Seo Services

සිනමා අඹරේ රිදී සීනුව නිහඬ වෙයි

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
(ඩයනා උදයංගනී)
සිනමා අඹරේ රිදී සීනුව යන විරුදාවලිය ලද ප්‍රවීණ ගායන ශිල්පීනි ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී  ඇය අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.
මිය යන විට ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ වයස අවුරුදු 79 කි.
හෙළ සංගීත කේෂ්ත්‍රයේ නොමැකෙන නාදයක් වූ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායන කේෂ්ත්‍රයේ අවතීර්ණ වූයේ ආදර අඹරේ ගීතය ගායනා කරමිනි.
'මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ', 'පාට පොදක් තිලක ලා නළල් තලාවේ', 'රෑ දවල් මල් හැඟුම් සිරි පානා', 'හද විමන් දොරින් එන පැතුම් පවන්' ආදී ගීත රැසක් ඇය විසින් ගායනා කරනු ලැබුවාය.
හෙළ සිනමා පසුබිම් ගීතයේ රන් ස්වරයක් වූ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායනා කර ඇති ගීත සංඛ්‍යාව 5000 ට ආසන්නයි.

උපුටා ගැනීම -  http://www.lankadeepa.lk/

සිනමා අඹරේ රිදී සීනුව නිහඬ වෙයි සිනමා අඹරේ රිදී සීනුව නිහඬ වෙයි Reviewed by CHAA MEDIA on March 29, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.