Seo Services

ඇතැම් වෙලාවට අපට හුස්ම ගැනීම අපහසු වන්නේ ඇයි?

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
හුස්ම ගැනීමේ අපහසුව කොතරම් මාරාන්තික තත්ත්වයක්දැයි වැටහෙන්නට කෙනෙකු එවැනි අවස්ථාවකට මුහුණ දිය යුතුමය. ඔබට නාසය සහ මුඛය වසාගෙන එක විනාඩියක් හෝ සිටිය හැකිද? ඊට හේතුව ආශ්වාස වාතයේ ඇති ඔක්සිජන් අපේ ශරීරය විසින් දිගින් දිගටම බලා‍පොරොත්තු වීමයි.
හුස්ම පපුව තුළට ඇදගත් විටදී පපුව පිරෙන්නේ ඊළඟට වාතය ‍ලේ සමග මිශ්‍ර කරන්නටයි. එලෙස පපුව තුළට ඇදගත් හුස්ම ස්‍පොන්ච් දෙකක් ආකාර ගත් පෙණහලු තුළට පැමිණීම සිදුවේ. ඒවා මිරිකෙන විටදී එහි වූ වාතය අපේ ශරීරය විසින් පිටකරනු ලබන කාබන්ඩයොක්සයිඩ් සමග මිශ්‍ර කර නැවත පැමිණි පාරෙන්ම උගුරෙන් නාසයටත් පැමිණ ඉන් බැහැරව වාතලයට එකතු වන්නේ අපටත් නොදැනෙන්නටයි. එහෙත් යම් තැනකදී මෙම ක්‍රියාවලිය අවහිර වුවහොත් හුස්ම ගන්නට අපහසු වී මුහුණ දෙන්නට සිදුවන තත්ත්වය අමුතුවෙන් පැවැසිය යුතු නැත.
උගුරේ යමක් සිර වූ විටදී එක්වරම හුස්ම ගන්නට නොහැකි වන අයුරු සමහර විට ඔබද අත්දැක ඇති. උගුරෙන් පහළට විහිදී ගසක අතු ආකාර ගත් පපුව පුරා විහිදුණු බට පද්ධතිය අවහිර වූ විටදී හුස්ම පිටකර ගැනීම අපහසු වේ. විටින් විට හට ගන්නා මෙම රෝගී තත්ත්වය ඇදුම ලෙස හඳුන්වයි. දුම්බිමට ඇබ්බැහි වූ සමහරුන් සදාකාලිකවම මෙම අවහිරතාවයත් සමග ජීවත් වන අවස්ථා තිබේ. පෙණහලු වලින් කොටසක් අකර්මණ්‍ය වී කාලයක් පුරා පැවැතීම ක්ෂය රෝගයේදී සිදුවේ. පිළිකාවක් හේතුවෙන්ද මෙබඳු තත්ත්වයක් හට ගන්නා අවස්ථා තිබේ.
නියුමෝනියාව වැලඳී දින කිහිපයක් ගත වන විටදීද හුස්ම ගන්නට අපහසුතාවයක් ඇතිවිය හැකිය. පෙණහලුවලට පිටතින් වාතය, වතුර, සැරව හො ්‍ලේ එක්රැස්වී පෙණහලු පපුව තුළදී තෙරපීමකට ලක් වූ විටදීද හුස්ම ගන්නට අමාරු වේ. පෙණහලු වල වාතය පිරුණු කුඩා කුටීරයක්, හදිසියේ හටගන්නා කැස්සක් හෝ කිවිසුමක් නිසා ඇතිවන තෙරපීමෙන් එක්වරම එය පිපිරී ගොස් මාරාන්තික තත්ත්වයක් උද්ගත වන අවස්ථාද කලාතුරකින් හමුවේ.
තවත් සමහර රෝගවලදී මාංශපේෂී අකර්මණ්‍ය වී පුවට හුස්ම පුරවා ගැනීම අපහසු විය හැකිය. ‍ලේ නහරයක ‍ලේ කැටියක් හටගත් විටදී පෙර කී ආකාරයට පපුවට ලැබෙන ආශ්වාස වාතයේ ඇති ඔක්සිජන් ශරීරය තුළට ඇතුළුකර ගන්නට නොහැකි වන නිසා එසේ නැතිනම් ඔක්සිජන් ‍ලේවල දියකර ගැනීම අපහසු වන නිසා හුස්ම ගැනීමේ අවහිරතා ඇතිවිය හැකිය.
කකු‍ලේ නහරයක හටගත් ‍ලේ කැටියක් එක්වරම පපුව තුළට පැමිණ පපුව තුළදී විශාල ‍ලේ නහරයක් සිර කරවූ විටදීද එබඳු තත්ත්වයක් ඇතිවිය හැකියි.
පපුව තුළට පැමිණි හුස්ම ‍ලේවල දිය වූ පසුව කෙළින්ම ගමන් කරන්නේ හදවතේ වම් පැත්තටයි. නමුත් හදවතේ වම් පැත්තේ හටගෙන ඇති යම් යම් රෝගාබාධ නිසා හදවත තුළට ‍ලේ භාර ගැනීම ප්‍රතික්ෂේප කරන අවස්ථා තිබේ. එවිට වැසූ දොරක් අසල සෙනඟ තද වන ආකාරයට පපුවද තෙරපීමකට ලක් වී හුස්ම ගැනීම අපහසු විය හැකියි. එවිට ‍ලේවල පරිමාව අඩු කරන්නට ‍ලේවල ඇති වතුර යම් ප්‍රමාණයක් පිටවන්නට ඖෂධ ලබා දීම සිදු කරයි. බොහෝ විට එක්වරම මෙවැනි තත්ත්වයක් හෘදයාබාධයකට පසුව හටගන්නා තත්ත්වයකි. දීර්ඝකාලීනව පවත්නා හුස්ම ගැනීමේ අපහසුතාවයට හේතුව හදවතේ දොරවල් ආකාර ගත් වැල්ව් ඇරීමේ හෝ වැසීමේ යම් දුර්වලතාවයක් විය හැකියි.
හදවතේ මාංශ පේෂි අකර්මණ්‍ය වී හදවත විශාල වීම නිසාද මෙබඳු හුස්ම ගැනීමේ අවහිරතා ඇතිවිය හැකිය.
මේ ආකාරයට හුස්ම හිරවන්නට හේතුව හඳුනා ගන්නට රෝගියා ප්‍රකාශ කරන දේත්, ශරීර පරීක්ෂාවන් හා ඊට අමතරව ඊසීජී, එක්ස් කිරණ, රුධිර පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණ අවශ්‍ය වේ. වඩාත් නිවැරදි ලෙස ඔක්සිජන් සහ කාබන්ඩයොක්සයිඩ් සංයුතිය නිර්ණයකර ගැනීමට ධමනියකින් රුධිරය ඉවතට ගෙන සිදුකරනු ලබන පරීක්ෂණයක් ද වේ. එහිදී ඉතාමත්ම නිරවද්‍ය ලෙස ශරීරයේ ඔක්සිජන් සහ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය හඳුනා ගන්නට හැකියාව ලැබේ.
දියවැඩියාව උත්සන්න වීම, වකුගඩු අකර්මණ්‍ය වීම, විෂබිජ ශරීරගත වීම වැනි ‍ලේ වලට ඇසිඩ් එකතු වන සමහර රෝගී තත්ත්වයන් නිසාද හුස්ම ඉක්මනින් ඉක්මනින් ගැනීමේ අවශ්‍යතාවය මතු වේ. එවැනි අවස්ථාවකදී ඔක්සිජන් අඩුවීමක් නොමැති නිසා ඔක්සිජන් ලබා දීමෙන් ඵලක් වන්නේ නැත. එවැනි තත්ත්වයක් හඳුනා ගැනීමටද ධමනියකින් ලබා ගන්නා ‍ලේ පරීක්ෂාවට ලක් කළ යුතුවේ.
හුස්ම එනවා මදි ... මම හරිම ආයාසයකින් තමයි හුස්ම ගන්නේ යයි පවසමින් වෛද්‍යවරුන් හමුවට පැමිණෙන රෝගීහු සිටිති. එබඳු තත්ත්වයකට හේතුව දැඩි මානසික පීඩනයකට රෝගියා පත්ව සිටීම බව දිගින් දිගටම සිදුකරන ප්‍රශ්න කිරීම්වලදී වෛද්‍යවරන්ට හඳුනා ගන්නට අපහසු නොවේ.  ඒ ආකාරයට මානසික පීඩාකාරී තත්ත්වයන් හේතුවෙන් 'හුස්ම එනවා මදි' බව පවසන රෝගියෙකුට ඔක්සිජන් ලබාදීම මගින් ක්ෂණික සහනයක් සැලසිය හැකිවේ.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
උත්පලා සුභාෂිනී ජයසේකර
ඇතැම් වෙලාවට අපට හුස්ම ගැනීම අපහසු වන්නේ ඇයි? ඇතැම් වෙලාවට අපට හුස්ම ගැනීම අපහසු වන්නේ ඇයි? Reviewed by CHAA MEDIA on March 06, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.