Seo Services

අධිසීනි බීම එකකුත් ඇති ජීවිතයම නවතින්න

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අපේ සිරුරට සීනි එතරම් හිතකර නැති බව දැන් බොහෝ දෙනා දනිති. පැණිබීම වර්ග මෙන්ම ශක්තිජනක පාන අපෙන් ඈත් කිරීමට ඒවායේ ඇති අහිතකරබව පිළිබඳ නිතර මාධ්‍යවලින් දැනුවත් කෙරෙනු පෙනේ. සීනි භාවිතය අඩුකිරීමට බොහෝ දෙනා වෙහෙසෙද්දී නවතම අධ්‍යයනයකින් සොයා ගෙන ඇත්තේ දිනකට ගන්නා සීනි අධික එක් පානයකට වුව ද හෘද රෝග ඇති කිරීමේ හැකියාව ඇති බවයි.  කාන්තාවන්ට මේ පුවත ඉතා වැදගත්ය. ඒ මෙහි වැඩි අවදානම ඇත්තේ කාන්තාවන්ට බව සඳහන් හෙයිනි. 
 
ක්‍සරජමක්එසදබ නමැති ජර්නලයේ පළකොට ඇති පර්යේෂණ වාර්තාව අනුව හාවඞ්හි සෞඛ්‍ය අධ්‍යයන ආයතනයක පර්යේෂකයන් පිරිසක් එම ආයතනයේ සේවය කරන කාන්තාවන් 80,647ක් හා පිරිමින් 37,717ක් නියැදිය ලෙස ගෙන මේ පර්යේෂණය කර ඇත. ඔවුන්ගේ ජීවන රටාව හා සෞඛ්‍යය තක්සේරු කිරීම සඳහා ප‍්‍රශ්නාවලි ලබාදී 1980 පටන් මේ අධ්‍යයනය කර ඇතැයි පැවසේ. 
 
නියැදියෙන් ලබාගත් තොරතුරු, ආහාර රටාව හා වෙනත් ජීවන කරුණු හා සම්බන්ධ කරුණු සංසන්දනය කර බැලූ විට පෙනීගොස් ඇත්තේ කෙනෙකු සීනි අධික පානයන් වැඩියෙන් ගන්නා තරමට ඒ තැනැත්තා මරණය වෙත යෑම ඉක්මන් වන බවයි. මසකට වරක් සීනි අධික පානයක් ගන්නා අය හා සසඳා බලන කල එවන් පාන මසකට 1 - 4ක් ගන්නා අය අකල් මරණයකට ගොදුරුවීමේ අවදානම 1%කින් ඉහළ බව මේ පර්යේෂකයෝ පවසති. සතියකට මෙවන් පාන 2 - 6ක් ගන්නා අයගේ මේ ප‍්‍රතිශතය 6%ක් තරම් ඉහළ යයි. දිනකට පැණිබීම 1ක් 2ක් ගන්නා අයගේ ජීවිත අවදානම 14%කි. දිනකට ඊට වඩා බොන අයගේ එම ප‍්‍රමාණය 21%ක් තරම් ඉහළ යෑමෙන් මේ කාරණයේ ඇති බරපතළ බව ඔබට වැටහෙනු ඇත.
 
හදවත් ආශි‍්‍රත රෝග නිසා සිදුවන අකල් මරණ වලට වඩා පැණිබීම නිසා සිදුවිය හැකි ජීවිත අවදානම ඉහළ බව පෙනේ. දිනකට අධිසීනි බීම දෙකක්  හෝ වැඩි ප‍්‍රමාණයක් බොන අය හෘදරෝගයකට ලක්වීමේ හැකියාව 31%කින් වැඩිබව පැවසේ. මේවා පානය කරන ප‍්‍රමාණය වැඩිවෙත්ම මෙවන් මරණයක් සිදුවීමේ සම්භාවිතාව 10%කින් ඉහළ යන බවයි දැක්වෙන්නේ. 
 
