Seo Services

බිත්තර පිසින විවිධ ක්‍රම

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
ඔම්ලට්
බැද ගන්නා ඕනෑම බිත්තරයකට බොහෝ අය ‘ඔම්ලට් දානවා’ යැයි කීවද ඔම්ලට් එකක් නම් එය සෑම විටම බිට්කර පෑන් එකකට දමා බැද ගත් බිත්තරයක් විය යුතුය. අඩුම තරමින් ගෑරුප්පුවකින් ගසා හෝ කහමදය හා සුදු මදය මිශ්‍ර වූ පසුව බැද ගන්නා බිත්තරයකි.
බුල්ස් අයි 
බුලස් අයි එකක් නම් එය කිසිවිට බිට් කරන්නේ නැත. එහි කහමදය කැඩෙන්නට බැරිය. ගවයාගේ ඇසක් ආකාරයට සුදු මදය අතර කහමදය කවාකාරව සිටින සේ බැදගත යුතුය. එලෙසම බුලස් අයි එකක දෙපැත්තම බැදෙන්නේද නැත.
ඕවර් ඊසි 
බුලස් අයි එකක මෙන්ම කහමදය කැඩෙන්නේ නැත. එහෙත් වෙනසකට ඇත්තේ දෙපැත්තම බැද ගැනීමය. එහෙත් කහමදය වඩා ඝණ වන තුරු බැදීමක් සිදු වන්නේද නැත. අනෙක් පැත්ත යාන්තමට බැද ගනී. ආහාරයට ගන්නා විට කහමදය තරමක් වැක්කෙරන ආකරයකට පැවතිය යුතුය.
ෆ්රයිඩ් එග්
ෆ්රයිඩ් එග් එකක් නම් තාච්චියට බිත්තරය කඩා දැමූ පසු හොඳින් දෙපැත්තම බැදෙන්නට බැද ගත යුතුය.
ස්ක්‍රැම්බල්ඩ්
පෑන් එකට කඩා දමන බිත්තරය එහිදි කහ මදය හා සුදු මදය හැන්දකින් මිශ්‍ර කරන අතරේ බැද ගත යුතුය. ස්ක්‍රැම්බල්ඩ් කිරීමද හාඩ් ස්ක්‍රැම්බල්ඩ් හා සොෆ්ට් ස්ක්‍රැම්බල්ඩ් ලෙස දෙයාකාරයකට සාදනු ලබයි. සොෆ්ට් ස්ක්‍රැම්බල්ඩ් කිරීමේදී තෙත ගතිය රැඳෙන ආකාරයට එතරම් බැදෙන්නට ඉඩ නොතබා ඉතා කුඩා කැබලි වනසේ ඉවතට ගනී. එහෙත් හාඩ් ස්ක්‍රැම්බල්ඩ් කළ විට එහි තෙත ගතියක් ඉතිරි නොවන්නට බැද ගැනීම සිදු කරන අතර එය විශාල කැබලි කිහිපයක් ආකාරයට සකසා ගත යුතුය.
බිත්තර තම්බා ගැනීමේදීද එය ෆුල් බොයිල්ඩ් සහ හාෆ් බොයිල්ඩ් ලෙස දෙයාකාරයකි. ෆුල් බොයිල්ඩ් ලෙස සකස් කර ගැනීමේදී විනාඩි අටක් නවයක් පමණ කාලයක් බිත්තරය තම්බා ගත යුතුය. එහෙත් හාෆ් බොයිල්ඩ් නම් එය තම්බා ගන්නේ විනාඩි පහක් පමණ කාලයක් පමණකි.
උත්පලා සුභාෂිනී ජයසේකර
බිත්තර පිසින විවිධ ක්‍රම බිත්තර පිසින විවිධ ක්‍රම Reviewed by CHAA MEDIA on February 12, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.