Seo Services

දකුණේ ක්‍රමයට කොස් ඇටවලින් කෑම

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
කොස් ඇට කට්ලට්ස්
වුවමනා ද්‍රව්‍ය
තම්බා සිහින්ව අඹරාගත් කොස් ඇට 50, ගම්මිරිස් කුඩු තේ හැඳි 2-3ක්, බිත්තර සුදු මද 1, පාන් කුඩු, ලුණු, ‍පොල්තෙල්
සාදන ක්‍රමය
අඹරාගත් කොස් ඇට වලට ලුණු ගම්මිරිස් දමා බිත්තර කහමදය එකතු කර අනන්න. ඊට පසු කුඩා බෝල සාදා බිත්තර සුදු මදය තවරා පාන් කුඩු දවටා බදින්න.
කොස් ඇට මිරිස් කට්ලට්ස්
වුවමනා ද්‍රව්‍ය
මාළුමිරිස් ග්‍රෑම් 500, තම්බා සිහින්ව අඹරාගත් කොස් ඇට 50, හීනියට කපාගත් රතු ලූනු ග්‍රෑම් 200, බිත්තර 2ක්, ලුණු, ‍පොල්තෙල්, පාන් කුඩු, ගම්මිරිස් කුඩු

සාදන ක්‍රමය
තෙල් ටිකක් භාජනයකට දමා ළිපේ තියන්න. එය රත් වූවාට පසු බිත්තර කහමද, රතුලූනු දමා හැඳි ගාන්න. ඊට පසු කලින් සකස් කළ කොස් ඇට  දමා ලුණුද එකතු කර කලවම් කර මඳ වේලාවකට පසු එය ළිපෙන් ඉවතට ගන්න. දැන් ගම්මිරිස් කුඩු එක්කර මිශ්‍රණය අනන්න.
මාළුමිරිස් ගෙන නැටි ඉවත් කර ඇටද ඉවත් කර හොඳින් සුද්ද කරන්න. කලින් අනාගත් මිශ්‍රණයෙන් ටික ටික ගෙන මිරිස් කරල් ඇතුළට පුරවන්න. ඊට පසු එම මිරිස් කරල් ඉරටු ගසා බිත්තර සාරුවල තවරා පාන් කුඩුවල තවරා තෙ‍ලේ බදින්න.
මාතර කෝට්ටෙගොඩ ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය බර්ටි උබේසිරි


දකුණේ ක්‍රමයට කොස් ඇටවලින් කෑම දකුණේ ක්‍රමයට කොස් ඇටවලින් කෑම Reviewed by CHAA MEDIA on February 12, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.