙන් මුළු සමාජයම දැනුම්වත් කිරීම අවශ්‍යය. 
 
මක්නිසාද යත් ළදරුවා වෙත රැඳෙමින් සැහැල්ලූ මනසකින් එම කටයුත්තේ යෙදීමට කාන්තාවන්ට අවශ්‍ය නිදහස හා පහසුකම් ලබාදීම ඒ සැමගේ යුතුකම මෙන්ම වගකීම ද වන හෙයිනි.
 
ඒ. ජී. දීපිකා ප‍්‍රියදර්ශනී
මව්කිරිවල අප මෙතෙක් දැන සිටියාටත් වඩා අසීමිත ශක්තියක් මව්කිරිවල අප මෙතෙක් දැන සිටියාටත් වඩා අසීමිත ශක්තියක් Reviewed by CHAA MEDIA on April 11, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.