අවශ්‍ය ද්‍රව්‍ය:-
දියලබු ග්‍රෑම් 500කුඩා ඉඟුරු කැබැල්ලක්
සුදු ලූනු බික් 2-3ක්
රතු ලූනු ගෙඩි 3,4ක්
අමු මිරිස් කරල් 2-3ක්
තෙල් මේස හැඳි 4
කහකුඩු තේ හැඳි 1/2
ලුණු රසට අනුව
කරපිංචා කිනිත්තක්
අබ ඇට තේ හැඳි 1
සිහින්ව ගාගත් පොල් අඩු කෝප්පයක්
සාදන ආකාරය:-
දියලබු පොතු මද ඉවත් කර හොඳින් සෝදා වතුර ස්වල්පයක් සහ ලුණු කහ දමා තැම්බෙන්නට තබන්න. ඒ අතරේ පොල්වල සුදු ලූනු, ඉඟුරු, කරපිංචා දමා අඹරා ගන්න. දැන් තෙල් ටිකක් ළිප තබා රත්වන විට අබ ඇට දමා පුපුරවා ගන්න. එයට තම්බාගත් දියලබු සමග අඹරා ගන් පොල් මිශ්‍රණය දමා කලවම් කර මඳ ගින්දරේ පිස ගන්න.
දියලබු පොල් මැල්ලුම
Reviewed by CHAA MEDIA
on
February 12, 2019
Rating:
Reviewed by CHAA MEDIA
on
February 12, 2019
Rating:
















No comments: