ඔබේ මව, පියා දෙදෙනාම හෝ දෙදෙනාගෙන් කෙනෙකු හෝ වයසට යාමත් සමග සමහර විට
“මානසික පසුගාමී තත්ත්වය”ට පත් විය හැකියි. සමහර විට දැනටමත් බාහිර රෝග
ලක්ෂණ නොපෙන්වාම එවන් මානසික පසුබෑමකට ඔබේ පවුලේ වැඩිහිටියකු ලක් වී
සිටිනවා විය හැකියි. මෙවැනි මානසික පසුගාමී තත්ත්වයන් හඳුන්වන්නේ විශාදය
හෙවත් Depressionකියලයි.
සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ එදිනෙදා සාමාන්‍ය ජීවන තත්ත්වය පවත්වා ගැනීමට
අවශ්‍ය කරන ආර්ථික සාධක, සමාජීය සාධක, ආගමික සාධක දුර්වල මට්ටමක පැවැතීම
මෙන්ම එම පුද්ගලයාගේ ජීවිතයේ මුල් කාලයේ හෝ යෞවන කාලයේ ජීවන අත්දැකීම්
ආදියේ අන්තර් ප්‍රතිඵලයක් වශයෙන් “විශාදය” නම් වූ මානසික පසුබෑම් තත්ත්වය
ඇති වෙන්න පුළුවන්.
වයසට ගිය බොහෝ දෙනෙක් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වාම විශාදය තත්ත්වයට
පත්වෙන්න පුළුවන්. එහෙත් විශාදය නම් වූ මෙම මානසික ආතති තත්ත්වයට ගොදුරු
වූ පුද්ගගලයන් හඳුනා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඊට හේතුව වන්නේ එවැනි
තත්ත්වයන්ට පත් වූ අයට ඖෂධ ප්‍රතිකාර හෝ අවශ්‍ය උපදෙස් ලබා දීමෙන් විශාදය
තත්ත්වයෙන් මුදවා ගත හැකි නිසයි.
විශාදය තත්ත්වයට පත් වූවෙකු තුළින් මෙවැනි ලක්ෂණ ප්‍රකට වෙන්න පුළුවන්.
* කලින් ඉතා ප්‍රිය කළ දේ වලට ඇති කැමැත්ත නැති වී යාම.
* කිසිදු හේතුවක් නොමැතිවම ක්‍රියාශීලි බව ඉවත් වී යාම.
* ප්‍රිය මනාප අයුරින් මුලින් හැසිරුණූ අය එක්වරම හුදෙකලාව සිටීමට දැඩි කැමැත්තක් දැක්වීම.
* මුලදී ගෙදර දොරේ හැම වැඩකටම මුල් තැන ගත්ත ද අත්‍යවශ්‍ය පොදු කටයුත්තකදී පවා එය මගහැර සිටීම.
* කෑම බිම ගමන් බිමන් ඇඳුම් පැලඳුම් සඳහා මුලින් දැක්වූ ඇල්ම ඉවත් වී යාම.
* මුලින්ම ඉතාම කැමැත්තෙන් ආගිය විනෝද ගමන් මෙන්ම ආගමික ස්ථානවලට පවා යාම
ප්‍රතික්ෂේප කිරීම.
* කරන කියන කටයුතු වල පිළිවෙළ අක්‍රමවත් වීම මෙන්ම ශාරීරික පිරිසිදුභාවය පිළිබඳව පවා නොසැලකිලිමත් වීම.
හොඳින් විමසිලිමත් වන්න. මෙහි සඳහන් කළ විශේෂතා ඔබේ මව පියා හෝ
වැඩිහිටියකු තුළින් පැහැදිලිව දකින්නට ලැබෙනවා නම් එය වයසට යාමත් සමග
අනිවාර්යයෙන් ඇතිවන අසාමාන්‍ය තත්ත්වයක් බව ඔබ වහාම තේරුම් ගත යුතුයි. ඔබ
කළ යුත්තේ මෙවන් පුද්ගලයන් සමග ඉතා මිත්‍රශීලීව කතා බහ කිරීම හා ඇවතුම්
පැවතුම් පැහැදිලිව නිරීක්ෂණය කිරීමයි.
ඒ සඳහා තව දුරටත් ඔබ ප්‍රමාද වුවහොත් ඔවුන් සියදිවි හානිකර ගැනීමේ
තත්ත්වයට වුවත් පත් පත් විය හැකියි. මේ අනුව විශේෂයෙන්ම වයසට යන ඔබේ
මව්පියන් පිළිබඳව සැලකිලිමත් වී අවශ්‍ය යැයි හැඟුණොත් එවැන්නන් සුදුසු
වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට තරම් කාරුණික විය යුතු බවද සලකන්න.
රඹුක්කන කීර්ති එස්. කුමාර
ඔබේ වියපත් වැඩිහිටියන්ටත් ‘විශාදය’ ඇති වෙන්න පුළුවන්
Reviewed by CHAA MEDIA
on
March 28, 2019
Rating:
No comments: