Seo Services

සිනහවුණු හදවතේ -ස්නේහා අංජානි

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 

සිනහවුණු හදවතේ කඳුලක්
ඉතිරි කර හැර ගිය දිනේ
දෙපස යන මඟ කඳුළු තිබුණත්
නොදුටු සේ ඇයි දුර ගියේ

සුසුම් සර මුසු හාදු නළලක
නුරාවක් නොදැනුණු සෙනේ
තෙරක් නොතෙරක් නොදැන පෙම් කළ
නිසාවට මා තනි කළේ
මා තනි කළේ

සිනහවුණු හදවතේ...

විඩා බර නෙතු කෙවෙනි අග පිපි
කඳුළු සිතුවම් රුව මැවේ
හදේ නොමියෙන තැනක සඟවා
නික්ම යමි මතකෙන් නුඹේ
මතකෙන් නුඹේ

සිනහවුණු හදවතේ...

ගායනය - ස්නේහා අංජානි
  පද රචනය - දුලී ගුණවර්ධන
  සංගීතය - දර්ශන වික්‍රමතුංග
සිනහවුණු හදවතේ -ස්නේහා අංජානි සිනහවුණු හදවතේ -ස්නේහා අංජානි Reviewed by CHAA MEDIA on February 17, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.