අවශ්‍ය ද්‍රව්‍ය :-
වට්ටක්කා ග්‍රෑම් 500නිවිති දළු ග්‍රෑම් 200
සූදුරු කුඩු තේ හැඳි 1/2
කහ කුඩු තේ හැඳි 1/2
මිරිස් කුඩු තේ හැඳි 1/2
සිහින්ව ගා ගත් පොල් අඬු කෝප්ප 2ක්
සුදු ලූනු බික් 3ක්
කරපිංචා කිනිත්තක්
ලොකු ලූනු ගෙඩියක්
තෙල් මේස හැඳි 2ක්
රම්පේ කැබැල්ලක්
අබ ඇට තේ හැඳි 1/2
ලුණු රසට අනුව
සාදන ආකාරය :-
වට්ටක්කාවල ඇට ඉවත් කර සෝදා තරමක කැබැලි වලට කපා ගන්න. නිවිති ද සෝදා අතින් තරමක කැබැලි වලට කඩා ගන්න. දැන් තෙල් ටික් රත්වන්නට තබන්න. එයට රම්පේ, කැබැල්ල සහ අබ ඇට ටික දමන්න. බැදීගෙන එන විට වට්ටක්කා දමා වතුර ද එකතු කර ලුණුද දමා තැම්බෙන්නට හරින්න. එය තැම්බෙන තුරු පොල්, සමග ඉතිරි කලමනා සියල්ල දමා වතුර ඉතා ස්වල්පයක් එකතු කොට, හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. දැන් මේ පොල් ද්‍රාවණය, වට්ටක්කා වලට එකතු කර මද ගින්දරේ නටවා ගන්න.
නිවිති මිශ්‍ර වට්ටක්කා කරිය
Reviewed by CHAA MEDIA
on
March 06, 2019
Rating:
No comments: