Seo Services

කොස් කොත්තු

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය -
 
හොඳින් පැසුණු කොස් මදුළු 30ක් පමණ තම්බාගත් කොස් ඇට 10ක් පමණ, කැරට් ග්‍රෑම් 100, ලීක්ස් ග්‍රෑම් 100, තක්කාලි ගෙඩියක්, ලොකු ලූනු ගෙඩියක් , මිරිස් කැබැලි මේස හැඳි 1, ගම්මිරිස් කුඩු රසට අනුව, ලුණු රසට අනුව, අමුමිරිස් කරල් 2යි, සුදුලූනු බික් 2-3ක්, රම්පේ කැබැල්ලක්, කරපිංචා කිනිත්තක්, සෝයා සෝස් මේස හැඳි 1, බිත්තර 2යි, ‍පොල්තෙල් අවශ්‍ය තරමට
 
සාදන ආකාරය  -
 
මුලින්ම කොස් මදුළු සෝදා සිහින්ව කපා ස්ටීමරයක දමා බෙරි නොවන සේ තම්බා ගන්න. තම්බාගත් කොස් ඇට සිහින් පෙතිවලට කපා ගන්න. බිත්තරයක සුදු මදය ගෙන කොස් ඇට පෙති එහි දවටා රත්වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැද ගන්න. ඒවාද පසෙකින් තබා ගන්න. දැන් ලූනු, කැරට්, ලීක්ස්, තක්කාලි ඉතාම සිහින්ව කපා ගන්න. සුදුලූනු තලා ගන්න. තරමක් ලොකු පෑන් එකක් ළිප තබන්න. එයට තෙල් ටිකක් දමා රත්වන විට සුදුලූනු, ලූනු, ලීක්ස්, කැරට් දමා තෙම්පරාදු කරගන්න. 
 
දැන් එයට ලූනු, අමුමිරිස් ඉතිරි වූ බිත්තර දමා කූරු ගාමින් තෙම්පරාදු කරගන්න. සෝයා සෝස්  එකතු කරන්න. තම්බාගත් කොස් සහ බැදගත් කොස් ඇට ද තක්කාලි ද දමමින් හොඳින් මිශ්‍ර කරගන්න.
කොස් කොත්තු කොස් කොත්තු Reviewed by CHAA MEDIA on March 28, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.