Seo Services

වකුගඩු වනසන වැරදි පුරුදු!

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
විජලනය
ඔබ ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකරනවා නම් වකුගඩුවල ක්‍රියාකාරීත්වය සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ බසියි. මෙම තත්ත්වය වකුගඩු තුළ ගල් හට ගැනීම දක්වා බලපාන අතර දිගුකල් පවතින වකුගඩු ආබාධ දක්වාත් මෙම තත්ත්වය බලපායි. දියවී යාමට ලක් නොවන ඛනිජ වකුගඩු අභ්‍යන්තරයේ තැන්පත් වීම මගින් වකුගඩු ගල් ඇතිවන අතර වකුගඩු ගල් ඇති වූ විට දිගුකල් පවතින වකුගඩු රෝග මෙන්ම දියවැඩියාව සහ අධි රැධිර පීඩන තත්ත්වයන් පවා ඇති කරනවා. ප්‍රමාණවත් පරිදි ජලය පානය කරනවා නම් මෙම තත්ත්වය පහසුවෙන්ම මගහරවා ගන්නට පුළුවන්.
දුම්පානය
දුම්පානය වකුගඩු අක්‍රියතාවයට ප්‍රධාන හේතුවක් බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
ප්‍රෝටීන් වැඩිපුර ලබා ගැනීම හෙවත් මාංශ අධික පරිභෝජනය
දිගුකලක් පවතින වකුගඩු රෝගයකින් පෙළෙන අයෙක් ප්‍රෝටීන්වලින් අධික ආහාර රටාවක් අනුගමනය කරනවා නම් “hyperfiltration” නමැති වකුගඩු රෝගී තත්ත්වය ඇති වනවා.
අධික සීනි පරිභෝජනය
සීනි වැඩිපුර ආහාරයට ගැනීම මගිනුත් වකුගඩුවලට විශාල හානියක් ඇති කරනවා.
පැණි බීම වර්ග
සීනි සංඝටක අධික බීම වර්ග පානය කිරීම මගින් වකුගඩුවලට හානි සිදු කර නිදන්ගත වකුගඩු රෝග අවදානම දක්වා ගෙන යනවා.
වේදනානාශක ඖෂධ
වේදනානාශක ඖෂධ දිගුකලක් භාවිතා කිරීම මගින් වකුගඩු අවදානම දෙගුණ වන බව අධ්‍යයනයන් විසින් පෙන්වා දෙනවා.
විවිධ වර්ගයේ ඖෂධ පානය කිරීම
Ibuprofen, aspirin සහ acetaminophen වැනි ඖෂධ වර්ග පානය කිරීම මගිනුත් වකුගඩුවලට හානි සිදු කරනවා.
මැග්නීසියම් ඌනතාවය
වකුගඩු තුළ ගල් නිර්මාණය වීම සහ වකුගඩුවලට හානි ඇතිවීමට මැග්නීසියම් ඌනතාවය බලපානවා.
අධික ලෙස ව්‍යායාම සිදු කිරීම
අධික ලෙස ව්‍යායාම සිදු කිරීමෙන් වකුගඩුවලට හානි සිදු වන බව පැවසෙන අතර ව්‍යායාම ක්‍රමයක් අනුගමනය කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ද මේ නිසා අතිශය වැදගත් වනවා.
ප්‍රමාණවත් පරිදි නින්දක් නොලැබීම
වකුගඩු රෝගවල පූර්ව රෝග ලක්‍ෂණය වන Hyper filtration තත්ත්වය ඇතිවීමට ප්‍රමාණවත් පරිදි නින්ද නොලැබීම බලපානවා.
වකුගඩුවල ආරක්‍ෂාව තහවුරු කර ගැනීමට ඔබේ අවධානය මේ ගරන දැඩි ලෙස යොමු කරන්න.
- Web MD
වකුගඩු වනසන වැරදි පුරුදු! වකුගඩු වනසන වැරදි පුරුදු! Reviewed by CHAA MEDIA on March 02, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.