නොසිතූ නොපැතූ අවස්ථාවක සැමියා පිළිකා රෝගයෙන් මිය යෑම නිසා අසරණ වූ දරු
පවුලක් ගැන කතාවකි මේ.මොවුන් ජීවත් වෙන්නේ හෙම්මාතගම කෙහෙල්පන්නල පල්ලේගම
ප්‍රදේශයේය. මේ පවුලේ දරුවන් සිවු දෙනෙකි. කුඩාම දරුවාට මාස නවයකි. පී. ජී
.සුජීවා රෝහිණී මහත්මිය මෙසේ කීවාය. මගේ උපන් ගම පොළොන්නරුව. මම විවාහ වුණේ
මීට වසර 18 කට පමණ පෙර. අපි මේ වන කොට පදිංචි වෙලා ඉන්නේ කෙහෙල්පන්නල
පල්ලේගම වෙලේගෙදර බෝගහකොටුව බී84$1 කියන ලිපිනයේ. මගේ සැමියා අපි නොහිතපු
නොසිතූ විදිහට අපිව දාලා ගියා. සැමියාගේ වියෝවෙන් පස්සේ මේ වෙනකොට අපි අන්ත
අසරණ වෙලා ඉන්නවා. මට දරුවෝ හතරදෙනෙක් ඉන්නවා .ඊට අමතරව මගේ මහත්තයාගේ
අම්මයි මගේ අම්මයි දෙන්නම ඉන්නෙත් අපේ ගෙදරමයි. මගේ සැමියාගේ නම එන්. එස්
.බන්දුල සරත් කුමාර දිසානායකයි. ඔහු පෙදරේරු රස්සාව කළේ. එයා ඒ රස්සාව කරලා
ගෙවල් දොරවල් හදාගෙන දරුවන්ගේ බර දරමින් සිටියදී තමයි එයාට පිළිකාවක්
හැදිලා අප අතරින් වෙන් වෙලා ගියේ. මේ නිසා මගේ දරුවෝ හතරදෙනාම අද වෙනකොට
හිතාගන්නවත් බැරි අනාගතයකට මුහුණ පාලා සිටිනවා. මගේ ලොකුදුව නදීශානී
දිසානායක කෙහෙල්පන්නල කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙන ගෙන සාමාන්‍ය පෙල විභාගයට
ඉදිරිපත් වෙලා දැනට ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටිනවා. අට හැවිරිදි
නවෝද්‍යා දිසානායක දුවයි, හය හැවිරිදි සඳරුවන් දිසානායක පුතයි ,පුහුල්හේනෙ
ප්‍රාථමික විදුහලේ තුන්වන ශ්‍රේණියේ සහ පළවෙනි ශ්‍රේණීයේ ඉගෙන ගන්නවා. මගේ
අත දරුවගේ වයස මාස දහයයි .දරුවෝ ඉගෙන ගන්න දක්ෂයි .නමුත් අපි අද මුහුණපා
සිටින තත්ත්වය උඩ මේ දරුවන්ට උගන්වාගන්නේ කොහොමද කියන එකයි ලොකුම ප්‍රශ්නේ.
මහත්තයා මිය ගියාට පස්සේ අපිට උදවු කළේ පොළොන්නරුවේ ඉන්න එයාගේ අයියා.
නමුත් එයත් බයිපාස් ඔපරේෂන් එකක් කරලා දැන් අසනීප තත්ත්වයෙන් ඉන්නේ. මගේ
අතදරුවා නිසාත් ගෙදරින් පිටවෙලා රස්සාවකටවත් යන්න විදිහක් නෑ. වයසක අම්මලා
දෙන්නටත් වැඩක් පොලක් කරන්න බෑ. දරුවන්ගේ අඩුපාඩු එමට තිඛෙනවා .නමුත් මේවාට
විසඳුමක් ලබාගන්නේ කොහොමද කියන එක තමා මට හිතාගන්න බෑ.
හෙම්මාතගම සමූහ
රොහාන් සී ප්‍රේමතිලක
රොහාන් සී ප්‍රේමතිලක
හෙම්මාතගම සුජීවාගේ පවුලට පුළුවන් විදියට පිහිට වෙමු
Reviewed by CHAA MEDIA
on
March 02, 2019
Rating:
Reviewed by CHAA MEDIA
on
March 02, 2019
Rating:
















No comments: