Seo Services

චීස් රස බේරෙන කේක් එකක්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
පොඩිත්තො වගේම වැඩිහිටි අයත් මුහුදු පතුළ බලන්න හරිම ආසයි. ඒක පුදුම විසිතුරු ලෝකයක්. බොහෝ දෙනා මින් මැඳුර නරඹන්න යන්නෙත් ඒ කැමැත්ත නිසාමයි.
විවිධාකාරයේ මාළු වර්ග, විසිතුරු මුහුදු පැළෑටි, කොරල්, බෙල්ලෝ, සිප්පි කටු, මුහුදු සතුන් මේ විසිතුරු ලොවේ සාමාජිකයින්. පොඩිත්තො ආස මේ විසිතුරු ලොව ඔවුන්ගේ උපන්දිනය දවසේ නිවෙසටම ගේන්න පුළුවන් නම් ඔවුන් කොතරම් සතුටු වෙයිද?
අද අපි සූදානම් වෙන්නේ විසිතුරු මුහුදු පතුළ චීස් රස වෑහෙන කේක් එකක් මතට ගෙන එන්නයි. මෙහි ලස්සන වගේම රසයෙනුත් අඩුවක් නැති බව ඔබටම වැටහේවි.
යට කොටස සඳහා කිලෝ 2ක කේක් එකක් සහ උඩ කොටස සඳහා කිලෝ 1ක කේක් එකක් වශයෙන් මේ සඳහා කේක් කිලෝ 3ක් යොදාගනු ලබනවා. කේක් සම්පූර්ණයෙන්ම බටර් ක්‍රීම්වලින් ආවරණයකර ෆොන්ඩන්ට්වලින් ද ආවරණය කරගනු ලබනවා. අනෙකුත් සියලුම නිර්මාණ ෆොන්ඩන්ට්වලට තයිලෝ පවුඩර් එකතුකිරීමෙන් සාදාගත හැකියි.

කිලෝ එකක කේක් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
සීනි ග්‍රෑම් 250 ක්
බටර් ග්‍රෑම් 250 ක්
බිත්තර 5 ක්
කැමැති චීස් වර්ගයකින්
ග්‍රෑම් 80 ක්
පිටි ග්‍රෑම් 250 ක්
බේකිං පවුඩර් තේ හැඳි 2 ක්
වැනිලා තේ හැඳි 1 ක්

අයිසිං සීනි ග්‍රෑම් 700 ක්
චීස් රස බේරෙන කේක් එකක් චීස් රස බේරෙන කේක් එකක් Reviewed by CHAA MEDIA on February 19, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.