වාද්දුව
බාලිකා විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ එම්. ඒ. පින්සාරි දෙව්මිණි
ශිෂ්‍යාව ඉකුත්දා කළුතර විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති, කළුතර කලාපීය
අන්තර් පාසල් ඉංග්‍රීසි භාෂා තරගාවලියේදී 8 ශ්‍රේණියේ සිසු සිසුවියන් සිය
ගණනක් පරාජයට පත්කරමින් ඉංග්‍රිසි භාෂා උච්චාරණ තරගයෙන් ප්‍රථම ස්ථානය
දිනාගත්තාය.
දැනට වාද්දුව බාලිකා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින ඇය ඉංග්‍රීසි භාෂා විෂයයට පමණක් නොව සෙසු සියලු විෂයයන් සඳහා දක්ෂතා රැසක්ම පෙන්නුම් කරන දීප්තිමත් සිසුවියක් බව විදුහල්පතිනි එස්.ඩී. පද්මිණී අබේසේන මහත්මිය කීවාය.
කළුතර අධ්‍යාපන කලාපීය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ඉංග්‍රීසි) ඉන්ද්‍රානි කෝම්මල මහත්මිය විසින් වාර්ෂිකව සංවිධාන කරන ලද මේ කළුතර කලාප ඉංග්‍රීසි භාෂා සහතික ප්‍රදානෝත්සවයේදී වාද්දුව බාලිකා විදුහල්පති එස්.ඩී. පද්මිනී අබේසේන මහත්මිය විසින් තම විදුහලේ දක්ෂ සිසුවියක් වන එම්. ඒ. පින්සාරි දෙව්මිණි ශිෂ්‍යාවට හිමි එම පදක්කම හා සහතික පත්‍රය සමග.
http://www.dinamina.lk

ඉංග්‍රීසි භාෂා උච්චාරණ තරගයෙන් දෙව්මිණි සිසුවියට පළමු තැන
Reviewed by CHAA MEDIA
on
March 02, 2019
Rating:
Reviewed by CHAA MEDIA
on
March 02, 2019
Rating:

No comments: