Seo Services

අධික උණුසුම් කාලවලදී නිරෝගී බව ආරක්ෂා කරගන්නා අන්දම

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
“මේ දිනවල කාගෙත් මුවගින් පිටවෙන්නේ “අම්මෝ .... එළියට යන්නත් බෑ ගෙදර ඉන්නත් බෑ ... ඉර එළිය දිහා බලන්න බෑ ... මාර රස්නයක් ..” වැනි කියමන්ය. 
සොබාදහමේ උරුමයන්ගෙන් ලැබෙන දේවල්වලට අපට පිටුපාන්න බැරිවුවත්, ඒ ඇතිවන යම්යම් බාධාවන්ට හුරුවීමට පුළුවන්. 
ඒ නිසාම මේ දිනවල ඇතිවෙලා තිබෙන පාරිසරික බලපෑමට මුහුණ දෙන්නේ කෙසේද ...? යන්න අයුර්වේදය තුළින් විමසා බලමු. 
 
පරිසර උෂ්ණත්වය  සිරුරට බලපාන අයුරු 
 
අපේ සිරුරේ පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධකය තමයි. වාත / පිත / කඵ කියන ත්‍රිදෝෂය සරලව කියනවානම් වාත දෝෂය මගින් සිරුරේ ස්නායුක ක්‍රියාවලිය පාලනය කරනවා. කඵදෝෂ ශරීරයේ පවතින ජලය පදාර්ථය ආශ්‍රිත ක්‍රියාකාරකම් සිදුකරනවා. පිත දෝෂය තමයි අද අපේ මාතෘකාවට බහුලවම බලපාන සාධකය වෙන්නේ. 
පිත යන්නෙන් අදහස් වෙන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත කරන අදහසට වඩා ටිකක් ගැඹුරු දෙයක්. 
 
ආයුර්වේදයට අනුව අප සිරුර නිර්මාණය වෙන්නේ පෘථිවි, ජල, අග්නි, වායු, ආකාශ යන පංච පදාර්ථයන්ගෙන් ශරීර ක්‍රියා පාලනයට දායක වන ත්‍රිදෝෂයන්ගෙන් පිත් දෝෂය නිර්මාණයට මූලික වෙන්නේ ඉහත පංච පදාර්ථයන්ගෙන් අග්නි පදාර්ථය, පරිසර උෂ්ණත්වය වැඩිවීමේදී පරිසරයේ අග්නි පදාර්ථය වැඩිවීම සිදුවෙනවා. ඊට සාපේක්ෂව ශරීරයේ අග්නි පදාර්ථය ඉහළ යද්දි ශරීරගත පිත් දෝෂය ඉහළ යාම නිරතුරුවම සිදුවෙනවා. 
පිත් දෝෂයේ ප්‍රධාන කාර්ය වන්නේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය පාලනය කිරීමයි. 
 
උෂ්ණ පරිසර තත්ත්වයකදී ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා ඉහළ යාම සිදුවෙනවා. මෙසේ ශරීර උෂ්ණත්වය ඉහළ යාම හා ඒ නිසා සිරුරේ ජලීය පදාර්ථ අඩුවීම නිසා විවිධ රෝග තත්ත්වයන් පහසුවෙන් හිස එසවීමට පුළුවනි. 
 
ශරීර උෂ්ණත්වය ඉහළ යාම නිසා ඇතිවිය හැකි රෝග තත්ත්වයන් 
 
මුත්‍රා රෝග 
 
උෂ්ණ කාලවලදී සිරුරේ පරිවෘත්තිය ක්‍රියාවලියන් නිපදවෙන බහිස්‍රාවීය අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩියි. මේ නිසා එම අපද්‍රව්‍ය සිරුරෙන් ඉවත් කරන්නට මුත්‍රා පෙරීමේ යන්ත්‍රණය වේගවත්ව සිදුවෙනවා. 
 
නමුත් ඊට සාපේක්ෂව සිරුරට ලබාගන්නා ජල ප්‍රමාණය අඩුවූවොත් මුත්‍රා පෙරීමේ යන්ත්‍රණයට බාධා ඇති වෙනවා. එවිට
* මුත්‍රා ආසාදන
* මුත්‍රා දැවිල්ල 
* මුත්‍රා ගල්
  වැනි තත්ත්වයන් ඇතිවීමට පුළුවන්. 
 
චර්ම රෝග 
 
අපගේ ශරීර ඉන්ද්‍රියන්ගෙන් උණුසුමට වැඩිපුර භාජනය වන ඉන්ද්‍රිය වන්නේ සමයි. 
උෂ්ණ කාලයදී සම ආශ්‍රිතව විවිධ 
* කුෂ්ඨ රෝග 
* කුරුලෑ
* සම අවපැහැ ගැන්වීම
* යටිපතුල් පැලීම
* සමේ කොරළතාවය
* සම වියළීම 
* මළබද්ධය
* ආමාශයික ආම්ලිකතාවය වැඩිවීම. වැනි තත්ත්ව ඇතිවිය හැකිය. 
 
හිරුගේ තාපය නිසා සිරුර විජලනය වීම වළක්වාගත හැකි ක්‍රම
 
1. ගැළපෙන ආහාර පාන භාවිතය 
මේ කාලය තුළදී ජලීය පදාර්ථයන් බහුල / ශීත ගුණයෙන් යුතු / පිත් දෝෂ සමනය කරන ආහාර - පාන ලබා ගත යුතුය. 
උදා - මුං ඇට / කව්පි / ධාන්‍ය වර්ග
* පිපිඤ්ඤා /කැකිරි / වැටකොළු / කැරට් / කොළ පැහැති වැනි එළවළු වර්ග
* පැ‍පොල් / කොමඩු වැනි ජලය බහුල පලතුරු 
* සව් කැඳ / බාර්ලි
* තැඹිලි / කුරුම්බා පාන 
* ජලය වැඩිපුර පානය මෙයට ආදේශක ලෙස කෘත්‍රිම පැණි බිම / වෙනත් කෘත්‍රිම පාන වර්ග භාවිතය නුසුදුසුය. 
සිරුර නිවන ඖෂධ පාන වර්ග 
උදා - බෙලිමල් / රණවරා / නෙල්ලි - රසකිඳ 
 
2. නිවැරදි වේලාවට ආහාර ලබා ගැනීම
කුසගින්න දැනෙන වේලාවට ආහාර ගන්න. විශේෂයෙන් උදය - දිවා ආහාර ප්‍රමාද නොකළ යුතුය. 
 
3. ජලය පානය 
අවම වශයෙන් දිනකට ලීටර් 3-4ක් වත් ජලය පානය කළ යුතුයි. ඔබ කය වෙහෙසා වැඩ කරනවා නම් මේ ප්‍රමාණය වැඩි කරන්න. 
 
4. නිසි වේලාවට ව්‍යායාම කිරීම
මේ කලායේදි උදෑසනම ව්‍යායාමයට යොමුවීම යෝග්‍යයි. 
 
5. උණුසුම් පාන වර්ග භාවිතය අවම කිරීම
 
6. සමෙහි විකෘති තා ඇතිවේ නම් වෛද්‍ය උපදෙස් මත ආ‍ලේපයක් භාවිතා කිරීම.
 
7. සරල ආ‍ලේපන නිවසේදී සකසාගත හැකි සම වියළීම වැළැක්වීමට
 
කෝමාරිකා, පිපිඤ්ඤා වැනි දෑ ආ‍ලේපය එමෙන්ම පිරිසිදු ‍පොල්තෙල් ආ‍ලේපයද සාර්ථක ක්‍රමයක්. 
 
7. ඔබ නිරෝගී නම් දිනපතා ඇඟ සේදීම / ස්නානය
8. ඔබ භාවිත කරන විදුලි පංකාව අසල වතුර භාජනයක් තැබිම.
9. අව්වට යනවානම් හිරු ආවරණ ක්‍රීම් භාවිතය වගේම කුඩයක් / තොප්පියක්/ අව් කණ්ණාඩියක් භාවිතයට හුරුවීම.
 
මෙවැනි පියවර අනුගමනය කිරීමෙන් අධික උණුසුම් කාලවලදී ඔබේ නිරෝගී බව සේම පෙනුමද ආරක්ෂා කර ගන්නට හැකිවේවි. 
 
උපදෙස්  ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද   වෛද්‍ය විද්‍යායතනයේ මූලධර්ම   අධ්‍යයනාංශයේ  වෛද්‍ය දිනුෂා බාලසූරිය
 
සැකසුම  - හේෂානි බණ්ඩාර
අධික උණුසුම් කාලවලදී නිරෝගී බව ආරක්ෂා කරගන්නා අන්දම අධික උණුසුම් කාලවලදී නිරෝගී බව ආරක්ෂා කරගන්නා අන්දම Reviewed by CHAA MEDIA on April 11, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.