‘අපේ පර්යේෂණයේ අනාවරණය සීනි අධික බීම වර්ග භාවිතය සීමා කර ඒ වෙනුවට වෙනත් පානයන්ට යොමුවීම දිරිමත් කරනවා. සෞඛ්‍යයට හිතකර හා දීර්ඝායුෂ සඳහා වතුර තමයි වඩා හොඳ’ යනුවෙන් පර්යේෂණයේ ප‍්‍රධානියා පවසයි. 
මීට පෙර අමෙරිකානුවන්ගේ ආහාර රටා සම්බන්ධයෙන් කෙරුණු අධ්‍යයනයන්හිදී හෙළිව තිබුණේ ඔවුන්ගේ සිරුරුවලට සීනි එක්කෙරෙන ප‍්‍රධාන මූලාශ‍්‍ර වන්නේ සැහැල්ලූ බීම වර්ග, පලතුරු පාන, ශක්තිජනක පාන හා ක‍්‍රීඩා සඳහා සුදුසු බව කියවෙන පාන වැනි සීනි අධික පාන බවයි. වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ දෛනික කැලරි අවශ්‍යතාවෙන් 10%කට වඩා මෙවැනි දේ වලින් ලබා නොගන්නා ලෙස වුවත් බොහෝ දෙනා එය සැලකිල්ලට නොගෙන ඇති බවයි පෙනෙන්නේ. දියුණු වෙමින් පවත්නා රටවල මේ තත්ත්වය වඩා නරක බව පැවසේ. මිනිසුන් වැඩිවැඩියෙන් නගරවලට ඇදී ඒමත් පැණිබීම නිෂ්පාදකයන්ගේ ආක‍්‍රමණශීලී වෙළඳ ප‍්‍රචාරණයත් නිසා ජනතාව පැණිබීම වලට ඇබ්බැහි වන බව පෙනේ.
 
මේ අධ්‍යයනයේ අනාවරණයන් දෙවන වර්ගයේ දියවැඩියාවට මිනිසුන් ගොදුරුවීමට බලපාන හේතු සමග ද මනාව ගැළපේ. අකල් මරණ බොහොමයකට මේ අධිසීනි පරිභෝජනය හේතුවේ. මෙනිසා ඇතිවන රෝගයන්ට ප‍්‍රතිකාර කිරීම ස\හා පිරිවැය සොයා ගැනීම පිණිස පැණිබීම සඳහා නව අණපනත් ගෙනඒමත් බදු අයකිරීමත් අවශ්‍ය බව හාවඞ්හි මහාචාර්ය වොල්ටර් විලෙට් ප‍්‍රකාශ කරයි. 
 
කෘත‍්‍රිමව සීනි රස ගැන්වූ පානයන් වුව වැඩිපුර ගැනීම අවදානම් සහගත බව පර්යේෂකයෝ පෙන්වා දෙති. ඩයට් සෝඩා යනුවෙන් වෙළඳපොළේ ඇති මේවා දිනකට 4කට වඩා ගතහොත් කාන්තාවන්ගේ ජීවිත අවදානම ඉහළ යන බව ඔවුහු පවසති. මේවා භාවිතකරන වයස අවුරුදු 50ට වඩා වැඩි කාන්තාවන් රුධිර කැටි හේතුවෙන් මියයෑමේ සම්භාවිතාව 31%ක් බව මීට පෙර කළ අධ්‍යයනයකින් හෙළිව ඇත. 29%ක් හදවත් රෝගයකට බඳුන්වීමේ අවදානම ද ඇතැයි පැවසේ. 
 
පිරිසිදු ජලය තරම් සෞඛ්‍යයට හිතකර හා ලාභදායී පානයක් ලොව කවර කලෙකවත් තිබෙන්නට නැත. සමස්ත සමාජයම වාණිජ අගයන් ඇති පානයන් වෙනුවට ජලය පානය කිරීමට පෙළඹවීමේ හා එම පුරුද්ද ඇති කිරීමේ හැකියාව කාන්තා ඔබ සතු බව මතක තබා  ගන්න. නිරෝගී පරපුරක වගකීම ඇත්තේ ඔබ අතේය
.
 ඒ. ජී. දීපිකා ප‍්‍රියදර්ශනී
අධිසීනි බීම එකකුත් ඇති ජීවිතයම නවතින්න අධිසීනි බීම එකකුත් ඇති ජීවිතයම නවතින්න Reviewed by CHAA MEDIA on April 11, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.